IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සමගියේ අසමගියෙන් කන්දකැටියත් ගිලිහෙයි

(විමුක්ති සංජය පෙරේරා)

සියයට 50ක පැහැදිලි ජයක් නොලද කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා වශයෙන් ජාතික ජනබලවේගය පක්ෂයේ ආර්.එම් හර්ෂ බන්දු රණවීර මහතා නව සභාපතිවරයා ලෙස තේරි පත්විය.

කන්දකැටිය ප්‍රාදේශිය සභාවේ සභාපති හා උප සභාපති වරයා තොරා පත්කර ගැනීම අද (18) කන්දකැටිය ප්‍රාදේශිය සභා ගර්භයේදි ඌව පළාත් පාළන කොමසාරිස් ඩී.එම්.එල්.හේමන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.

කන්දකැටිය ප්‍රාදේශිය සභාවේ සභාපති වරයා වසයෙන් ජාතික ජනබලවේගයෙන් ආර්.එම් හර්ෂ බන්දු රණවීර මහතාගේ නම යෝජනාවු අතර සමගි ජන බල වේගයෙන් එම්.ප්‍රියන්ත ඉන්ද්‍රජිත් මහතාගේ සහ සමගි ජන බලවේගයේම එන්.එම්.විජේපාල මහතාගේ නමද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු විසින් යොජනා කරනු ලැබීය.

එහිදි පැවැති රහස් ඡන්දයෙන් ජාතික ජනබලවේගයෙන් ආර්.එම් හර්ෂ බන්දු රණවීර මහතා සභාපති ලෙස තේරි පත්විය.

සභාපති සහ උපසභපති තොරා පත්කර ගැනිමේන් අනතුර සභා ගර්භයෙන් ඒලියට පැමිණි සමගි ජනබලවේගයේ සභපති අපෙක්ෂකයන් දෙදෙනා අතර සහ සංවිධායක කමල් රාජපක්ෂ මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් දිගදුර ගොස් ගුටිබැට හුවමරුවක්ද සිදු‌විමත් සමග සභා භුමිය උණුසුම් වු අතර කන්දකැටිය පොලිසිය මැදිහත්වි කළහ කාරි ලෙස හැසිරුණු පිරිස විසුරුවා හැරිමට කටයුතු කරණ ලදි .

 

 



අදහස් (2)

සමගියේ අසමගියෙන් කන්දකැටියත් ගිලිහෙයි

navarathne Wednesday, 18 June 2025 09:17 PM

මේ ගැන වහාම පරීක්ෂණයක් කරන්න.වැඩි ජන්ද ලැබුණ විජේපාල ඉවත් කලේ ඇයි? නවරත්න

:       0       0

janabala asamagi Thursday, 19 June 2025 10:23 AM

විනයක් නැති, බල ලෝභී, මුදල් හරි හම්බ කිරිමටම යොමු උන අපේක්ෂකයන් දේශපාලන අපේක්ෂා රටින් දුරු කළ යුතුය.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site