(රංජන් කස්තුරි සහ යොහාන් භාසුර)
කොවිඩ් ආසාදිත මවක් අද කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ දී තුන්නිවුන් දරුවන් බිහි කළාය.
එම තුන් නිවුන් දරුවන් උපදින අවස්ථාවේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ බව කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය උපුලී විජයමාන්න මහත්මිය කීවාය.
කොවිඩ් ආසාදිත මව 27 හැවිරිදී වියේ පසුවන බවද ඇය සාමාන්‍ය තත්ත්වයෙන් පසුවන බවද රෝහලේ භික්ෂු කෙරිය කීවාය.
කොවිඩ් ආසාදිත මව සහ දරුවන් විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් යටතේ පසුවන බවද රෝහල් අධ්‍යක්ෂකවරිය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම සිත් සනහන පුවතක්. දරු පැටවුන්ට මෙන්ම අම්මට නිදුක් නිරෝගී ජිවිත ගතකිරීමට හැකි වේවා ....!!!!.. වෛද්‍ය කාර්ය මණ්ඩලයත් යහපතක්ම වේවා.. ඔබලාගේ සිතුම් පැතුම් සාර්ථක වේවා...!!!!.
කොරෝනා තනිකර බොරුවක් කොහොම වුනත් මේ දරුවන්ට මවට තෙරුවන් සරණයි
තුණුරුවන්ගේ පිහිටෙන් කිසිම කරදරයක් වෙන්න එපා.. අම්මවයි පැටව් ටිකයි ආරක්ෂා වේවා...
මවටත් දරු පැටවුන්ටත් නිරෝගීසුවය ලැබී යහපතක්ම වේවා!! රෝහලේ සියලු කාර්ය මණ්ඩලයට අපගේ ප්‍රණාමය .