(අංජුල මහික වීරරත්න)
ලංකාවේ අනාගතයට අදාළව ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රයක් ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය ස්ථාපිත කරන ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රයට පාක්ෂිකයන්ට මෙන්ම වෙනත් පක්ෂවලට ද යෝජනා ඉදිරිපත් කිරීමට හැකි වීම විශේෂ කරුණක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
පක්ෂයේ 75 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධාන කළ දීප ව්‍යාප්ත සම්මන්ත්‍රණ 75න් ලැබෙන ප්‍රතිචාර පදනම් කර ගනිමින් මෙම ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රය ස්ථාපිත කෙරෙයි.
ඊට අමතරව ඔන්ලයින් ක්‍රමවේදය අනුව රට පුරාම සාමාජිකයන් බඳවා ගැනීම සඳහා නව බැංකු ගිණුමක් ද ලබන සතියේ ඇරඹීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
කොරෝනා අර්බුදය හමුවේ රට ගොඩනැගීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ වැඩපිළිවෙල පිළිබඳව ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පුළුල් සාකච්ඡාවක් ඇති කිරීම සඳහා ද එක්සත් ජාතික පක්ෂය විධි විධාන යොදා පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් ජාතික පක්ෂය... අන්තර් ජාතික පක්ෂය වෙච්චි දා ඉඳලා තමයි වැඩේ කොට උඩ ගියේ...
රට, ජාතිය පෙරමුණු කරගෙන හොරකම් කරන ජාතියක් වෙලා...
කේන්ද්‍ර හද හදා ඉන්නේ නැතුව කේන්දර බලව ගත්තනම් උපන් ගෙයි අපල ඉවර වෙන්නේ කවද්ද කියල දැනගන්න