(නිමල කොඩිතුවක්කු)
ආර්ථිකය ශක්තිමත් කිරීමට යැයි පවසමින් ආණ්ඩුව ගනු ලබන තීරණ හේතුවෙන් ජනතාව කබලෙන් ලිපට වැටී ඇතැයි සමගි ජන බලවේගය මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා කොළඹදී පැවසීය.
ජනතාවාදී වැඩපිළිවෙළක් නොමැතිව ආණ්ඩුව පුස්සක් බවට අද වන විට හැට නම ලක්ෂයේ ජනතාවට තේරුම් ගොස් ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ 07 ,මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගය මාධ්‍ය ප්‍රකාශක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මෙසේ ද කීය.
"අත්‍යවශ්‍ය කොමසාරිස් හා කණ්ඩායම් ගිහිල්ලා සහල් අල්ලනවා කියලා ආණ්ඩුව ලොකු ජවනිකාවක් ගෙනියනවා. මේ හාල් ගිහිල්ලා අල්ලලා සීනි ඇල්ලුව වගේම මුදල් දීලා ගන්නවා. ඒවා රාජසන්තක කරන්නේ නැහැ. අල්ලනවා කියන එක බොරුවක් මේවා ගිහිල්ලා සල්ලි දීලා ගන්නේ. එසේ ගන්න සහල් මේ වගේ නාට්‍යයක් දාලා ජනතාවගේ ඇස්වලට වැලි ගහන්න එපා කියලා කියනවා.
කාබනික වගාව එකපාර කරලා සම්පූර්ණම නිෂ්පාදන අඩාල වෙලා තිබෙනවා. ඇත්ත ප්‍රශ්නය එන්නේ දැන් නෙමෙයි. ඉල්ලුමට හරියන සැපයුම දී ගන්න බැරි උනහම වෙළඳපොලේ මිල ඉහළ ගියාම මේ සැබෑ ප්‍රශ්නය එන්නේ තව මාස තුනක් හතරක් යනවිට. දැන් ෂෝ එකක් දාන්න හරි පහුගිය කන්න වගා කරපු හාල් තිබෙනවා. නිෂ්පාදන නැතිවුණාම මෙවැනි ෂෝ එකක් දාන්නත් බැරිවෙනවා.
ඒ වගේම අනාගතයේදී මුහුණ පා ඇති ආර්ථිකයේ තිබෙන ඩොලර් අර්බුදය නිසා ආනයන සැලකිය යුතු ලෙස සීමා කරන්න වෙනවා. එහිදී පරිප්පු සීනි වගේ අත්‍යවශ්‍ය දේවල් ගේන්න බැරි උනහම සහල් තේ නිෂ්පාදනය අඩු වුනහම මිල ඉහලට යාවි .එය පාලනය කරන ආණ්ඩුවට බැහැ.
ඊට පස්සේ ඒකට කෑ ගගහ ඉදල වැඩකුත් නැහැ. අපි දන්නවා කෘෂි අපනයන වලින් තමයි වසරකට ඩොලර් මිලියන 2400 ක විතර ආදායමක් ලැබෙන්නේ. අපිට ඩොලර් අත්‍යවශ්‍යම මොහොතක නිෂ්පාදනය අඩුවීම නිසාත් ඔලමොට්ටල තීරණ අරගෙන නිෂ්පාදන අඩුවීම නිසාත් අනාගතයේදී ආදායම එන්නේ නැහැ. ආදායම විතරක් නෙමෙයි දේශීය පරිභෝජනයට අවශ්‍ය ආහාර ටිකත් නැති වෙනවා. එහිදී මිල ඉහළ යනවා මේ දේවල් තුලින් ජනතාව කබලෙන් ලිපට වැටෙන එක ආණ්ඩුවට නවත්තන්න බැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නම් නියම "ඔරිගීනල් වාචාල අපතයෙක්ය".
විවේචනය සාර්ථක වන්නේ සක්‍රීය ප්‍රායෝගික විකල්පයක් සමගම ඉදිරිපත් වූ විටයි. බලයේ ඉන්න කණ්ඩායම ජනතා අප්‍රසාදයට පත්වී ඇතත් ප්‍රධාන විපක්ෂය ගැන කිසිඳු ධනාත්මක ආකල්පයක් ඇතිකර ගැනීමට වත්මන් ක්‍රියාකාරීත්වය අපොහොසත් වී ඇත.
ජනතාව අසීරු දිවි පෙවතක් ගත කරයි. ඒක ඇත්ත... ඒත් මේ රජය සියළු දේ කළමනාකරණයට ගන්නා උත්සාහය ජනතාවට මැනවින් වැටහී ඇත. ඔවුන් රජය අසීරුවට පත්වෙන කිසිත් නොකරයි.... අපටද ඔවැනි මාධ්‍ය සාකච්ඡා ඇසේ. ඒවායේ හරයක් නැත. නන්නත්තාර වී ඇති බවක් නම් හොඳින් පෙනේ.
ආණ්ඩුවට වඩා විපක්ෂය, ජනතාවට එපා කරවීමට මෙතුමා සෑහෙන සේවාවක් කරනු පෙනේ. එය දෙවෙනි වනුයේ මනුෂ නානායක්කාරගේ සේවාවට පමණි...
2015 න් පස්සේ අපිට මතකයි . රටේ කිසිදු ප්‍රශ්නයක් නැතිව තියෙද්දී ත් කබලක් නැතිව ම ලිපේ පිච්චිලා ගියපු හැටි.
මිනිස්සු ගොනාට අන්දන පිස්සු කතා කියන්නේ නැතුව තමාගේ වර්ගයාට සෞඛ්‍ය ආරක්ෂණ නියෝග යටතේ වැඩ කරලා එන්නත්කරණය ලබාගන්න කියලා, එහෙමත් ආදර්ශයක් කරනවා .