
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිසට පහරදී ඝාතනය කළ බවට සැකකරන විවාහක කාන්තාවගේ සිරුර නිවසේ මෙට්ටේ මත තිබියදී ඇගෙ සැමියාගේ සිරුර නිවසෙහි බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගත් බව කැස්බෑව පොලිසිය කියයි
මෙලෙස මළ සිරුරු හමුවී ඇත්තේ කැස්බෑව බටුවන්දර ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි සුසන්ත කන්දගේ (39 ) හා ඔහුගේ බිරිඳ වන පියුමි මධුෂිකා ලියනවඩු (28) යන අඹු සැමියන්ගේය
මියගොස් සිටි සැමියා විසින් පියාට සහ සහෝදරියට ලියන ලද ලිපි දෙකක් හමු වූ බව පොලිසිය කියයි
ඝාතනයට ලක් වූ බවට සැක කරන රූමත් කාන්තාවගේ මළ සිරුරු නිවසේ කාමරයක බිම දමන ලද මෙට්ටයක් මත තිබියදීත් සොයා ගැනුනු අතර ඇයගේ හිසට යම් මොට ආයුධයකින් පහර දීමේ සලකුණු දක්නට ලැබුණු බවත් හිසෙන් දැඩි ලෙස රුධිරය වහනය වී ඇතැයි පොලිසිය කියයි
සැමියාගේ සිරුර නිවසේ සාලයේ මුදුන් ලීයේ පටියකින් එල්ලෙමින් තිබියදී සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි
රූමත් කාන්තාවගේ ඝාතනය සැමියා විසින් සිදුකළ බවට බොහෝදුරට සැක කළ හැකි යැයි පොලිස් නිලධාරියකු පැවැසීය
සිය සහෝදරයාගේ සිරුර නිවසේ බාල්කයේ එල්ලී මින් තිබෙන දුටු සහෝදරියක විසින් පොලීසියට කල දැනුම්දීමක් අනුව මළ සිරුරු සොයාගෙන ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි!!! සිංහල ජාතිය ඉතාම ඉක්මනින් ගතිගුණ අතින් පිරිහෙමින් පවතින ජාතියක් වී ඇත (මාද ඒ ගොඩට ඇතුලත්ය). මිනිසාගේ පරිහානියක් කොහොමත් දකින්න තියෙනවා. රට පාලනය කරන්න මිනිසුන් හරියාකාරව තෝරන්නේ නැති තැනේ සිට දැන් දැන් අනුන්ගේ ජීවිත පමණක් නොව තමාගේ ජීවිත ගැනද කිසි වටිනාකමක් නොසිතයි. මහා ආත්මාර්ථකාමී පිරිසක් වී ඇත. බුද්ධිමත්ව සිතා කටයුතු නොකරයි. මිනිස්සු ගුණාත්මක කරන්නේ කොහොමද? එහෙම ගුණාත්මක වුනොත් බුද්ධිමත්ව සිතන්න ගත්තොත් සමහර අයට පාඩු වෙන නිසා මොනවත් කරන්නේ නැද්ද?
සැමියානම් මේ වැඩේ කළේ අනියම් සම්බන්ධතාවයක් කොතන හරි කෙළවරක ඇති. මිනිසුන් සතිය නැතිකරගන්නෙ කාමය නිසා.
ලොකු සූට්කේස් එකක් ගන්න බැරිවෙන්න ඇති ඇදිරිනීතිය නිසා.
මේ වගේ සිද්ධීන් දැන් නිතරම අහන්න ලැබෙනවා. සමාජය, මිනිසුන්ගේ මානසික මට්ටම් තිබෙන්නේ උග්‍ර පිරිහීමක. මේ යන විදියට මේ වගේ දේවල් තව ඉස්සරහට වැඩි වෙන්න පුළුවන්. රටක් විදියට අපි ආර්ථික, සමාජීය, සාර්ධර්ම හැම පැත්තෙන්ම ශීඝ්‍ර පරිහාණියකට ගමන් කරමින් සිටින්නේ. අපේ රටේ මානසික සෞඛ්‍යය කියන විෂය පථය ගැන නම් සත පහක අවධානයක් නෑ.
මෙම සිද්ධියට හේතුව නොදනිමි. අනියම් සම්බන්ධතා නිසා තමයි මෙහෙම දේවල් වෙන්නේ...
අපේ ජාතිය වැනසිම පටන් අරගෙන ඉවරයි.. අපේකම කියන දේ සිංහල ජාතීන් අතර විනාශ වෙනවා.. ඉවසීම නැතිකම නොයෙක් ආසාවල් පසුපස හඹා යෑම නිසා මෙවැනි සිදුවීම් තව ඉදිරියටත් අසන්නට ලැබේවි..
ආත්ම ගණනක් තිස්සෙ කියාගෙන එන දේවල් කියලයි මම හිතන්නෙ.ඵකට හමුවෙන්නෙත් ඒකනෙ.දෙන්නම එකතුවෙලා පෙර ආත්මයක කරපු පවක් කාට හෝ.
මෙහෙම දේවල් වෙන්නේ අගහිඟකම් නිසාද?
ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අපේ රටේ දැන් දැන් මිනිස්සුන්ගේ සිත් සතන් ඉතාමත් කූරිරු ලෙස දූෂණය වි ඇත, මෙලෙස මේ පිරිහීමට ලක්වීමට හේතුව නම් සෑම අංශයකම පිරිහීමයි,රට පාලනයක කරන ඉහළම තලයේ පුද්ගලයාගේ සිට පහලම යාන්ත්‍රනය දක්වා ම හොරකම්,මැරකම් සහ සංස්කෘතික පිරිහීමයි .බුදු දහමේ හරය සහ මග පෙන්වීම යටතේ ගොඩනැගුණු අප සමාජය එයින් දුරස් වීමේ ප්‍රථිපලයක් ලෙස මෙවන් අපරාද ඉදිරියේත් සිදුවේවී.
මේවත් ප්රවෘත්ති ද?