
(රංජිත් රාජපක්ෂ)
සිය මව සමග නුවරඑලිය ඩන්සිනන් රක්ෂිතයට දර කැඩිමට ගොස් අතුරුදහන්වූ 26 හැවිරිදි තරුණිය නුවරඑලිය කිකිලියාමාන රක්ෂිතයේ අතරමංව සිටියදි දින පහකට පසු සොයාගත් බව නුවරඑලිය පොලිසිය පවසයි.
මෙසේ සොයාගනු ලැබුවේ නුවරඑලිය වත්තපහල කොටසේ පදිංචි ජෙයබාලන් කර්පුගධාරණි නැමති (26) හැවිරිදි තරුණියයි.
අතුරුදහන්ව සිටි තරුණිය ඉකුත් (05) දින සිය මව සමග නුවරඑලිය ඩන්සිනන් රක්ෂිතයට දර සෙවිමට ගිය අවස්තාවේ තරුණිය රක්ෂිතය තුළදී අතුරුදහන් විය.
නුවරඑලිය යුධ හමුදා කදවුරේ නිලධාරින්, නුවරඑලිය පොලිසියේ නිලධාරින් සහ ඩන්සිනන් වතු යායේ වතු කම්කරුවන් (05) දින සිට දින පහක් තිස්සේ පැය 96 ක් අතුරුදහන් තරුණිය සොයා මෙහෙයුමක් ආරම්භ කළහ.
යුද හමුදා නිලධාරින් රක්ෂිතය අසල ගම්මානවල පදිංචිකරුවන්ද දැනුවත් කර තිබිම හේතුවෙන් එම තරුණිය සොයා නුවරඑලිය ශාන්තිපුර ප්‍රදේශවාසින් නුවරඑලිය කිකිලියාමාන රක්ෂිතයේ සිදු කල මෙහෙයුමකදි එම තරුණිය රක්ෂිතය තුළ කැගසමින් සිටියදී සොයගෙන ඇත.
දින ගණනාවක් නිරආහාරව කුසගින්නේ සිට ඇති එම තරුණියට ගම්වාසින් විසින් ආහාරපාන ලබා දි පසුව නුවරඑලිය යුද හමුදා කඳවුරේ නිලධාරින්ට සහ නුවරඑලිය පොලිසියේ නිලධාරින්ට භාර දි ඇත.
අතුරුදහන්ව සිටි තරුණිය කියා සිටින්නේ ඩන්සිනන් රක්ෂිතයේ මව සමග දර කැඩිමට ගිය අවස්තාවේ සිය මව මග හැරුණු බවත්, ඉන් අනතුරුව රක්ෂිතයේ මාර්ගවල කිහිපයක ගමන් කල තමන් අතරමං වු බවයි.
රාත්‍රි කාලයේ රක්ෂිතය තුළ එක් තැනකට වි සිටි බවයි එම තරුණිය සිටියාය.
රක්ෂිතයේ අතරමංව සිට සොයාගත් තරුණිය නුවරඑලිය මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර,සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරක් නැතිව හමුවුණු එක ලොකු දෙයක්. අහිංසක මිනිසුන්...
අම්මා, තාත්තාව අතහරින්න එපා... ජීවිතයේ නියමුවන් ඔවුන් විතරයි...
මෙම තරුණිය යලි හමුවීම පිලිබදව අපගේ හදපිරි සතුට.
දැරිය කිව්වම මම හිතුවෙ පුංචි ළමයෙක් කියලා
මෙම දැරියට නිදුක් නිරෝගී සුව ලැබේවා...!
දැරිය සෙවීමට දිවා රෑ වෙහෙස මහන්සි වූ ප්රදේශ වාසීන්ට සහ ආරක්ෂක අංශ වලට ප්රණාමය පුද කරමු .
වතු කම්කරුවන් නමින්ම කියන්න ඕනෑද? අනෙක් පළාත්වල අයට විතරයිද ප්රදේශවාසීන් කියන්නේ...?
කැපවුණු සියලු දෙනාටම යෝධ බල යෝධ වීර්ය ලැබේවා