
(නිමන්ති රණසිංහ)
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියට අයුතු ලෙස ඇතුළු වී එහි දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එපික් ලංකා ටෙක්නොලොජි පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හරින්ද ප්‍රියදර්ශන කල්පගේ මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා මහත්මිය අද (09) නියෝග කළේය.
සැකකරුගේ විදෙස් ගමන් තහනම් කල අධිකරණය ඒ සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයා වෙත ද දන්වා යන ලෙසට අධිකරණ රෙජිස්ට්රාර්වරයාට නියෝග කළේය.
සෑම මසකම අවසන් ඉරු දින උදේ 9ත් 12ත් අතර කාලෙදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට ද අධිකරණයක් තවත් අප කොන්දේසියක් වශයෙන් සැකකරුට නියම කළේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය දත්ත පද්ධතියේ තොරතුරු මැකී යාමේ සිද්ධිය වලක්වා නොගැනීම ගැනීම, අමතර දත්ත පද්ධතියක් පවත්වා නොගැනීම හේතුවෙන් සාපරාධී විශ්වාසය කඩ කර පොදු දේපළ පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.
ඡායාරූප: ශාන්ත රත්නායක


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප සිතු දෙය නිවැරදිය. මේ හොරා එලියේය. දැන් ඉතින් ජය මගුල්ය.
අහිංසක මනුස්සයෙකුට වුනානම් දවස් 14 වරදින්නේ නැහැ, මටනම් හිතෙන්නේ මේක නරක පුර්වාදර්ශයක්
මේක යහපාලන ආණ්ඩුව කාලේ වුනානම්
හැරෙන තැපෑලෙන් ඇප. පොදු දේපල පනතෙන් නේද නඩු දැම්ම කියන්නේ අපි නොදන්න චෙස් කිව්වලු
හැමදාම දත්ත පිටපත් කර තැබීමට තාක්ෂණික ශිල්පින්ලා ඖෂධ නියාමන අධිකාරියේ නැද්ද ? අපි ඉන්නේ නවීන තාක්ෂණය සමග නොවේද? හරි පුදුමයි .
මේ හාල් මැස්සෙක් වෙන්න පුළුවන්. මහා තෝරු ඔය දැල් වලට අහුවෙන්නේ නැහැ
රාජ්‍ය දත්ත නියාමනය පෞද්ගලික අංශයට දුන්නෙ කොන්ත්‍රාත් පිට අයට දෙන්න ඇති කැමැත්ත නිසාද? පරිගණක අන්තර්ජාල සහ දත්ත විද්‍යා විශේෂඥයින් අඩු නැතිව සිටින මේ රටේ ඔවුන් රාජ්‍ය අංශයට බඳවා මෙය කලේ නම් ආරක්ෂාව වගේම වියදමත් අඩු වෙන්න තිබුණා නේද? ආ…අමතක වුනා වියදම වැඩිවන විදියටනෙ වැඩ කරන්නනෙ අපේ අය කැමති…
රිමාන්ඩ එකට යන්න බලා ගෙනමයි ඇවිත් තියන්නේ