(සුජිත් හේවාජුලිගේ )
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ලෙස පත් කරනු ලැබ සිටී.
ඔහු එම පත්වීමේ ලිපිය අගමැතිවරයාගේ අතින් අරලියගහ මන්දිරයේදී අද (9) පෙරවරුවේ ලබා ගත්තේය
උදිත ලොකුබණ්ඩාර මහතා හිටපු කතනායකවරයකු විජමූ ලොකුබණ්ඩාර මහතාගේ දෙටු පුත්‍රයාය.
බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 2019 වර්ෂයේ දී පාර්ලිමේන්තුවට තේරී පත්වූ පත්වූ ලොකුබණ්ඩාර මහතා 2015 වර්ෂය දක්වා හත්වැනි පාර්ලිමේන්තුව නියෝජනය කළේය.
ඔහු කලක් රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙසද කටයුතු කළේය.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දැරූ වකවානුවේදී ඒ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසද කාලයක් කටයුතු කළ උදිත ලොකුබණ්ඩාර මහතා නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ආදි ශිෂ්‍යයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරහ ගස්සගන්නේ නැතිව කරගෙන යන්න
මෙයා නේද පිස්සා කිව්වේ
පවුලේ කෙනෙක් නැතුවද මන්දා ?
මේ යකා පිස්සෙක්..... මහින්ද රාජපක්ෂ තමයි එහෙම කිව්වේ....
මේකට බැනුම් අහන් නැතිව ඉන්න බැරි නිසයි ඔය යොධයා ළඟට ආයිමත් කිට්ටු වුණේ...
මෙයා බැඳලා ඉන්නේ චමල් රාජපක්ශගේ දුව. හැබැයි මැතිවරණෙන් පැරදි. ඉතින් තනතුරක් දෙන්නේ නැතුව කොහොමද? හැටනම ලක්ශයකගේ කැමැත්තනේ.
මුලු පාර්ලිමේන්තුවම පිස්සන් කොටුවක් බවට පත්කරන්න අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණයක්.
ගමේ එකාලා... ඔයා දන්නේ නැද්ද? මෙයත් එයාලගේ පවුලේම කෙනෙක් තමයි.
මෙයිට වඩා ලජ්ජා නැති කෙනෙක් හම්බුනොත් අපට කියන්න හොඳේ.