
(අංජුල මහික වීරරත්න)
කොළඹට යළි වසන්තය ගෙන ඒම සඳහා කොළඹ මහ නගර සභාවේ බලය තම පක්‍ෂයට ලබාදෙන ලෙස එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
තමා එම ඉල්ලීම කරන්නේ කොළඹ නගරය ගොඩ නැගූ පිරිසක් වශයෙන් බවද රණවක මහතා කීය.
රණවක මහතා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ මහා නගර සභා අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් ආගමික ආශීර්වාද ලබා ගැනීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
"අපි 2019 මේ කොළඹ නගරයේ නතර කරපු වැඩ ගොඩක් තිබෙනවා.2019න් පස්සේ එක ගඩොලක් වත් මේ කොළඹ නගරයේ අලුතින් තබලා නැහැ.අපි කොළඹ නගරයේ කසල ප්‍රශ්නය විසඳුවා.කොළඹ නගරයට කැලණි ගඟ නිසා ගංවතුර උවදුරක් තිබුණා.ඒ ප්‍රශ්නයත් අපි විසඳුවා. නමුත් කොළඹ නගරයේ තියෙන පිටාර ප්‍රශ්න විසඳන්න තව ව්‍යාපෘති ගණනාවක් තිබෙනවා යනුවෙන්ද පාඨලී චම්පික රණවක මහතා කීය.
COMMENTS
නතර වෙච්ච වැඩ අරඹන්න නගර සභාවට යන්න ඕනෙද? බිල්ඩින් කොන්ත්‍රාත් සමාගමක් ආරම්භ කරලා, නගර සභාවෙන් අඩු ලංසුවට ටෙන්ඩර් ටික ගත්තහම ඉවරනෙ?
මං හිතන්නේ ගල් අගුරු ගැහිල්ල වගේ නතර වෙච්ච වැඩ ගැන වෙන්න ඇති මේ කියන්නේ!
ඇයි ඔයා පහුගිය මහ මැතිවරණයට තරඟ කළේ නැත්තේ? ඔයා දන්නවා කොළඹ දිස්ත්‍රික්කයේ අයගෙන් පරදිනවා කියලා. ඒකයි නාමල් වගේ සජප ජාතික ලැයිස්තුවෙන් එන්න හැදුවේ. ඔයාගේ නවත්තපු ව්‍යාපෘතිය දිගටම කරගෙන යන්න ඕන නම්, ඔයාට තරඟ කරන්න තිබුණා.
වරමක් ඉල්ලාගෙන ඇවිත් සරමත් නැතුව තමයි යන්න වෙන්නේ...!
පෙන්නගෙන හිටියේ ජනාධිපතිකමට සුදුසුයි කියලා. ඒක මඟහැරියා. පාර්ලිමේන්තුවත් මඟහැරියා. පළාත්පාලනේ බලය ඇතිද දන්නෙ නෑ මෙයාගේ නවත්වපු මෙහෙවර පටන්ගන්න
ගෙදර නතර වෙන්න වරමක් ඉල්ලුවොත් මගේ මැරිච්ච සීයගෙයි, ආච්චිගෙයි ඡන්දත් අරගෙන දෙනවා.
ඉතිං ඇයි අනේ ඔයා එහෙම නතරවෙන තැනට වැඩ සිද්ධකරගත්තේ?
වරම් දෙන්නේ දෙයියොනේ ලොක්කා….! හොඳ පූජා වට්ටියකුත් අරගෙන ළඟම තියෙන දේවාලෙට යන්න…!
සහයෝගෙට පස්සෙන් යන බුද්ධිමතුන්ට දවස් පඩිද, නැත්තං කොන්ත්‍රාත් ක්‍රමේටද ගෙවන්නේ? මමත් මෑන් පවර් එකක් කරන්නේ... උදව් කරන්න පුළුවන්...
කපු පෝස්ට් එකට පෙරේතකමේ දේවාලෙන් දේවාලෙට පැන පැන ගියේ නැතුව මුලිං හිටපු දේවාලෙම හිටියා නම්, මෙලහකට හොඳ වරමක් හම්බවෙලා...
අර හොර ගෑණි එක්ක ඉඳලා එන ගමන් හප්පලා ආබාධිත කරපු කොල්ලාට සාධාරණයක් ඉෂ්ඨ කරන්න වෙන්න ඇති...
හැම වැඩක්ම අතරමග නතර කරලා. රටේ ජනතාවගේ මුදල් මේ අය කාබාසිනියා කෙරුවා. කොළඹ විතරක් නෙමේ... ඈත පිටිසර ගම්වලත් බාගෙට හදපු... ගොඩනැගිලි කෑලෑවට ගිහින්. මොකද සේරම මුදල් හොරාකෑවා. බලන්න කෙනෙක් නැහැ. බැලුවත් වැඩකුත් නැහැ. මොවුන්ගේ මහ එකත් හොරා නිසා. ජනතාව අතුගාලා දැම්මාට නිල මැස්සෝ තවම ඉන්නවා. මේ මැතිවරණයෙන්. බ්ලීච් දාලා. හෝදලාම අරින්න. මහ පොළවට පස් වෙන්න කිරි හැලියට. ගොම. හැලියක් එකතු වෙන්න කලින්...!
ඔය මයික් ටික ඔක්කෝම නූලක ගැටගහලා අංගුලිමාලගෙ වගේ බෙල්ලෙ එල්ලුවා නං, තුං තිස් පැයේම ප්‍රකාෂ නිකුත් කර කර ඉඳීවි. ඒ ඇරෙන්න මෙයාට කරන්න පුළුවං බම්බුවක් නැහැ...
මහ නගර සංවර්ධන ඇමැති වෙලත් උන්නා නේද? ඒ කාලේ ජනවරමක් නැතිවද උන්නේ?
ඇයි අප්පා අවුරුදු විසි තිස් ගණනක් ඔයගොල්ලන් බලයේ හිටියේ? ඔය හැම ආණ්ඩුවකම ඇමැති කෙනෙක් වෙලා හිටියනේ... ඒ කාලේ ඔය කියන වැඩ කළා නම් ... මේ වෙනකොට රටට මෙච්චර අමාරුවක් නැහැනේ... ඒ කාලේ වගකීම් පැහැර හැරලා දැන් කොහොමද ඒවා සම්පූර්ණ කරන්නේ..?
සංදර්ශන දාගෙන ලොක්කෝ වගේ හිටිය ඔක්කෝටම අන්තිමේදී ප්‍රාෙද්ශීය සභාවලින් පටන් ගන්න වෙලා. මේ තත්වය ඇතිකළ බුද්ධිමත් ජනතාවට ප්‍රණාමය.