(විනීතා එම් ගමගේ)
උඩවලව ඇත් අතුරු සෙවනේ රඳවා සිටින අලි පැටවුන් 14 දෙනා ඔවුන්ගේ පැරණි හිමිකරුවන්ටම ලබා දෙන ලෙස දන්වමින් ලබා දී ඇති නියෝගය බල රහිත කරන ලෙස දන්වා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුලු සියලු වගකිව යුත්තන්ට විරුද්ධව එන්තරවාසියක් යැවීමට කටයුතු කරමින් සිටින බව පරිසර යුක්ති කේන්ද්‍රය කියයි.
වන සතුන්ගේ ආරක්ෂාව හා රැකවරණය උදෙසා බලපවත්වන්නාවු නීතිය ඇතුලත් වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 6 වන වගන්තියේ දෙවන කොටස ප්‍රකාරව ලියාපදිංචි නොකළ අලි පැටවුන් ලඟ තබා ගැනීමට එරෙහිව චෝදනා එල්ල වී තිබියදී නව නීතියක් හරහා එහි පැරණි හිමිකරුවන්ටම නඩු භාන්ඩවල භාරකාරත්වය යළි ලබා දීමට කටයුතු කර ඇති බව බැවින් මෙසේ නීතිමය ක්‍රියා මාර්ගයකට එළැඹෙන බව පරිසර යුක්ති කේන්ද්‍රයේ උපදේශක හේමන්ත විතානගේ මහතා ලංකාදීපයට පැවැසීය.
මේ අනුව දැනට උඩවලව ඇත් අතුරුසෙවනේ රඳවා සිටින අලි පැටවුන් 14 දෙනෙක් මාස 03 ක් ඇතුලත ලියා පදිංචි කිරීමේ කොන්දේසිය මත මුදාහැරීම සත්ව අයිතීන් රැකගැනීමේ සංවිධානවල මෙන්ම පරිසරවේදීන් ඇතුලුව පරිසරය වෙනුවෙන් උනන්දුවක් දක්වන සියලුම දෙනාගේ විමතියට හේතු වී ඇතැයි ද විතානගේ මහතා කීය.
අලි පැටවුන් ජාවාරමට එරෙහිව පරිසර සංවිධාන විසින් ගෙන ගිය දැඩි බලපෑමිවල ප්‍රතිඵලයක් වශයෙන් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,පොලිස් දෙපාර්තමේන්තුව විසින් අලි පැටවුන් 38 දෙනෙක් අත් අඩංගුවට ගෙන එහි චූදිතයන්ට නඩු පවරා තිබුණි
මෙම අලි පැටවුන් ලබා ගැනීම සඳහා ඉල්ලීම් කර ඇත්තේ මේ රටේ දේශපාලනික බලවතුන් වන බවද අපට දැනගන්නට ඇතැයි කී ඔහු බුද්ධශාසන ,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සමඟ වන සංරක්ෂණ අමාත්‍යවරයා එක්ව 2021 මාර්තු මස 12 වන දින ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය හරහා මෙම අලි පැටවුන් නිදහස් කර ගැනිමට සිදුකළ ඉල්ලීම නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය සහමුලින්ම බිඳ වැට්ට වීමට හේතු වූ බවයි.
අලීන් මෙල්ල කිරීම සඳහා උල තිබෙන හෙණ්ඩුව පාවිච්චි කිරීමට අනුබල දීමෙන් මෙන්ම සංචාරක ව්‍යාපාරය වැනි දෑ ප්‍රවර්ධනය උදෙසා මිනිසුන් 04 දෙනෙකු පිටේ ගෙන යාමටත්,ලී කොටන් ඇදීමටත් නීතියෙන් අවසර දීමෙන් සිදුවන්නේ සත්ව හිංසනයක් වන බව දැන දැනත් තහනම් දේ නීති ගත කොට ගැසට් පාවිච්චි කරමින් එක පාවිච්චි කරමින් නීතිය නවා එක් එක් පුද්ගලයින්ට අලිපැටවුන් පවරා දීමට කටයුතු කිරීම දැඩි සේ හෙලා දකින බව ද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහත්වරුනේ, මේකට විරුද්ධ වෙන්න එපා.. මෙතන ඉන්න ඔක්කොම කැමැතියි අලින්ට කෙක්ක දෙන්න. ඒක ඒ අයගේ කැමැත්ත. ඒ අය අලින්ට කෙක්ක දීලා පුරුදු අය... අපි විරුද්ධ වුණාට ඒ අය ඒක අතහරින්නේ නැහැ..
මේ නඩු වසර 5ක් ඇදගෙන ආපු එකට යහපාලන කාරයෝත් එක්ක පුදුම වෛරයක් තියෙන්නේ... අනේ වන සතුනේ උපදින ආත්මයක මේ පින්බිමේ උපදින්න එපා...
වල් අලින්ගෙන් පීඩා විඳින හම්බන්තොට ජනතාව දන්නවා වල් අලින්ගෙන් සිදුවන ගැහැට... ඒත් වල් අලියෙක් මැරුණු දවසට ඒ අය කම්මුලේ අතගහගෙන කල්පනා කරනවා. වල් අලියෙකුගේ වටිනාකම අලියෙක් හදාවඩා ගන්න පුළුවන් අය සිටිනවා නම් කැලේ සිටින වල්අලින් අල්ලා දෙන්න. අපේ අලි සම්පත ඒ ආකාරයෙන් හරි රැකේවි. හීලෑ අලි ඇතුන් මේ රටේ ඉතා සීමිත ප්‍රමාණයක් සිටින බව නිතර ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අය පවසනවා. විහාර දේවාලවල සහ ඇතැම් පාරම්පරික අලි ඇතුන් හදා ගත් කිහිප තැනක විතරයි අද අලි ඇතුන් සිටින්නේ. පින්නවල හා උඩවලව රැකබලාගන්නා අලි ඇතුන් වෙනුවෙන්ද මුදල් වියදම් කරන්නේ? මේ රටේ ජනතාවගේ මුදල් ඒවාට වියදම් කරන්න පුළුවන් අයෙකුට දුන්නාම ඇති වරද කුමක්ද?. අද කැලයේ සිටින වල් අලින්ට කන්න බොන්න නැහැ. ගමකින් ගමකට යනවා. යන යන තැනින් අලි වෙඩි ගසා එලවනවා. පරිසරය වන සතුන් ආරක්ෂා කරන උදවිය මේවා දන්නවද? ඇතැම් විහාරස්ථානවල සිටි අලිපැටව් පවා පසුගිය කාලේ රැගෙන ගියා. නීති විරෝධි ලෙසට අලි පැටව් ජාවාරම් කරනවා නම් එයට නීතිය ක්‍රියාත්මක කරන්න. නීතියෙන් පිට නැතිව කැමැති හිමිකරුවන්ට අලි පැටව් හදාගන්න දෙන්න. එසේ නැතිවුවහොත් ලංකාවේ අලි බලන්න වෙන්නේ නැහැ.
අපේ රටේ ඉපදිච්ව වන සතුන් පවා පෙර පව් කරපු බවකුයි පෙනෙන්නේ...