
(සුජිත් හේවාජුලිගේ )
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් පහකිරීමේ යෝජනාව ඉදිරිපත් වීමත් සමඟම එම ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
දැනට වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන ප්‍රියන්ත වීරසූරිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක( පරිපාලන),සංජීව මැදවත්ත , රන්මල් කොඩි තුවක්කු, සංජීව ධර්මරත්න, කිත්සිරි ජයලත් සහ එම්ජීආර් එස් දමින්ද යන නිලධාරීන් පොලිස්පති ධූරය සඳහා යෝජනා වී ඇති බව දැනගන්නට ඇත.
මීළඟට පත්වීමට නියමිතව ඇත්තේ මෙරටදී 37 වැනි පොලිස්පතිවරයාය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව සම්මත වුවහොත් ජනාධිපතිවරයා විසින් ඔහු අනිවාර්යයෙන්ම එම ධූරයෙන් ඉවත් කෙරෙනු ඇත. අනතුරුව මීළඟට පත් කෙරෙන පොලිස්පතිවරයා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
මීළඟ පොලිස්පති ධූරය සඳහා චෝදනාවලින් තොර කාර්යක්ෂම අත්දැකීම් සහිත නිලධාරියකු පත් කිරීම ජාතික ජන බලවේග රජය බලාපොරොත්තුවෙන් සිටින බව දැනගන්නට ඇත.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඇතුළු පාර්ශව කරුවන් නව දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සේවා කටයුතු අත්හිටුවමින් පසුගිය වසරේ ජූලි මස 24 වැනිදා නියෝගයක් නිකුත් කළේය.
මාතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ලබන මස 3 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටි.
ඔහු රඳවා සිටින්නේ මහනුවර දුම්බර බන්ධනාගාරයේය. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සේවයෙන් පහ කිරීමේ යෝජනාව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුතුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පසුගියදා බාරදෙනු ලැබීය.
විෂමාචාර සහ දූෂණ, ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කිරීම, රාජකාරිය පැහැර හැරීම සහ පක්ෂග්‍රාහීව කටයුතු කිරීම යන චෝදනා හතර පදනම් කරගෙන මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත. මෙම යෝජනාවට සහාය පළ කිරීමට සමගි ජන බලවේගය දැනටමත් තීරණය කර ඇත. මේ අනුව එම යෝජනාව සම්මත කිරීමට අවශ්‍ය බහුතරය ස්ථීරයෙන්ම ලැබෙනු ඇතැයි
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
දැන් ඉන්න වැඩ බලන පොලිස්පති තුමා හැම අතින්ම සුදුසයි එතුමාව නව පොලිස්පති ලෙස පත් කල යුතුයි
මටනං එපා.
(1) චෝදනාවලින් තොර, (2) කාර්‍යක්ශම, (3) අත්දැකීම් සහිත. මේ තුනම තියෙන එක්කෙනෙක් හොයනවා කියන්නේ, උගත්, රූමත්, චරිතවත්, අපිට හරියන කුලයක, ගෙයක් සහිත මනමාලියෙක් හෝ උගත්, චරිතවත්, අපිට හරියන කුලයක, අපි හොයන විදිහේ ආදායම් සහිත මනමාලයෙක් හොයනවා වගේ වැඩක් වෙයිද? තුනෙන් දෙකක්වත් තියෙන එකෙක් ඉන්නවාද.
ආයේ තරග නැහැ දැනට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා අනිවාර්යයෙන්ම පත් කරනවා ඇත. ඔහු දැනට ඉන්න හොදම සුදුස්සා ඔහුයි. අනික් හැමෝටම විවිධ චෝදනා තියෙනවා. ඒ නිසා තරග තියෙන්න විදිහක් නැහැ.
මාලිමාවට කඩේ යන කෙනා. ඒකනෙ මේ කරන්නෙ.
පොලීසියේ අවංකම නිලධාරින් නැත කාගේ කාගේත් කිල්‍ලොටවල හුණු ටික ටික තිබේ තවද පොලිස් නිලධාරින්‍ගේ අවංකභාවය මැනීමට නිසි මිනූම් දණ්‍ඩක්‍ද නොමැත එහෙත් කිසිදු දේශපාලුවෙකුට යන්‍තම් හෝ කඩෙ නොගිය චරිත පොලීසිය තුල සිටීද සමහර උසස් නිලධාරින් පාතාල මත්‍ජාවරම්‍කරුවන්‍ට ලෙන්‍ගතුව සිටින බවද කවුරුත් දන්‍නා කරුණකි දැනට වැඩ බලන පොලිස්පති ප්‍රියන්‍ත වීරසුරියට එරෙහිව විශේෂ චෝදනා නොමැති නිසා ස්‍ථිර පොලිස්‍පති තනතුර ලබාදීම වරදක් නැත එහෙත් පොලිස් නිලධාරින්‍ගෙ වැරදි නොමනා හැසිරීම් සංතෝෂම් වලට තිබෙන ගිජූකම පිළිබද සොයාබැලීමට ඉදිරියේදි නව විමරශණ පොලිස් ඒකකයක් පිහිටුවීම අනිවාරයෙන්‍ම සිදුවිය යුතුය
ඡන්දය කාලේ රනිල්ලාට ගහපු පොලිස්සියේ උතුමාවම පත්කරයිද? මොකෝ උන්නැහේ කරපු දේ විස්මය ජනකයි, ප්‍රහාරය ගැන වාර්තාව ඇවිල්ලා තියෙද්දී දවස් ගානක් යනකම් එක ඇල්ලුවෙත් නැහැ, පියවරක් ගත්තෙත් නැහැ, එත් සුදනා වෙලා ඒ සම්බන්ධයෙන් වගකීමක් නැති දේශපාලකයන්ට ගැහුවා.
මෙතන පොලිසියේ අයගේ අවංක කම් ගැන කතාකරන අයගෙන් කීදෙනෙක් බීලා වාහනය පදවලා කරලා තියෙනවද ? එහෙම නැත්නම් අධික වේගයෙන් ගිහින් තියෙනවද ? රජයේ නිල වාහනය අයුතු ලෙස පරිහරණය කරලා තියෙනවද ?
කෝ... අජිත් රෝහණ මහතා...?
කව්ද ඉතින් තඹුත්තේගම පච මෝලට කඩේ යන එක්කෙනෙක් තමයි පත්වෙන්නේ. ලංකාව ජේපී කරණය කරන එකනේ කරන්නේ...!