( තිළිණි ද සිල්වා )
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වුවද පසුගිය අගෝස්තු මාසයේ දීත් විදෙස් සංචාරකයන් 5,040 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටි.
ඒ අනුව පසුගිය මාසයේ ශ්‍රී ලංකාවට මෙම විදේශ සංචාරකයින් පිරිස මේ වසරේ මසක් තුළ පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත්කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වාදෙයි.
මැයි මාසයේ දී විදෙස් සංචාරකයින් 1,497ක් ද , ජුනි මාසයේ දී විදෙස් සංචාරකයන් 1,614 ක් පැමිණි ඇති අතර ජුලි මාසයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 2,429 ක් ද මෙරටට පැමිණි ඇතැයි එම අධිකාරිය කියා සිටී.
මේ වසරේ මේ දක්වා කාලය තුළ විදෙස් සංචාරකයන් 24,377 දෙනෙකු සංචාරය සදහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන නමුත් කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් එය පසුගිය වසරට සාපේක්ෂව සංචාරකයින්ගේ පැමිණීමේ විශාල පහල යාමක් බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වාදෙයි.
සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වැඩසටහන යටතේ දිවයිනට පැමිණි ඔවුන් කොරෝනා වෛරස් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පරීක්ෂාවන්ට ලක්කර තිබෙන අතර පසුගිය මාසයේ දිවයිනට පැමිණි සංචාරකයින් අතරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ කැනඩාවෙන් බවද වාර්තා වෙයි. මීට අමතරව ජර්මනිය, බ්‍රිතාන්‍යය, පාකිස්තානය සහ ඉන්දියාව යන රටවලින් සංචාරකයින් පිරිසක් පැමිණ ඇත.
සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම සදහා පූර්ණ එන්නත්කරණය ලැබූ ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අවස්ථාව ලබාදීමේ වැඩසටහනක් ද පසුගිය අගෝස්තු 24 වැනිදා ආරම්භ කෙරිණි. ගෝලීය වසංගතයට පෙර ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන්නේ යුක්රේනයේ, ඉන්දියාවේ, පාකිස්තානයේ ඉඳලා ආපු අය ගැන වෙන්නැති...