(සුජිත් හේවාජුලිගේ )
මෙරට වයස 30 ට වැඩි කෝටියක පිරිසකට කොවිඩ් මර්දන එන්නත ලබාදී අවසන් කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
එය විශාල ජයග්‍රහණයක් බවද හෙතෙම සඳහන් කළේය.
වයස අවුරුදු 30 ට වැඩි සියලු දෙනාට ඉදිරි දෙසතියේදී එන්නත ලබාදීම සම්පූර්ණ කිරීමට හැකිවනු ඇතැයි පැවැසූ යුද හමුදාපතිවරයා වයස අවුරුදු 20 ත් 29 ත් අතර කාණ්ඩයේ පිරිසටද දිස්ත්‍රික්ක හයකදී එන්නත්කරණය කඩිනමින් සිදුකරන බව
පැවසුවේය.
මේ අතර මෙරට හාර ලක්ෂ විසි නව දහසකට කොවිඩ් මර්දන එන්නත පෙරේදා(8) ලබාදී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මෙරට ගර්භණී කාන්තාවන් ලක්ෂයකට වැඩි පිරිසක් කොවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් ජාලයේ වෙබ් අඩවියක් තියෙනවා ලෝකයේ තත්කාලීන කොරෝනා එන්නත්කරනය ලෝක සිතියමක් ආකාරයට දැක්වීමක්. එහි දත්ත හා වර්ල්ඩ්ඕමීටර් මගින් දක්වන තත්කාලීන රෝගීන් හා මරණ සැසදීමේදී 70% පූර්ණ එන්නත්කරණය කළ රටවල කොරෝනා මරන හා පැතිරීම ඉතාම හොදින් පාලනය කර ඇති බව පෙනෙනවා. ශ්‍රී ලංකාව දැනට 50% පූර්ණ එන්නත්කරණය ආසන්නයට පැමිණ තිබෙනවා. තව මාස 2ක් යනවිට ශ්‍රී ලංකාව අනිවාර්යයෙන් මෙම සීමාවට ලගාවනවා නියතය. එවිට දිනකට කොරෝනා මරණ 10 අඩුවෙන් තබා ගෙන සාමාන්‍ය ජනජීවිතය ගතකිරීමට හැකිවනු ඇත. එන්නත්කරණය සිදුකරන සෞඛ්‍ය කාර්යමණ්ඩලයට ඒ සදහා සහාය දීම හා නිරෝධායන නීති අනුගමනය කිරීමත් මේ අවස්ථාවේ ජාතික අවශ්‍යතාවයකි.
රට අරින්නේ එන්නත් කලාට පස්සෙද?
කඩිනමින් ඒය සිදු වෙනවා බොහොම හොදයි