(සුජිත් හේවාජුලිගේ)
රට ලබන 13 වැනිදා නැවත විවෘත කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (10) පෙරවරුවේ රැස්වීමට නියමිතය.
කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රජය විසින් රට පුරා නිරෝධායන ඇදිරි නීතිය පණවනු ලැබුවේ පසුගිය මස 20 වැනිදාය.
එදින පැනවූ ඇඳිරි නීතිය අවසන්වීමට නියමිතව තිබුණේ පසුගිය මස 31 වැනිදාය . එහෙත් එදින රට විවෘත නොකෙරුණු අතර නිරෝධායන කාල සීමාව තවත් සති දෙකකට දීර්ඝ කෙරිණ.
මේ අනුව රට නැවත විවෘත කිරීමට නියමිතව ඇත්තේ ලබන 13 වැනිදා සඳුදාය.
රජය කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය මෙසේ පැණවූයේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේද සෞඛ්‍ය අංශ විශේෂඥයන්ගේද ආණ්ඩුවේ ඇතැම් හවුල්කාර දේශපාලන පක්ෂ නායකයන්ගේද ඉල්ලීමක් අනුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වැහුවොත් බඩු මිල තවත් වැඩි වෙනවා. මේකෙන් වාසි ගන්නේ පිටරටවල් කරුණාකරලා අරින්න.
අච්චාරුවක් වෙලා ඉවර නිසා කොහොමත් එකයි.අරින්න.අරින්න
දැන් තියෙන විදිහ තවත් සති 2ක් ඇදගෙන ගියොත් හොඳයි. බාගයක් ඇරලා බාගයක් වහල
වාහන තිබෙන සල්ලිකාරයට රට ඇරලා. බස් එකේ යන දුප්පතාට රට වහලා