
(යොහාන් භාසුර)
වහළය මත ඉදිරි කරන ‘සෝලා’ පද්ධති වෙනුවෙන් කරන ගෙවීම් මුදල අඩු කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය හිතකර නොවන බවත් මෙම තීරණයත් සමඟ ලබන වසර වන විට විශාල බලශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවත් හිටපු විදුලිබල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අද (27) පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී අද (27) පැවැති මාධ්‍ය හමුවේදී ඉන්දික අනුරුද්ධ මහතා එසේ පැවසීය.
කිලෝවොට් 500 සිට මෙගාවොට් එක දක්වා සමාගම්වලට විදුලි ඒකකයකට ගෙවන මුදල සියයට එකක් හෝ දෙකක් අඩු කළ ආණ්ඩුව සාමාන්‍ය පාරිභෝගිකයන්ගේ ගෙවිම් සියයට 15 කට වඩා වැඩි ප්‍රතිශතයකින් අඩු කර ඒකකයක ගෙවීම රුපියල් 19 ක් දක්වා අඩුකර ඇති බව ද හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා පසුගිය ආණ්ඩුව වහළය මත ‘සෝලා’ පද්ධතිවල විදුලි ඒකකයක් සඳහා රුපියල් 27 ක මුදල් ගෙවූ බවත් එම ගෙවීමත් සමඟ ජනතාව තුළ වහළය මත ‘සෝලා’ පද්ධති සවිකිරීමේ දැඩි උනන්දුවක් ඇතිවූ බවත් ඒ මහතා කීය.
ජනතාව බැංකු ණයක් ගෙන හෝ තමන් ඉතිරිකරගත් මුදල් යොදා කිලෝවොට් 20 දක්වා ‘සෝලා’ සවිකළ බව කී ඒ මහතා එම පද්ධතිය සවිකර උනන්දුව වසර හතර පහක් ගතවූ පසු පවුලේ ආර්ථිකයට සහයෝගයක් වන්නේ යැයි ජනතාව බලාපොරොත්තු වූ බව ද සඳහන් කළේය.
කුඩා සූර්ය බලගාර වහළය මත ඉදිකිරීම ජනතාව අතර ප්‍රචලිත කිරීමෙන් මෙරට විදේශ විනියම එසේත් නැත්නම් ඩොලර් ඉතිරිකරගැනීම පසුගිය ආණ්ඩුව බලාපොරොත්තු වූ බවත් කාංචන විජේසේකර මහතා 2022 වසරේ විදුලිබල අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසුව 2024 වන විට මොගාවොට් හාරපන්සියක් දක්වා විදුලි නිෂ්පාදනය ඉහළ ගිය බවත් ඒ මහතා කීය.
වර්තමාන විදුලිබල අමාත්‍යවරයා කළ යුත්තේ හිටපු ඇමතිවරයා පාවිච්චි කළ වාහනය සහ නිවාස වැනි දේවල් පිළිබඳව සේවීම පසක තබා එම ඇමතිවරු කළ හොඳ සේවල් ඉදිරියට ගෙන යෑම බවත් වෙනත් දේවල් පසුව සොයන ලෙස ඉල්ලා සිටින බවත් ඉන්දික අනුරුද්ධ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අවංක දේශපාලුවන්ගේ හෙන්චයියන්ගෙන් ගුටිකාලා ආයෝජකයෝ රට හැරලා යන එක ඊට වඩා බරපතලයි.
මාලිමවේ උන් යන්නෙම අදෙටමයි , මුන්ලිම විශ්‍රාමිකයින්ගේ පොලිය කපලා දැම්මා , දැන් මේක , ඕනෙවටත් වඩා විදුලි බිල අඩුකරලා දැන් එකෙන් වෙන පාඩුව පියවාගන්න මේ වගේ ඔලමොට්ටල වැඩ කරනවා.
ඒ අඩු කිරීම කළේ මොන පදනම මතදැයි විද්‍යානුකූලව පැහැදිලි කළා නම් හොඳයි. නමුත් එවැනි දෙයක් වෙන්නේ නෑ. ඒකෙන් සෝලා භාවිතයට තිබුණු උනන්දුව අඩුකිරීම විදුලි බල මණ්ඩලයේ අරමුණ විය හැකියි. ඊට හේතු කීපයක්ම තියෙනවා
අනේ යන්න පස් හොරා...
අර්බුදයකට වැටෙන්න තමයි උන් මේ අර අඳින්නේ, පෞද්ගලික බලාගාර වලින් විදුලිය වැඩිමිලට ගන්න පුළුවන්, කොහොමද ටිකිරි මොළේ. ආණ්ඩුවට සහයෝගය දක්වන ලොකුම ව්‍යාපාරිකයෝ අතර ඔය පෞද්ගලික බලාගාර හිමියෝ ඉන්නවා, ඉතින් තේරුම් ගන්න අමාරුද?
දේශීය නිෂ්පාදකය ආරක්ෂා කරන්න කියල සහල් වලට ආණ්ඩුව 50% බදු ගහනවා පිගන් ගඩොලට 110% බදු ගහනව , මෙවැනි වටපිටවකදී සුර්ය බලයෙන් විදුලිය නිෂ්පාදකයාට ගෙවන මුදල් අඩුකරන්න ආණ්ඩුවට කිසිම සදාචාරාත්මක ඓතියක් නැහැ , ඩිසල් රටින් ගෙනත් පරිසරයද විනාශ කරමින් විදුලිය නිපදවන්න ඉංජිනේරුවෝ කොමිස් කුට්ටිය බලාගෙන පිබුරුපත් සකස් කරනවා , ආණ්ඩුවේ ආචාර්ය මහාචාර්යල පාර්ලිමේන්තුවේ සිටියත් ඔවුන්ට මේ ගැන කිසිම වගක් නැහැ . හොර ඉංජිනේරුවෝ සහ අන්ඩුවේ ඉන්න ආචාර්යවරු යාලුවෝ මල්ලි , විශ්ව විද්‍යාලෙදි එකට උද්ගෝෂණ කරපු මිනිස්සු , අපි පරට් බහින්න ඕනේ මේවට විරුධව , පරිසර සංවිධානත් නිදි
හිටපු විදුලි බල රාජ්‍ය ඇමති උනේ සුදුසුකම් නිසා නොවෙයිනේ, ඒ නිසා නොදන්නා මගුල් කතා නොකර හිටපං !