(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
වාරිමාර්ග අමාත්‍ය, රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාටද කොවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටී.
චමල් රාජපක්ෂ මහතා කොවිඩ් රෝගියකුගේ ආශ්රිතයකුවීම නිසා සිය නිවසේ නිරෝධායනයට යොමුවී සිටියේය.
මෙසේ නිරෝධායනයට යොමු වී සිටියදී පී.සී.ආර් පරීක්ෂණයකට යොමුවූ අවස්ථාවේදී ඔහුට කොවිඩ් ආසාදනයවී ඇතැයි මෙලෙස තහවුරුවී ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා..!!!
එතුමාට ඉක්මන් සුවය ලැබේවා!
එතුමා මෙන්ම ලංකාවේ සියලුම කොවිඩ් රෝගීන් සුවපත් වී රටම නැවතත් යථා තත්ත්වයට පත්වේවා!
දැන්වත් ඇස් ඇරේවා... මෙතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු...
කරපු හොඳ, නරක ගැන ස්වයං විවේචනයකට හොඳ අවස්ථාවක්. ඉක්මණින්ම සුවවේවා..!!!
අප අතරේ දේශපාලන මතවාද වෙනස් වුවත්, අපේ රටේ සියලු දෙනා සුවපත් වී සිටිනු දැකීම අපගේ එකම බලාපොරොත්තුවයි. ඔබත්, අපත්, ලෝකයේ සියලු දෙනාත් මෙම රෝගයෙන් මිදී සුවපත් වේවා! අපි විඳපු එදා ලෝකය නැවතත් අපට ලැබේවා!
ඉක්මණින් සුවපත් වේවා..!!!
රටට සත 5ක වැඩක් නැහැ.
හිත හොඳ මනුස්සයෙක්. ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා...!!
අනික් රාජපක්ෂවරුන්ට අනිත්‍ය සිහි කිරීමට හොඳ අවස්ථාවක්... ඉක්මනින් සුවය ලැබේවා!
අපායේ සියලු දොරටු විවර වේවා !!!
මේ සැරේ මොන ආරංචියක් ලැබෙයිද දන්නේ නැහැ...
අනේ දෙවියනේ, මෙයා දිහා බැලුවා වගේ මෙයාගේ පරම්පරාවේ අනිත් අය දිහාත් බලන්න...
සිංහරාජ රක්ෂිතයේ වැව් 2ක් හදන, හමුදා ඇඳුම් ඇඳපු චීන්නු ලව්වා අභය වැව හාරපු, එක්ස්ප්‍රස් පර්ල් නැවේ විනාශය වහන්න නැව ගිලිච්ච තැන මාළු බිත්තර දානවා.. මුහුද සැර කාලෙට කැස්බෑවන් ඕනෑතරම් මැරිලා ගොඩගහනවා කිව්ව හම්බන්තොට ජනතාවගේ නියෝජිතයා නේද මේ...?
අපි හිතුවේ සාටකේට කොවිඩ් බයයි කියලනේ...
ඉක්මන් සුවය ලැබේවා
ඉක්මන් සුවය ලැබේවා මෙයාටත් පවුලේ අයටත්... !!!
ඉක්මන් සුවය ලැබේවා. රත්නායක - අඟුණකොලපැලැස්ස, ඒ මහත්මයා පින්කම් කරගෙන තියෙනවද දන්නේ නෑනේ සුගතියේ යන. ඒක නිසා ප්‍රාර්ථනා කරලා කවුරුවත් අපායටවත් දිව්‍ය ලෝකයටවත් යවන්න බෑ. ඒගොල්ලෝ කරගෙන තියෙන දේවල් අනුව යන තැනක යයි. හැබැයි ඔය විදිහට ප්‍රාර්ථනා කරන එක නම් හොඳ දෙයක් නෙවෙයි.
ඉක්මන් සුවය ලැබේවා . තෙරුවන් සරණයි
අට ලෝ දහම එයාටත් පොදු වගේ ?පාර්ලිමේන්තුවේ බෙරිහන් දුන්නේ ,ෆොන්සේකාට කොහොමද ?කවුරුත් මැරෙනවා ,කුණු වෙනවා,ලෙඩ හැදෙනවා ,සනීපත් වෙනවා ,සමහරු ජීවිතේ පුරාම ලෙඩ්ඩු විදියට ජීවත් වෙනවා ,අමතක කරන්නෙත් මේ ටිකම තමා
ඉක්මන් සුව පතමු