(අංජුල මහික වීරරත්න)
රජයේ රැකියා වලට බඳවා ගැනීමේ දී කොරෝනා වලින් මව පියා මිය ගිය පවුල්වල දරුවන්ට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ වෙනස් කර හෝ විශේෂත්වයක් දැක්විය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
පවුල් නඩත්තු කරන පුද්ගලයන් හිටිහැටියේ මියගිය පසු නිර්මාණය වන තත්ත්වය ගැන අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය නොවන බව කී එජාප සභාපතිවරයා මේ වන විටත් ලංකාවේ දස දහසක් ඉක්ම වූ පිරිසක් කොරෝනා වසංගතයේ ගොදුරු වී ඇති හෙයින් ඔවුන්ගේ පවුල්වලට යන කලදසාව ගැන ආණ්ඩුව තීරණයක් ගත යුතුව ඇතැයි ද සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරුන් සහ ක්‍රියාකාරීන් සමඟ සූම් තාක්ෂණයෙන් පැවැති සාකච්ඡාවක දී අබෙිවර්ධන මහතා මෙි බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අහගන්න මෙයත් කොරෝනා බයිලා කියනවා
ඇත්තටම හොද අදහසක්. හොද දෙය අප නිහතමානිව අගයන්නෙමු. එයට මොන පාටද මොන පක්ෂයද අපට නම් අදාලම නැත.
මේ අයව ජනතාව එළෙව්වා.
එතකොට උසද කොටද කියන එක දැන් සුදුසු කමක් නොවෙයිද?
ඒ්ක හරි
මැරිච්ච පවුල් වල අයනම් කියන්නේ මැරිච්ච අය වාසනාවන්තයි කියලා. මේ කොරෝනා නාඩගම් බලන් ඉන්නවට වඩා
ඊට වඩා හොඳ නැද්ද ඒ ළමයි විභාග පාස් වුණත් නැතත් ජීවත් වීමට අඩුම උසස් පෙළ කරනකන්වත් යම් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන එක
එක්කෙනෙක් දවසක් කිව්වා එයාගේ අයට තමන්ට ඕන විදිහට රස්සාවල් දෙන්න පුළුවන් කියල.ඒක දේශපාලකයින්ගේ අයිතිවාසිකමක්ලු
ඔබලාගේ කාලේදී අපි දැක්කා රැකියා දීපු හැටි. ඕනනම් සජිත් මහත්තයගෙන් අහන්නකො.
මෙන්න අපේ පාලකයෝ.. රැකියාවක් දිය යුත්තේ අනුකම්පාවට නොව සුදුසුකමටයි කියලාවත් දන්නේ නැහැ. දැන් කොරෝනාවත් රැකියා සුදුසුකමක් වුණා.
ආණ්ඩුවේ ඉහළ තනතුරු කෙසේවෙතත් ලිපිකරු සහ පියන් වැනි තනතුරුවලට සේවක අතිරික්තය කොපමණද කියලා බලන්න කොළඹ කන්තෝරුවලට ගිහින් බලන්න. ඒ අය වෙලාවට කන බොන එක කළාට වැඩක් කරගන්න එන ජනතාව අනුකම්පාවක් නැතිව රස්තියාදු කරන්නේ ඒ අයගේ බුද්ධි මට්ටම ගැනත් ප්‍රශ්නාර්ථයක් එකතු කරමින්. මේ තමයි අනුකම්පාව උදෙසා ඡන්දෙට වැඩ කළ අයට එන එන ආණ්ඩු සුදුසුකම් නොබලා දුන්නු පත්වීම්. හරි නම් ක්ෂේත්‍ර පරීක්ෂණයක් තියලා වැඩ කරන්න ඉගෙනගෙන නැති අයවත්, සුදුසුකම් සපුරා නැති අයවත් අතිරික්ත අයවත් ගෙදර යවන්න ඕනේ. මින් මතුවට ආණ්ඩුවේ රැකියා දෙනවා වෙනුවට පෞද්ගලික අංශය කඩාකප්පල් නොකර එවැනි ස්ථානවලට රැකියාවලට නව පරපුරට දිරි දෙන්න ඕනෑ. අපේ රටේ බොහෝ දේශපාලකයින්ට හරි තීරණ ගැනීමට ඕනෑකමක් හෝ බුද්ධියක් නැහැ. මේයන ක්‍රමය තුළ බලයට ආපුදා ඉඳන් ඒ ගොල්ලන් හරි හම්බ කරගැනීම තමයි වෙන්නේ...