බිලියනයක් ගිල්ලත් ඉන්දපු ගහක් නැති නාගරික උද්‍යානයක් නාගරික උද්‍යානයක් ඉදිකිරීමට සූදානම් වූ මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටුණු ස්ථානයේ මේ වනවිට යටකර පස් දමා ඇති කසළ එතැනින් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැරසෙයි. 16 February 2021
වෛද්‍ය ගයාන් දන්තනාරායන වෙනුවෙන් එක්මෝ මධ්‍යස්ථානයක් හෘදය හෝ පෙනහළු අක්‍රීය වූ රෝගියකුගේ එම අවයව යථා තත්ත්වයට පත් කරගන්නා තුරු ජීවිතය සුරකින එක්මෝ යන්ත්‍ර සහිත නවීන පහසුකම් ඇති එක්මෝ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා අරමුදල් රැස්කිරිමේ පදනමක් ආරම්භ කිරීමට වෛද්‍ය සරණතිලක දන්තනාරායන මහතා පියවර ගෙන ඇත. 16 February 2021
කෲඩියා සිලනිකා මැදිකර අධිවේගය ඉදිකරන්න යයි මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන වැඩබිමේ දාරළුව ප්‍රදේශයේ දී හමුවූ කෲඩියා සිලනිකා ශාඛය ඉවත් නොකර එය දෙපසින් මාර්ගය ඉදිකිරීමට තීරණය කර ඇතැයි වනජීවී හා වනසම්පත් අමාත්‍ය සී. බී. රත්නායක මහතා ලංකාදීපයට පැවැසීය. 16 February 2021
මංගල උත්සව වලට යන්න පුළුවන් 50 යි විවාහ මංගල උත්සව සඳහා සහභාගී විය හැකි සංඛ්‍යාව 150 සීමාවේ සිට 50 දක්වා සංශෝධනය කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග විද්‍යා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. 16 February 2021
ආසාදිතයෝ 1,018ක් සුවය ලබති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව සිටි 1,018ක් සුවය ලබා අද(16) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 16 February 2021
මුළුමනින්ම මුහුණු ආවරණයකළ හිස්වැසුම් පැළඳිය හැකියි සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අද (16) අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය. 16 February 2021
හම්බන්තොට පාසල් උලෙළක් පොලිස් අණින් නවති හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසලක පවත්වමින් සිටි උලෙළක් නවතා දැමීමට අද(16)තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරිහු උපදෙස් ලබා දුන්හ. 16 February 2021
සජබ 4 ක් එන්නත එපා කියති සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, මනුෂ නානයක්කාර, හේෂා විතානගේ සහ මුජුබර් රහුමාන් යන අය කොවිඩ් එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. 16 February 2021
කෝටි 10ක හෙරොයින් - අයිස් නුගේගොඩින් අල්ලයි රුපියල් කෝටි 10ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු නුගේගොඩදී අත්අඩංගුවට ගත් බව අද(16) සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි. 16 February 2021
පවිත්‍රා සුවය ලබා පිටව යයි කොරෝනා වයිරසය ආසාදනය වී සිටි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය අද(16) උදෑසන සම්පූර්ණයෙන් සුවය ලබා කොළඹ අයිඩීඑච් රෝහලෙන් පිටව ගියාය. 16 February 2021
රත්නපුර බස්නැවතුම්පළ අසළ ආසාදිතයන් 20 ක් - කඩසාප්පු වසා දමයි රත්නපුර ප්‍රධාන බස්නැවතුම්පළ ආසන්න ප්‍රදේශයේ සිදුකළ අහඹු පීසීආර් පරීක්වලින් කොවිඩ් ආසාදිත පුද්ගලයන් 20ක් වාර්තාවීම හේතුවෙන් බස්නැවතුම්පළ පරිශ්‍රයේ සියලු කඩසාප්පු නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගත්බව රත්නපුර මහ නගරසභාවේ නගරාධිපති ටිරෝන් හිරන්ත අත්තනායක මහතා සහ නගරසභා සෞඛ්‍ය අංශය පවසයි. 16 February 2021
රොෂාන් රණසිංහටත් රාජ්‍ය ඇමැතිමක් රොෂාන් රණසිංහ මහතා පළාත් සභා හා පලාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කර තිබේ. 16 February 2021
පවිත්‍රා එනකල් වැඩබලන්න චන්න ජයසුමන සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යළි සේවයට වාර්තා කරන තෙක් එම ධූරයේ වැඩබැලීම සඳහා මහාචාර්ය චන්න ජයසුමන මහතා පත්කරනු ලැබ ඇත. 16 February 2021
බිම්සානීගේ උසස්වීමට එරෙහි පෙත්සම මැයි 18 දා ගනී ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පසුගියදා උසස් වීම් ලද බිම්ශානී ජාසිංහ ආරච්චි මහත්මියගේ එම උසස් වීම බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32 දෙදෙනකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මැයි 18 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) නියම කළේය 16 February 2021
එම්. එස්. දෝනි සිනමාපටයේ රගපෑ සන්දීප් නහාර් දිවි නසා ගනී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු අද්වීතීය නායකයා වන මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ ‘එම් එස් දෝනි - ‘දි අන්ටෝල්ඩ් ස්ටෝරි’ (නොකියූ කතාව) සඳහා රංගනයෙන් දායක වූ ප්‍රකට ඉන්දියානු රංගන ශිල්පී සන්දීප් නහාර් මහතා දිවි නසාගෙන තිබේ. මුම්බායි පොලිසිය එම දිවි නසාගැනීම තහවුරු කර ඇත. 16 February 2021
කුසල් - භානුක - ධනුෂ්ක යෝග්‍යතා කඩුල්ල පනිති ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සඳහා පසුගිය සතියේ පැවැති කිලෝ මීටර් දෙකක් දිවීමේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත්වූ ක්‍රීඩකයින් වෙනුවෙන් අද (16 වැනිදා) පැවැති දෙවැනි පරීක්ෂණයේදී ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂ ඉන් සමත් වූහ. 16 February 2021
කලවානේ රාජ්‍ය බැංකුවක් වසාදමයි කලවාන ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේවකයකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම බැංකු ශාඛාව වසාදැමීමට බැංකු කළමනාකාරීත්වය අද (16) තීරණය කර ඇත. 16 February 2021
අහංගම පාසලක් වසාදමයි අහංගම ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක ගුරුවරියකට කොරෝනා ආසාදනයවීම නිසා එම විදුහල තාවකාලිකව වසා තැබීමට අහංගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. පී. ගයාන් අසංක මහතා පියවර ගෙන තිබේ. 16 February 2021
දරු දෙදෙනාට වස පෙවූ මව රිමාන්ඩ් මාස 11ක් වයසැති පුතාට සහ අවුරුදු තුනක් වයසැති තම දියණියට වස පෙවූ 28 හැවිරිදි මවක් මාර්තු 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත් වසන්ත ආරියරත්න මහතා අද (16) නියෝග කළේය. 16 February 2021
’මිදිගම චින්තක’ගේ ගෝලයෙක් අත්අඩංගුවට දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ’මිදිගම චින්තක’ නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයෙකු ත්‍රිරෝද රථයකින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටියදී ඊයේ රාත්‍රී ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි 16 February 2021
ජන ජීවිතයට ඇති බාධා ඇති සැටියෙන් වටහා ගනිමු ලාදුරු රෝගය වැළඳුණ වනගත රිළවකු සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයේදී සොයාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරන බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. මෙම රෝගය වැළඳුණ සත්වයකු මෙරටින් සොයා ගැනුණේ පළමු වතාවට බවත් ප්‍රදේශයේ බිම වැටී සිටි රිළවකු ගම් වැසියකු දැක වනජීවී නිලධාරීන්ට බාර දී ඇති බවත් අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. 16 February 2021
සීගිරිය - පිදුරංගල පේනමානයේ අවුඩංගාවේත් පරිසරය වනසති සීගිරි පව්වත් පිදුරංගල පව්වත් පෙනෙන මානයේ සීගිරිය අවුඩංගාව ප්‍රදේශයේ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා සංවිධානාත්මක කණ්ඩායමක් මේ දිනවල වන සතුන් ගහනව සිටින මහ කැලෑව කපා ගස් කොළන් කපා බිම දමා හෙළිපෙහෙළි කර විනාශ කරමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. 16 February 2021
ගුරුවරියකට කොරෝනා නිසා හැටන් පාසලක් වසාදමයි හැටන් ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පාසලක ගුරුවරියකට කොවිඩ්-19 වයිරසය අසාදනය වී ඇති බවට තහවුරු වු නිසා එම පාසල විෂබීජහරණය කරන තෙක් අද(16) දින සිට තාවකාලිකව වසා දැමු බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවැසූහ. 16 February 2021
මුහුදේදී තමන් එලූ දැලේ පැටලී ධීවරයෙක් මරුට කල්පිටිය දූපත් ආශ්රිත දියඹ මුහුදේ ලයිලා නම් දැල් විශේෂයෙන් ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයෙකු, තමන් විසින් එලන ලද දැලට පැටලී ඊයේ රාත්‍රියේ මිය ගොස් ඇතැයි,කල්පිටිය පොලිසිය පවසයි. 16 February 2021
සිසුවාගෙන් ගුරුවරියට කොරොනා වැළඳී පන්තිය වසාදමයි උස්සාපිටියේ පාසලක සිසුවකුට කොවිඩ්- 19 වයිරසය ආසාදනය වීම නිසා ඔහු ඉගෙනුම ලැබු පංතියේ පංතිභාර ගුරුතුමියටද වයිරසය ආසාදනය වී ඇතැයි අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රසාංජන මෙන්ඩිස් මහතා අද(16) පැවසීය. 16 February 2021
කොරෝනා මරණ 400 පනී කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 6 දෙනෙකු අද (15 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 15 February 2021
කොරෝනා මර්දන එන්නත් මිලදී ගැනීමට නීතීපති අනුමැතිය ඉන්දියාවේ සීරම් ලිමිටඩ් ආයතනයෙන් කෝව්ඩ් 19 හෙවත් කෙරෝනා මර්දන එන්නත් රාජ්‍ය ඹෟෂධ නීතිගත සංස්ථාවට මිලදී ගැනීම සඳහා වන ගිවිසුමට නීතීපතිවරයා අනුමැතිය ලබා දී ඇත. 15 February 2021
අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රී කොරෝනා සෑදී මියයයි කොවිඩ්-19 ආසාධිතව හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රී ධනසේන මාදූවගේ මහතා අද (15) මිය ගිය බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය. 15 February 2021
ඉන්දියාව අධිවේගී මිසයිල තාක්ෂණය අත්හදා බලයි ඉන්දියාව අධිවේගී මිසයිල තාක්ෂණය සාර්ථකව අත්හදා බලා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 15 February 2021
දරුවන්ට වස පොවා මවත් වස බොයි දඹුල්ල යාපාගම ප්‍රදේශයේ වයස අවුරුදු එකක සහ වයස අවුරුදු තුනක දරුවන් දෙදෙනාට වස පොවා මව ද වස බීමේ සිද්ධියක් අද (15) වාර්තා වී ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 15 February 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026