නතර වෙච්ච වැඩ අරඹන්න පාඨලී වරමක් ඉල්ලයි කොළඹට යළි වසන්තය ගෙන ඒම සඳහා කොළඹ මහ නගර සභාවේ බලය තම පක්ෂයට ලබාදෙන ලෙස එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 28 March 2025
අ‘පුර වෛද්‍යවරිය සැකකරු හඳුනා ගනී අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ පුහුණු වෛද්‍යවරිය අපයෝජනයට ලක් කළ හිටපු හමුදා සෙබළා පැමිණිලිකාර වෛද්‍යවරිය විසින් අද (28) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේදී හඳුනාගනු ලැබුවාය. 28 March 2025
පොල් පොහොර සහනාධාරය අනිද්දා සිට පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ’’කප්රුකට සවියක් - වැඩි ඵලදාවක්’’ යටතේ පොල් වගාකරුවන් වෙත සහන මිලට පොහොර ලබාදීම මාර්තු 30 වැනිදා සිට අරඹන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි. 28 March 2025
මෝදි දින තුනක් ලංකාවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරය කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි. 28 March 2025
ලංකා-ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍ර සංගමයක් ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආදෙල් ඉබ්රාහිම් (Adel Ibrahim) සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහත්වරුන් අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. 28 March 2025
දියේ ගිලී හමුදා භටයා මරුට පහළ දිවුල්වැව වැවේ දිය නෑමට ගිය හමුදා භටයෙකු දියේ ගිලී මියගිය බව කපුගොල්ලෑව පොලිසිය කියයි. 28 March 2025
මීළඟ පොලිස්පති පුටුවට කාටද? පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් පහකිරීමේ යෝජනාව ඉදිරිපත් වීමත් සමගම එම ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. 28 March 2025
හෂීෂ් සමඟ සූපවේදීයා අත්අඩංගුවට රුපියල් ලක්ෂ අටකට ආසන්න වටිනා හෂිෂ් මත්ද්‍රව්‍ය සමඟ සූපවේදියෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාසය කියයි. 28 March 2025
වළදමා තිබූ ගිනි අවියක් සොයාගනී බදුරලිය කෙලින්කන්ද ප්‍රදේශයේ පාළු ඉඩමක වළදමා තිබූ ගිනි අවියක් සහ ජීව පතුරම් කීපයක් සොයා ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාසය කියයි. 28 March 2025
තැනින් තැනට සවස 2.00 පසු වැසි බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙත් තැනින් තැනට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 March 2025
බාල බෙහෙත් ගේන්න කිව්වේ කෙහෙළිය ප්‍රමිතියෙන් තොර ඖෂධ ගැන්වීම සඳහා ඉන්දීය ඖෂධ සමාගමේ නම යෝජනා කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල මහතාගේ උපදෙස් මත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පෙරේදා අනාවරණය කළහ. 28 March 2025
මැතිසබේ හෙදියන්ටත් නිල ඇඳුම නියමිත නිල ඇඳුමින් සැරසී රාජකාරි කරන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ හෙද නිලධාරීන් සහ නිලධාරිනියන්ට නියෝග කර ඇත. 28 March 2025
බීලා බස් එළවූ රියැදුරාට ජීවිතාන්තය දක්වා බලපත්‍රය අවලංගු කරයි මත්පැන් පානයකොට පෞද්ගලික බස් රථයක මගීන් ප්‍රවාහනය කළ රියදුරකුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා අද නියම කළේය. 27 March 2025
හොඳ ආහාර වේලක් දෙන්න රජයෙන් ආපන ශාලා ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාර වේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට රජය සැලසුම් කර තිබේ. 27 March 2025
දරුවන් මතින් බේරන්න රජය මැදිහත් වෙනවා පාසල් දරුවන් හා තරුණයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වලක්වා ගැනීමටත්, ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගැනීමටත් රජයක් ලෙස අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය. 27 March 2025
අනතුරින් සිව් හැවිරිදි දරුවා මරුට පාදුක්ක - කොළඹ මාර්ගයේ ලියන්වල හන්දිය ආසන්නයේදී ලොරි රථයක් , යතුරු පැදියක පිටුපස ගැටී අද (27) සිදු වූ අනතුරකින් යතුරු පැදියෙහි ගමන් ගත් සිව් හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. 27 March 2025
‘කුෂ්‘ සමඟ විදෙස් යුවළක් ගුවන්තොටේදී අල්ලයි රුපියල් කෝටි දෙකක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් , රැගෙන කටුනායක ගුවන් තොටුපොළට කුඩා දරුවෙකු ද සමඟ පැමිණි ඉන්දීය ජාතික යුවළක් අද (27) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 27 March 2025
පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම 22 වැනිදා සිට එළඹෙන පළාත් පාලන ආයතන මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අප්‍රේල් මස 22 වැනිදා ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පැවසීය. 27 March 2025
වෑන් රිය පෙරැළී 8ක් රෝහලට ඇඹිලිපිටිය සිට බලන්ගොඩ හරහා බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අද (27) පස්වරුවේ හල්දුම්මුල්ල පුස්සැල්ල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි 30ක පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් එහි ගමන් ගත් කුඩා දරුවන් දෙදෙනකු, කාන්තාවන් පස්දෙනෙකු ඇතුළු අට දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. 27 March 2025
ඌව මන්ත්‍රි චාමර රිමාන්ඩ් ඌව පළාත් සභාව මගින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුම් හයක මුදල් කල්පිරීමට පෙර ලබා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 173ක පඩුවක් කළැයි කියන සිද්ධියකට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ලබන 1 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද නියෝග කළාය. 27 March 2025
ජාත්‍යන්තර රතු කුරුසය නියෝජිතයෝ කතානායක හමු වෙති ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිතයන් පිරිසක් සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. 27 March 2025
රණවිරුවන්ට සම්බාධක පැනවීම ගැන ආණ්ඩුවෙන් ‘පතෝල’ පිළිතුරක් බ්‍රිතාන්‍ය ආණ්ඩුව දෙමළ බෙදුම්වාදින්ගේ ඡන්ද කුට්ටිය ඉලක්ක කරගෙන මෙරට රණවිරුවන්ට පැනවූ තහනම සම්බන්ධයෙන් විදෙස් ඇමති විජිත හේරත් මහතා දී ඇති පිළිතුර ‘පතෝල’ පිළිතුරක් ලෙස දකින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (27) පැවසීය. 27 March 2025
බන්ධනාගාර නිලධාරී අරක්ෂාව තහවුරු කරනවා බන්ධනාගාර නිලධාරීන්ට පවතින ජීවිත තර්ජන පිළිබදව රජයේ අවධානය යොමුව තිබෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. 27 March 2025
’’අනුර ජනාධිපති වූ පසු ගම අමතක කරලා’’ නිර්ධන පන්තිය නියෝජනය කළ අනුර කුමාර දිසානායක ජනාධිපති වූ පසු නිර්ධන පන්තිය අමතක කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 27 March 2025
ජුලී චන්ග් සිරිකොතට ශ්‍රී ලංකාවේ ඇමරිකා තනාපතිනී ජුලී චන්ග් (Julie Chung) මහත්මිය අද(27) පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණ එජාප නිලධාරීන් හමු වූවාය. 27 March 2025
‘සෝලා’ ගෙවීම් අඩු කිරීමෙන් රට විදුලි අර්බුදයකට වැටෙනවා වහළය මත ඉදිරි කරන ‘සෝලා’ පද්ධති වෙනුවෙන් කරන ගෙවීම් මුදල අඩු කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය හිතකර නොවන බවත් මෙම තීරණයත් සමඟ ලබන වසර වන විට විශාල බලශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවත් හිටපු විදුලිබල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අද (27) පැවසීය. 27 March 2025
තායිලන්ත තානාපති සුව ඇමති හමු වෙයි මෙරට තායිලන්ත තානාපති පයිටුන් මහපන්නපොන් (Paitoon Mahapannaporn) මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය. 27 March 2025
පුංචි ඡන්දෙ වියදම් සීමා එළියට පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල සඳහන් කරමින් මැතිවරණ කොම්ෂන් සභාව විසින් අද ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය 27 March 2025
බදුල්ල මන්ත්‍රි චාමර සම්පත් අත්අඩංගුවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 27 March 2025
ජාතික ගමනාගමන කොමිසමේ සභාපති අස්වෙයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකර ඇතැයි එම අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 27 March 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026