මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් වව්නියාවෙන් වව්නියාව සෙට්ටිකුලම් පොලිස් වසමේ සින්නතම්පනෙයි ප්‍රදේශයේ කැලෑවක වළදමා තිබියදී කිලෝ පහක් බරැති එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් අද (17) සවස හමුවී ඇති බවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි. 17 February 2021
ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය මහ ඉහළින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මාර්තු 2 වැනිදා පැවැත්වේ. 17 February 2021
රැස්වීම පැය 5 ක් වුණැයි ගීතා කුමාරසිංහට දොස් ඇල්පිටිය ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැය පහකට ආසන්න කාලයක් පවත්වාගෙන යාම ගැන එහි සභාපතිනියට දොස් කියා රාජ්‍ය නිලධාරියෙක් අද (17) ඇල්පිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමෙන් පිටව ගියේය. 17 February 2021
වව්නියාවෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් වවුනියාව, නෙඩුන්කේනි, සේනපිලව් ප්‍රදේශයේ නිවසක් තුල තිබී ටී.එන්.ටී. පුද්ගල නාශක බිම්බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු අද (17) දහවල් සැකපිට අත්අඩංගුවට ගත් බව වවුනියාව නෙදුන්කේනි පොලිසිය කියයි. 17 February 2021
මූලික අයිතිවාසිකම් පෙත්සම මැයි 05 දාට ගනී නාවික හමුදා බාරයේ සිටි තරුණයින් 11 දෙනෙකු අතුරුදන් වීම සිද්ධිය පිළිබද නඩුව ඇතුළු නඩු කිහිපයක අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් තමන්ට මරණීය තර්ජන එල්ල වී ඇතැයි සදහන් කරමින්, ඊට වන්දි ලෙස රුපියල් කෝටියක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා නීතීඥ අචලා සෙනවිරත්න මෙනවිය ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සදහා මැයි 05 වැනිදා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) නියෝග කළේය. 17 February 2021
747 ක් සුවය ලැබූවත් 5500 කට වැඩියෙන් රෝහල්වල කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව සිටි 747ක් සුවය ලබා අද (17) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 17 February 2021
යුධ ගැටුම් පවතින කළාප වල ජනතාවට එන්නත දෙන්න සටන් විරාමයක් ඉල්ලයි ලොවපුරා යුධ ගැටුම් පවතින කළාප වල ජනතාවට කොරෝනා එන්නත ලබාදීම සඳහා තාවකාලික සටන් විරාමයක් අරඹන ලෙස බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩොමිනික් රාබ් මහතා අදාල රටවලින් ඉල්ලා තිබේ. 17 February 2021
රිට් පෙත්සම වීසිකරන්නයි නීතිපති ඉල්ලයි මියගිය පසු සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණයකින් කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූයේ යැයි කියන සිය පුතුගේ මෘත දේහය නැවත පී.සී.ආර්. පරීක්ෂාවකට ලක් කරන ලෙස ඉල්ලා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පියකු ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා අද (17) අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළේය. 17 February 2021
අපරාධ කල්ලි සාමාජිකයෙක් රිවෝල්වරයක් සමඟ පරකඩුවේදී දැලේ කප්පම් ගැනීම්, මුදල් කොල්ලකෑම් සහ පුද්ගලයින් පැහැර ගැනීම් රැසකට සම්බන්ධ බවට සැකකරන අපරාධ කල්ලි සාමාජිකයෙකු අද(17) නවීන පන්නයේ රිවෝල්වරයක් ද සමග පරකඩුව තලාවිටිය වත්තේ දී රත්නපුර පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 17 February 2021
කතානායක කොරෝනා එන්නත ලබාගනී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (17) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී කොවිඩ් ‘ඇස්ට්‍රාසෙනිකා’එන්නත ලබා ගත් අතර, එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාද එක්ව සිටියේය. 17 February 2021
ශානිගේ ඇප ඉල්ලීම 23 දා සලකා බලයි රිමාන්ඩ් භාරයේ පසුව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් ඇප මත මුදා හරින්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ගම්පහ මහාධිකරණය දුන් තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ ප්රතිශෝධන පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 23 වැනිදා කැදවීමට අභියාචනාධිකරණය දින නියම කර ඇත. 17 February 2021
ශානි ඇතුළු සැකකරුවන් තිදෙනා තවදුරටත් රිමාන්ඩ් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් අදාළ නඩුවේ අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමඟ හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා මාර්තු මස 3 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (17) නියම කළේය. 17 February 2021
කළු ගඟේ මැණික් නිධිය ගොඩගැනීම නවත්වයි රුපියල් මිලියන 135කට බලපත්‍ර ලබාදුන් කළු ගඟේ හැරණියාවක මැණික් නිධියේ පතල් කැණීම වහාම නවත්වා, එම පතල් පවත්වාගෙන යන ක්‍රමවේදයේ විනිවිදභාවය ගැන පරීක්ෂණයක් සිදුකිරීමට රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කර තිබේ. විෂය භාර රාජ්‍ය ඇමතිවරයාට ඒ ගැන දැනුම් දීමටද තීරණය කමිටුව තීරණය කර ඇත. 17 February 2021
කෝටි තුනක කල්ඉකුත් වූ ලොකු රටකජු තොගයක් අල්ලයි මිනිස් පාරිභෝජනය සඳහා නුසුදුසු, කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් කල් ඉකුත් වු ලොකු රටකජු තොගයක් පැලියගොඩදි පොලිස් බාරයට ගෙන තිබේ. 17 February 2021
ඇමෙරිකාවේ දැඩි ශීතලෙන් මියගිය සංඛ්‍යාව 23ක් දක්වා ඉහළට ඇමෙරිකාව පුරා පසුගිය දින කිහිපයේ ඇතිවූ හිම කුණාටු සහිත දැඩි ශීත කාළගුණික තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 23ක් දක්වා ඉහල ගොස් ඇතැයි වාර්තා වේ. 17 February 2021
පැල්මඩුල්ලේ උත්සව දෙකකට ගිය 22කට කොරෝනා මල්වර උත්සවයක් සහ උපන් දින සාදයකට සහභාගී වූ 22දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි රත්නපුර වසංගත රෝග වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා පැවසීය. 17 February 2021
දික්ඕවිට වරායේ යාත්‍රාවකින් ලක්ෂ 5ක මාළු කොල්ලකාලා හැඳල දික්ඕවිට ධීවර වරායේ යාත්‍රාවකින් කිසියම් පිරිසක් බලහත්කාරයෙන් කඩා වැදී එහි තිබූ රුපියල් ලක්ෂ 5කට අධික මාළු තොගයක් කොල්ල කා ඇතැයි වත්තල පොලිසිය පවසයි. 17 February 2021
රහස් පොලිසියේ බව අඟවා විහාරයකින් පිළිමයක් සොරාගෙන රහස් පොලිසියේ පිරිසක් බව අඟවා කතරගම ශ්‍රී මල්ලීකාරාම විහාරස්ථානයට කඩාවැදුණු පිරිසක් අද (17) විහාරස්ථානයේ තිබූ රන් ආලේපිත, කිලෝ 07 ක් පමණ බරැති බුදු පිළිමයක් සොරාගෙන පලාගොස් තිබේ. 17 February 2021
එක්සත් රාජධානියෙන් නව කොරෝනා වයිරසයේ තවත් අලුත් ප්‍රභේදයක් ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ තවත් අලුත් ප්‍රභේදයක් සොයාගැනීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ සමත්ව සිටිති. 17 February 2021
දැදුරු ඔය රක්ෂිතයේ දැවැන්ත කුඹුක් ගස් කපති දැදුරුඔය රක්ෂිතය තුළ දැවැන්ත කුඹුක් ගස් හතරක් කපා පැටවීමට සූදානම් කර තිබියදී සැකකරුවකු, බැකෝ යන්ත්‍රයක්, විශාල කුඹුක් කඳන් 9 ක් සමඟ කොබෙයිගනේ විලගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 17 February 2021
මෝදි මේ තැනට ආවේ ශ්‍රී ලංකාවේ වරදින් නොවේද? ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව ඉන්දියාවට තිබෙන කැක්කුමට දීර්ඝ ඉතිහාසයක් තිබේ. මේ අයිතිවාසිකම් සහ කැක්කුම දෙරටේම ජාතික දේශපාලනය තුළ සුප්‍රකට, එසේම ඉහළ ඉල්ලුමක් ඇති රසවත් කටගැස්මකි. ලංකාවේ නම් ජාතික මැතිවරණ තුළද ඉන්දියාවේ නම් ප්‍රාන්ත මැතිවරණවලද අතදිග හැර මාකට් කළ හැකි මාතෘකාවකි. 17 February 2021
ලුණු මුවාවෙන්ගෙන ගිය ලක්ෂ 30 ක කහ තොගයක් අල්ලයි ලුණු පැකට් තොගයක් තුළ සඟවා ප්‍රවාහනය කරමින් තිබූ ලක්ෂ 30 කට ආසන්න කහ තොගයක් ලොරි රථ දෙකක් සමඟ අද (17) අලුයම අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පවසයි. 17 February 2021
රෝහිණී කවිරත්න - රෝහණ දිසානායක එන්නත එපා කියති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබා දෙන ඔස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනිම තමන් ප්‍රතික්ෂේප කරන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි(සජබ) රෝහිණි කවිරත්න මහත්මිය සහ ආණ්ඩු පක්ෂයේ මාතලේ දිසා පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහණ දිසානායක මහතා පැවසූහ. 17 February 2021
බඩෝවිට අසංකට අයත් කෝටි 3ක හෙරොයින් අල්ලයි රුපියල් කෝටි තුනකට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු පිලියන්දල බටුවන්දර ජඹුරලිය ප්‍රදේශයේ දී ඊයේ (16)රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය කියයි. 17 February 2021
අද කොරෝනා මරණ 6 යි : ආසාදිතයන් 756 යි කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 6 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (16 වැනිදා) තහවුරු කරයි. 16 February 2021
බණ්ඩාරිගොඩ විහාරස්ථානයක උණ්ඩ තොගයක් ඉදුරුව බණ්ඩාරිගොඩ විහාරස්ථානයක විහාරගෙයි පිටුපස වළදමා තිබූ උණ්ඩ තොගයක් අද (16) සන්ධ්‍යා කාලයේදී සොයා ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි. 16 February 2021
‘කෝවිඩ් එන්නත ලබා දෙන පිළිවෙල වහාම රටට හෙළි කරන්න’ ලක්ෂ 220 ක වන රටේ සමස්ත ජනතාවට කොවිඩ් එන්නත නොමිලේ ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 16 February 2021
කොවිඩ් සිරුරු භූමදානය ගැන අගමැති කීවේ එතුමාගේ අදහසයි කොව්ඩ්-19 වයිරසය ආසාදිත මරණ භූමදානය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ තමන්ගේ අදහස බවත් ඒ සම්බන්ධයෙන් තීරණ ගත හැක්කේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් පමණක් බවත් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. 16 February 2021
දර්ගා නගරයේ වෙඩි තැබිමක් අලුත්ගම දර්ගා නගරය අදිකාරි ගොඩ ප්‍රදේශයේදී අද (16) සවස සිදු වූ බව කියන වෙඩි තැබීමක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව අලූත්ගම පොලිසිය කියයි. 16 February 2021
හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම 24 දා සළකා බලයි නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා ගොනු කළ රිට් පෙත්සම මෙම මස 24 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (16) තීරණය කළේය. 16 February 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026