
(අංජුල මහික වීරරත්න)
රට වැටෙන බව අවුරුදු දෙකකට කලින් දැනගෙන හිටියත් ඒ බව කියන්නට තම බිරිඳ හැර වෙන කවුරුවත් නොසිටි බව මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊයේ(18)පැවසීය. ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මේ බව පැවසූයේ ධුරයෙන් විශ්‍රාම යාම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති උත්සවය අමතමිනි.
ඒ මානසික පීඩනය තවමත් දැනෙන බව කී සිරිවර්ධන මහතා තමන් පැවසූ දේවල් මුදල් මණ්ඩලයේ හෝ වෙනත් කිසි කෙනෙක් ගණන් නොගත් බවද සඳහන් කළේය.
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති උත්සවයේදී මහින්ද සිරිවර්ධන මහතා මෙසේද කීය.
"අප්‍රේල් 8 වෙනිදා මම වැඩ බාර ගත්ත දවසේ නෙමෙයි,මේ රට වැටෙන බව මම අවුරුදු දෙකකට කලින් දැනගෙන හිටියා.මට මේක කියන්න වෙන කිසිම කෙනෙක් හිටියේ නෑ.මම ගවනර්ට කිව්වා.ගෙදර ගිහිල්ලා මම හැමදාම කිව්වෙ මගේ බිරිදට.ඒ මානසික පීඩනය තාමත් මට දැනෙනවා.
මේ අර්බුදය සමග මා අවුරුදු පහක් දුක් වින්ද මනුස්සයෙක්.මම මේක දැනගෙන හිටියා .ඒත් කරන්න දෙයක් තිබුණේ නෑ .මම කියපු දේවල් කවුරුත් ගණන් ගත්තේ නෑ.මුදල් මණ්ඩලයේ ගණන් ගත්තෙත් නෑ. ඒ දවස්වල හිටපු අධිපතිවරු ගණන් ගත්තෙත් නෑ.මේ තත්ත්වය එනවා කියලා සක්සුදක් සේ පැහැදිලි වුණා.නමුත් ඒ අනතුරු ඇඟවීම් වලට නිසි අවධානයක් යොමුවුණේ නෑ.මේ අර්බුදයේ 2020 සිට අද වනතුරු ඉන්න එකම ජ්‍යෙෂ්ඨයා මම වෙන්න පුළුවන්.ඒ අත්දැකීම් වලින් තමයි මම මේ ඉතා වගකීමෙන් කියන්නේ යනුවෙන්ද මහින්ද සිරිවර්ධන මහතා කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාභය පොහොර තහනම් කරනකොට, කහ තහනම් කරනකොට රට වැටෙනවා කියලා කවුරුත් දැනගත්තා. එහෙම අමාරු කාලෙකත් රට අමාරුවේ වට්ටන්න කතා කරපු පිරිසක් තමයි දැන් ආණ්ඩුව කරන්නේ. අමතක නම් මතක් කරගන්න විදේශ විනිමය එවන්න එපා කියලා කිව්වේ කවුද කියලා...!
එතකොට රනිල් ආවට පස්සේ මොකුත්ම වුනේ නැද්ද?
වැටත් නියරත් ගොයම කානම් කාට කියන්නද ඒ අමාරුව කීවහේ දැන් ඉතින් ගෙදර ගිහිල්ලා නෝනත් එක්ක විශ්‍රාමික දිවිය ගැන හිතන්න. අපෙන් සුභ පැතුම්
බණ්ඩාර මල්ලී, රනිල් කියන්නේ කාගේවත් ආවවාද අහන කෙනෙක් නෙමෙයිනේ . සියල්ල දත් කෙනෙක්. ඉතින් ඔයා කියපු දේවල් අහයිද ?
රට වැටෙන්න දර දිය ඇද්දේ ගොවිතැන් කරලා දෑතේ වීර්යයෙන් ජීවත් වෙන අපිද? තමන්ගේ බඩගෝස්තරය රැකගන්න දේසපාලුවන්ට කඩේ යමින් යමින් වැල යන පැත්තට මැස්සගහන ටයි කෝට්ඔ දමන ඔහෙලද? අනූරටත් ලැජ්ජා නැද්ද මේවගෙ හෘද සාක්ෂියක් නැති එවුන්ට පදක්කම් දෙන්න?
කොවිඩ් ගැන කවුරුත් කතා නෑ. ගෝඨාභය මහතා ගෙනපු මහ බැංකු අධිපති තුමා තමයි තාම ගේම ගහන්නෙ. රනිල් මහතත් සෑහෙන දුරට ඇදගෙන ආවා. දැන් කවුරුත් බයිලා ගහනවා
මෙයට පෙර පැවැත්වූ ජනාධිපතිවරණ හා මහා මැතිවරණ අවස්ථාවල රනිල් කොච්චරවත් කිව්වා... ඒත් ඔහුට විරුද්ධ පක්ෂවල අයගේ කතා විශ්වාස කල ඡන්දදායකයින් රනිල් කියපුදේ විශ්වාස නොකර ධනරින ගොතා කියපු මහ දවාලේ මහ බැංකුව කැඩූ හොරා කියමින් ඔහුව පරාජයට පත්කළා... මෙතුමාත් එම අදහසේම සිටියත් දුරදිග නොබලා කටයුතු කරන එවෙලේ කට බඩ ගැන පමණක් හිතන ඡන්ද දායකයින් සිටිනතුරු මේ රට හදන්න නම් බැහැ...
කරපු දේවල් ගැන තමයි අද කීවේ. මතක නැද්ද මහ බැංකුවට මහ දවල් දුන්නු ගේම..?
ඕවා ඉතින් දැන් මොන මොන විදියට අර්ථ කථන ඉදිරිපත් කරමින් ඔයා සුදනා වෙන්න හැදුවත් ඔයාලා රට වැටෙනකන්ම ඔතැන හිටියානේ ඉල්ලා අස්නොවී. ගොඩක් අය අලුතින් වරප්‍රසාද ගෞරවයන් සම්මාන හම්බ වෙනකොට නැති ගුණ වර්ණනා කරගන්නවා. මේක ශ්‍රී ලංකාව හොඳේ. යහපත් විශ්‍රාම ජීවිතයට ආසිරි...!
@bandara.. ඇයි උනේ .රෝසිගේ පෝෂි එක වේයෝ කෑවේ
ඔයා මෙච්චර උගත් වෙලාත් අවුරුදු 2කට කලින් ද දැනගත්තේ ?මම නම් දන ගත්තේ මීට අවුරුදු 40 කට විතර කලින්
ඇහුම් කන් දෙන්නේ කොහොමද? එතකොට උන්ට තිබුනේ ගසාකන්නේ කොහොමද කියලා විතරනේ .ඔය පේන්නේ නැද්ද පවුල් පවුල් පිටින් උසාවි ගානේ
රට වට්ටන්න ලොකුම වැඩ කොටස කලේ ජෙප්පො කියලා දැනගත්තේ කවදාද?
ආදායමට වඩා වියදම කර ණය ගෙන ණය පියවනකොට කවදා හෝ බංකොළොත්බව ලබන බව පුන පුනා ආර්ථික කටයුතු ගැන දැනුවත්ව කියපු අය ඕනෑතරම් රූපවාහිනි නාලිකාවල කතා කලා. ඒත් කවුද ඇහැව්වා කියන එක ඇත්ත. ගසාකෑම මූලික ආදායම කරගත්ත දේශපාලන නායකත්වය මෝඩ ලෙස විශ්වාස කල ඡන්ද දායකයෝ තමා ලොකුම විනාශය රටට කලේ.ඒත් රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාලන මතවාද මොනව වූවත් ස්තුතිය පුද කල යුතුයි නේද?
පොහොට්ටුවේ සෙට් එකයි... ගෝඨාභය තමයි රට කෑවේ. කාලකණ්ණින්ට හොඳක් සිද්ද වෙන්නේ නැහැ.
ඕක කියන්න තිබුණේ රනිල් ඉන්නකොට
FCID එකට බයවෙලා ශේප් එකෙන් මාරුවෙන්න යන්නේ
රට වැටෙන බව සමහරවිට නොකීවේ දූෂිත පව්ල් පාලනේ අයට බයේ වෙන්ඩැති. සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනිමෝරු කැළෑ නීතිය රජ කරවපු හැටි දන්නෝ හොඳාකාරවම දන්නවා.
දූෂිත පව්ලක්ම තරගෙට හොරකම් වන්චා දූෂණ නාස්තිය කරනකොට රට වැටෙන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. යුද්දේ තිබුණු කාලේවත් එහෙම වුනේ නැහැ. සුනාමි ආධාරත් හොරා කාලා, කොටින්ගෙන් අල්ලා ගත්තු වටිනා දේ රත්තරන් පවා කොල්ල කාලා, රටේ වටිනා සම්පත් පවා හොරාකාලා, කිසිම උගත් කමක්, සුදුසුකමක් නැති අයට සභාපතිකම් දීලා රටම කාබාසිනියා කෙරුවේ දූෂිතම පවුල් පාලනේ අය සහ වටේ හිටපු එවුන්...