(අංජුල මහික වීරරත්න)
තිරසර කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සඳහා වන අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය සදහා සාමාජිකයින් පත් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
සබරගමුව විශ්ව විද්‍යලයේ මහාචාර්ය පී.අයි.යාපා මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම බලකායේ සාමාජිකයන් ගණන 14 කි.
මහාචාර්ය උදිත කේ. ජයසිංහ ( කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්), මහාචාර්ය මාලක රන්තිලක (පේරාදෙණිය විශ්ව විද්‍යලය), මහාචාර්ය කේ.එස්.හේමචන්ද්‍ර (පේරාදෙණිය විශ්ව විද්‍යලය), මහාචාර්ය චන්ද්‍රිකා නානායක්කාර (කොළඹ විශ්ව විද්‍යලය), මහාචාර්ය ගාමිණි සේනානායක (සභාපති - ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව), මහාචාර්ය සනත් අමරතුංග (පේරාදෙණිය විශ්ව විද්‍යලය), මහාචාර්ය සංජීවනී ගිනිගද්දර (රජරට විශ්ව විද්‍යලය), ආචාර්ය යසන්තා මාපටුන (ව්‍යාපෘති අධ්‍යක්ෂ - කුඩා පරිමාණ කෘෂි සහභාගිත්ව වැඩ සටහන), අචාර්ය හේමන්ත විජේගුණවර්ධන (විශ්‍රාමික අතිරේක ලේකම් - කෘෂිකර්ම අමාත්‍යාංශය), සෑම් සමරසිංහ (ව්‍යවසායක - පි.ඒ.එස්.මාකටින් පුද්ගලික සමාගම), කේ.ඒ අනිල් (ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය), අරුණකාන්ත බණ්ඩාර (ව්‍යවසායක - හෙල්දිස්ලා පුද්ගලික සමාගම), සචිත්‍ර යාපා ව්‍යවසහයක (නිල්මිණි එස්ටේටි පුද්ගලික සමාගම) මහත්ම මහත්මීහු මෙහි සෙසු සාමාජික සාමාජිකාවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය ගොට්ටොයි, මැට්ටොයි, හොට්ටොයි... ඔක්කොම ඇතුළට දාගත්තා කියලා සිදුවන සුගතිය කුමක්ද?
කාලෙක නිල් බලකාය කියලා එකකුත් තිබුණා. අපරාදේ කියන්න බැහැ...
ඔබට සුබ පැතුම්, ස්වාභාවික ගොවිතැන පිළිබඳ නිශ්චිත විස්තරයක් ලබා දිය යුතු අතර ස්වාභාවික ගොවිතැන සංකල්පය සහ එය කාබනික ගොවිතැනට වඩා වෙනස් වන්නේ කෙසේද යන්න පිළිබඳව ගොවීන් සහ සේවකයින් දැනුවත් කිරීම, ස්වාභාවික ගොවිතැන සඳහා මාර්ගය ඔබ සැමට හඳුනා ගැනීමට හැකි වේ යැයි අපි බලාපොරොත්තු වෙමු.
අනේ වාසනාවන් .ආයේ පිටරටින් කිසිම දෙයක් ගේන්න අවශ්‍යතාවක් නැතුවයැයි.ජයවේවා