(සුජිත් හේවාජුලිගේ )
මෙරට කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 95.8 කගේම ශරීරවල ඇත්තේ මාරාන්තික ඩෙල්ටා සැර කොරොනා වයිරස ප්‍රභේදය බව පෙනී යන්නේ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
මේ අතර මෙරටින් මේදක්වා සොයාගෙන ඇති ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන් සංඛ්‍යාව අද (10) වනවිට 359ක් දක්වා ඉහළ ගොස් තිබිණ.
රටපුරා කොරෝනා ආසාදිතයන්ගෙන් අහඹු ලෙස ලබාගත් ජෛව පටල සාම්පල පිළිබඳව පැවැත්වූ ජාන විශ්ලේෂණ පරීක්ෂණයේ අලුත්ම වාර්තාව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද (10) බාරදෙනු ලැබීය.
එම තොරතුරු සඳහන් වී ඇත්තේ මෙම වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට එපා වෙලා ඉන්නේ. මොනවා කියනවද දන්නේ නැහැ
මේ ජීවන්දර උන්නැහේම සති කීපයකට කලින් කිව්වා, ඩෙල්ටා තියෙන්නේ කොළඹ විතරයි, පිටට ගිහින් නෑ කියලා. හැබැයි ඒ දවස්වලම ආපු WHO වාර්තාවක තිබ්බා රට පුරාම ඩෙල්ටා පැතිරිලා කියලා. එක්කො කට මෙතුමගෙ උනාට කට මෙහෙයවන අත වෙන පිරිසකගෙ. නැත්තම් මෙතුමාත් වෙනම න්‍යාය පත්රයකට වැඩ කරන්නේ.
දැන් ඔය කොරෝනා පස්සේ ගියා ඇති .රට ඇරලා මිනිස්සුන්ට ජීවත් වෙන්න පරිසරයක් සකස් කරලා දෙන්න .කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් .මේක ජාත්‍යන්තර ජාවාරමක් .
රටේ ඩෙල්ටා වුණාට... ගෙදර නම් ඉතින් මයිලේඩි තමයි..!