( තිළිණි ද සිල්වා )
රට තුල දැනට සිටින අන්තවාදී මතවාදයන් ව්‍යාප්ත කරන්නන් හඳුනාගෙන ඔවුන් නීතියේ රැහැනට කොටු කරගැනීමේ මෙහෙයුම් කඩිනමින් දියත් කරන්නැයි බොදුබල සේනා සංවිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.
ජාතික ආරක්ෂාව දුර්වල කිරීමට සිදුකෙරෙන කුමන්ත්‍රණ සහ අන්තවාදී බලපෑම සම්බන්ධව බොදුබලසේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී තිබේ.
ඉතා කුඩා ආරක්ෂක හිඩැස් තුලින් රිංගා පාස්කු ප්‍රහාරය වැනි අන්තවාදී ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් දියත් කිරීමේ අනතුරක් රට හමුවේ ඇති බව බොදුබලසේනා සංවිධානය සිය ලිපියෙන් පෙන්වා දී ඇත.
ඉස්ලාම් ආගමේ නාමයෙන් අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර සිදුකල පාස්කු ප්‍රහාරය මේ වනවිට දේශපාලන පා පන්දුවක් බවට පත්ව ඇති බවත් , ඒ තුලට මේ වනවිට ගෝලීය දේශපාලනය රිංගා ඇති ආකාරයක් දක්නට ලැබෙන බව ද එම සංවිධානය ජනාධිපති වෙතට යොමු කළ ලිපියේ සදහන් කර ඇත.
හුදෙක් රට තුල අස්ථාවරත්වයක් නිර්මාණය කිරීම සඳහා මේ වන විට පාස්කු ප්‍රහාරය සැලසුම් සහගතව භාවිතා කරන ආකාරයක් මෙන්ම දැන හෝ නොදැන ආගමික නායකයන් ඇතුළු යම් යම් බලවේග ඒ සඳහා යොදාගන්නා ආකාරයක් ද නිරීක්ෂණය වන බව එම සංවිධානය කියා සිටී.
අන්තවාදය මගින් ගොඩනැගෙන ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීම වැලැක්වීම සඳහා ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ කෙටි කාලීන විසඳුමත්, රට තුල දැනට සිටින අන්තවාදී මතවාදයන් ව්‍යාප්ත කරන්නන් හඳුනාගෙන ඔවුන් නීතියේ රැහැනට කොටු කරගැනීමේ මෙහෙයුම් කඩිනමින් දියත් කරන ලෙසත් අන්තවාදී සංවිධාන හඳුනාගෙන ඒවා තහනම් කර, අන්තවාදය ව්‍යාප්ත කිරීමේ අවස්ථා අවහිර කර දීර්ඝ කාලීනව ආරක්ෂිත රටක් නිර්මාණය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ්ක ඇත්ත හාමුදුරුවනේ
ඔබ වහන්සේ කියන දේවල්, රටේ පාලකයො අහන්නෙත් නෑ. අනිත් ආගම් වල අය අහන්නෙත් නෑ. බෞද්ධයො අහන්නෙත් නෑ. අන්තිමට මොකක් හරි උනාම, අනේ ඔව්නේ ඒ හාමුදුරුවො විතරයි ඕව කතා කරේ කියල සති 2ක් කියනව. ඊට පස්සෙ ආපහු බනිනව. ඇත්තෙන්ම අපේ රටේ සිංහල මිනිස්සු හරි මෝඩයි, ආත්මාර්ථකාමීයි. රටට ජාතියට ආගමට වඩා පක්ශෙ ලොකුයි.
හැබැයි සියලුම අන්තවාදීන් !!!!
පළමුව අන්තවාදී බොදු බල සේනාව තහනම් කරන්න ඕන
ඉස්සෙල්ලා අල්ලන්න ඕනේ ඔයාලා.
අන්තවාදය කියන්නෙ මුස්ලිම් විතරද?
මේ සංවිධානයත් අන්තවාදී එකක් තමයි
ඒවාගේ ඉන්න ෆේස්බුක් ඩේටා කාඩ් බුකී වීරයෝ ටිකයි.
අන්තවාදීන් යන අය කෙසේ තෝරා බේරා වැඩ කරයිද දන්නේ නෑ . ඒක විපක්ෂ වාදීන් විය හැකියි.
ආපහු පටන්ගත්ත නේද. මෙච්චරකල් මොකෝ සද්දේ වහලා හිටියේ. දැන් කොහොමත් මිනිස්සුන්ගේ අවධානය මේ වගේ ප්‍රශ්නෙකට යොමු කරන එක හොදයි. එතකොට රටේ දැවෙන ප්‍රශ්න අමතක වෙනවනේ. එන ඡන්දෙත් අපිට රට බේරගන්න පුළුවන්.
කරුණාකර මෙවර කොපමණ මුදලක් ගෙවා තිබේද?
කණ්නාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා
ඇෆ්ගනිස්තාන උම්මත්තකයන්ගේ කෲර මතවාද ලංකාවටත් අනිවාර්යෙන්ම බලපාවි. රජය මේ පිළිබඳ දැඩි අවධානයෙන් සිටිය යුතුයි.
කෝ දැන් වද කොත්තු, වඳ පෙති ආදිය.
එතකොට ඔබලත් ඇතුලත් වියයුතුයි.
උන් උන්ටවත් සාමෙන් ඉන්න බැරිකොට අන්‍ය ආගමිකයින් සමග ඉන්න බැහැ .
අපේ හාමුදුරුවනේ ඔය සංහතියම අත්අඩංගුවට ගන්න වෙනවා.
ඇයි ඔයාට මොනවද අපේ හාමදුරුවෝ කලේ.
ඔබතුමන්ලාගේ සංවිධානයත් අන්තවාදී කියලා අර කොමිෂන් සභා වාර්තාවේ තිබුණා නේද?
සංඝයා වහන්සේලාට අන් ආගම්වල අය පවා ගරු කරන්නේ බුදුන් වහන්සේගේ සුන්දර ධර්මය රැගෙන යන නියෝජිතයින් ලෙසයි. එහෙත් බොදුබල සේනාව පොලීසිය සහ හමුදාව විසින් කළයුතු දේ එම ක්ෂේත්‍ර නිලධාරීන් ලත් විනය සහ දීර්ඝ කාලීන පුහුණුව නොමැතිව හිතුමතේ කරන්නට යාමේදී මුළුරටම එක්සේසත් කරන බෞද්ධ ධර්මය ගැන පවා ඝෘණවාදී අදහස් පහළවිය හැකියි. ආවේගාත්මක ස්වරූපයෙන් පරුෂ වචන කියන මෙම සංවිධාන සාමාජිකයින් තවත් ත්‍රස්ත සංවිධානයක ස්වරූපයක් නොගන්නේද? බුද්ධිමත් සත්‍ය දත්ත පාදක කරගත් විශ්ලේ්ෂණාත්මක කථාවක් නොමැතිව හැඟීම්බර ජාතිවාදය ඇවිස්සීම මෙම සංවිධානයේ අරමුණ නම් රටේ සංචාරක ව්‍යාපාරය ඇතුළු සියළු සැලසුම් ව්‍යර්ථ වී අප විනාශය කරා යන බැව් නිසැකයි...
මේකෙ සමහර අදහසුයි, නවසීලන්තයේ මෑත සිදුවීමයි දැක්කාම පුදුම හිතෙනවා. බුදුදහම හෝ බොදුබල සේනා හෝ ආයුධ පෙන්වා හෝ බලහත්කාරකමින් හෝ කිසිවකුට බුදුදහම බලෙන් පැටවීමට උත්සාහ කර නැත. අනෙක් ආගම් අපේ ආගම විනාශ කිරීමට දරන උත්සාහයන්ට එරෙහිව එය රැක ගැනීමට අවි රහිත සටනක නියැලී සිටියි. රජය විසින් මුලදීම කළ යුතුව තිබූ ත්‍රස්තවාදය වැළැක්වීමේ ක්‍රියාමාර්ග නිසිකලට නොගෙන කල් මැරීම හේතුවෙන් දැන් දැන් ඊට විදේශ අතපෙවීම් සිදුවෙමින් පවතියි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වුවද ඉදිරියට හෝ එය වැළැක්වීමට නීති දැඩිකරන ලෙස බල කිරීම වෙනුවට සැකය මත පදනම්ව පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් වාග් ප්‍රහාර එල්ල කරමින් එම ආගමික නායකයින්ද කටයුතු කරමින් සිටියි. ඒ සම්බන්ධයෙන් කතෝලික ජනතාවට වුවද නිවැරැදි අවශ්‍යතාවයක් තිබුනේ නම් එවකට ඊට එරෙහිව දැඩිලෙස කටයුතු නොකළ එම ප්රදේශවලම වෙසෙන ඔවුන්ගේම මන්ත්‍රීවරුන් මෙවර මැතිවරණයේදී ජයග්‍රහණය නොකරනු ඇත. දැන්දැන් පාස්කු ප්‍රහාරය පිළිබඳව වහසිබස් දොඩන්නවුන් එකල ත්රස්තවාදීන් බෞද්ධ සිද්ධස්ථානවලට වැදී දසදහස් ගණන් බෞද්ධයින් මරා දැමූ පසුගිය 30 වසර පුරා කිසිදු හඬක් නගා නොතිබීමද පුදුම සහගතයි.