(අංජුල මහික වීරරත්න)
හදිසි නීතිය පනවා සතියක් ගත වුවද එකම පාරිභෝගික භාණ්ඩයකවත් මිල අඩු කිරීමට අසමත් වූ ආණ්ඩුව දැන් කළ යුතු එකම දෙය සියලු හදිසි නීති රීති හකුලා ගැනීම බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
සාධාරණ මිලට ජනතාවට ආහාර දීමේ මුවාවෙන් සම්මත කරගත් හදිසි නීතිය ජනතාවට සෙතක් සැලසීමට නොයෙදවීම වත්මන් රජයේ ප්‍රබල දුර්වලතාවයක් බවද රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
1978 වසරේ සුළිසුළං අවස්ථාවේදී ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාත්, සුනාමි ව්‍යසනය අවස්ථාවේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියත් හදිසි නීති රෙගුලාසි පනවා ජනතාවට සෙත සැලසීමට ක්‍රියා කළ ද කොරෝනා වසංගතය හමුවේ රාජපක්ෂ ආණ්ඩුව පැන වූ හදිසි නීති රෙගුලාසි වලින් ජනතාවට කිසිදු සෙතක් වී නැති බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් හරියට මෙයා ගැන කරන රිනාත්මක කමෙන්ට් පත්තරේ පලවෙන්නෙ නෑ වගේ තමයි. කොහෙත් මරිසිය........
ඔයාට එහෙම වුනාට අපිට නම් හොඳ ප්‍රතිඵල ලැබිලා. සීනි හාල් දෙකේම මිල බැහැලා. එළවළු මිලත් ගිය සතියට වඩා අඩුයි
ඒ කාලෙත් ගොඩක් අඩුවට තමයි අපි කෑවේ මහත්තයෝ.
හදිස්සි නීතිය දැම්මේ භාණ්ඩවල මිල අඩු කරන්න නොවෙයි සනගවා ගෙන තිබෙන බඩු එලියට ගන්න.
උන විකාරෙන් දොඩවනවා..... මෙයාලගේ කාලේ බඩු මිල ගොඩාක්ම අඩුයිනේ... පාරවල් වහලා ගියා මතකනේ... චොපර් එකේ මලගෙවල් වලට ගියා මතකද
හුරේ... අපේ අලුත් කවටයාට ජය වේවා...!!! අප මේ කවටයාට අපේ "අ" මනාපේ ලබා දෙන්නෙමු.