(නිමල කොඩිතුවක්කු)
ජනතාවට සේවය කිරීම ආණ්ඩුවේ වගකීම වුවත් ආණ්ඩුව සේවය කරමින් සිටින්නේ තම ගජ මිතුරන්ට පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
වත්මන් පාලනය යටතේ දත්ත මැකීමේ මගඩිය, ඇන්ටිජන් මගඩිය, ඖෂධ ජාවාරම ඇතුළු මගඩි රැසක් ජයටම සිදුවෙන බවත් මේ සියලු ව්‍යසන මැද ජනතාව අති මහත් පීඩනයකින් දුක් විඳින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
"විපක්ෂයෙන් හුස්මක්"25වන අදියර යටතේ කෑගල්ල ශික්ෂණ රෝහලට රුපියල් තිස්ලක්ෂ අනූදහසක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනට විපක්ෂ නායක කාර්යාලයේ දී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
අල්ලසට දූෂණයට මගඩියට උපරිම ඉඩ සලසන ආණ්ඩුවක් රටේ ක්‍රියාත්මක වන බවත් විපක්ෂය හැටියට සමගි ජන බලවේගය ආණ්ඩුවක් විසින් කළ යුතු ජනතාවාදී කටයුතු සිදුකරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.
මේ ව්‍යසනකාරී මොහොතේත් සංවර්ධන කටයුතු සදහා අධීක්ෂණ මන්ත්‍රීවරු පත්කරමින් මහජන ධනය විනාශ කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් සැබැවින්ම ජනතාව කෙරෙහි ආදරයක් ඇත්නම් ආණ්ඩුව කළ යුත්තේ මන්ත්‍රීවරු පෝෂණය කරමින් ඔවුන්ව සංවර්ධනය කිරීම නොව ,ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන දේ දුන්නත් මොලේ දෙන්න බැහැ කියන පැරණි කියමන අදටත් වලංගුය.......
ඉඳලා ඉඳලා කට අරිනවා මුළු පළාතම ගඳ ගස්සනවා.
අපේ රටේ විපක්ශ නායකයා විදියට ඔබතුමානන් කිසිම වැඩක් නෑ. කයිවාරුව විතරයි.
මොනවා උනත් මෙතුමා කියන කතාවේ ඇත්තක් තියෙනවා. බලලෝභි බඩගෝස්තරවාදි දූශිත ගජමිතුරු කල්ලිය හොඳ හැටියට මහජනතාවගෙන් ගසා කනවා. මේක රටේ පොඩි ළමයෙක් පවා දන්නා දෙයක්. හැබැයි මේක රවින්ද්‍ර නොදන්නා එකයි පුදුමෙ.
ඔබ තුමා කිව්වා දේවල් ඇත්ත වෙමින් පවති
ඔයාගේ තාත්තනං එහෙම නෑ නේ........
කොයි ආණ්ඩුවද? 1948 ඉඳලා ගත්තොත්
ඔබතුමාලත් හොඳ ගජ මිතුරෝනේ. බොරුවට ස්ටේජ් වල උඩ දාගෙන කෑ ගහල පාටි වලදී කරට අත දාගෙන ඉන්නේ.
ඊලග සැරෙත් මෙයාටම ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න. අනෙක් පැත්තෙන් අනුර ඉල්ලුවත් දිනනවා. ලංකාවෙ විපක්ෂ නායකයකුට ගිය කල.
ගජ මිතුරන් කාගේද කියා දැන් ඔප්පු වුනා
ඕවා පහුගිය ඡන්දෙක පාවිච්චි කරපු අසාර්ථක පරණ ලේබල්.
දැන් අර අනික් අය කොහෙද දන්නේ නැහැ..?
කවුරු කවුරුත් ඔහොම තමයි. ඒ ගැන විවාදයක් නැහැ. ඒ ගැන දැන් ඇති කතා කළා. කාදිනල් තුමාට කොච්චිකඩේ පල්ලිය හදාගන්න සිරිසේනගෙන් උදව් ගත්තා වගේ එම ප්‍රහාරයේ මහ මොළකරු අල්ලා ගන්න හැකි ඉක්මණින් දායක වෙන්න වටේ යන්නේ නැතිව... ඔබ වගකීම් පැහැර හරින කෙනෙක් මේ කරුණේදී.. ඒ මොකද? හැකි ඉක්මණින් පියතුමන්ලාට උදව් කරන්න. දැන් ඔවුන් ඒ මහ මොළකරු සොයාගෙන ඉවරයි. දඬුවම් ටික ලබාදෙන්න. මිය ගිය අයගේ පවුල්වලට, අංග විකල වූවන්ට හැකි උපරිමයෙන් කටයුතු කර පෙන්වන්න.
මේ කතාව බොරුය කියලා කියන්න පුළුවන් කමක් නැහැ නේ...
ඒ කාලේ කොරපු වාචික සම්මුක පරීක්ෂණ මතකද?? අර උස නම් සිකුරිටි මිටි නම් කම්කරු එහෙම.....ඒ වීඩියෝ තවම මැකිලා නැහැ......
ඔබතුමා කියන්නේ ඇත්ත වුනත් අපි ඔයාලට ගිය සැරේ දීලා පාඩමක් ඉගනගත්තනේ.
එතකොට මහ බැංකු පලහිලව්ව තරහකාරයෝ අතර වෙච්ච දෙයක්ද