(රංජන් කස්තුරි)
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඉකුත් 2020 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 871ක් වැය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
භාණ්ඩ ආනයනය සීමා කර තිබියදීත් එවැනි මුදලක් අත්‍යවශ්‍ය නොවන ආනයන සඳහා වැය කිරීමට සිදු වූ බව ද 2019 වසරේ දී එම භාණ්ඩවල ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 1058ක්ව තිබූ බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මේ වසරේ (2021) මුල් මාස හය ඇතුළත අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 753ක් වැය කර තිබූ බවද මහ බැංකු දත්ත වාර්තාවල සඳහන් වේ.
ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ රිදිපිළි උපාංග, සංගීත භාණ්ඩ, පන් වර්ග, විසිතුරු නිෂ්පාදන, පිඟන් භාණ්ඩ ආදිය අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගණයට අයත් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාන්,පරිප්පු,සීනි,හාල්,පිටි තිබුනොත් හොදටම ඇති. අපි දැන් වාසය කරන්නෙ නෙප්චූන්වල. පෘථිවියේ ඉන්න බෑ.. දේශපාලනය වැඩි..
දේශීය කර්මාන්ත නගා හිටවලා ආනයනය අඩු කරනවා කියපු ආණ්ඩුව තේ කර්මාන්තයත් වට්ටලා ගොවියන්ට වගාව එපා කරවලා හැම දියුණුවක්ම සමාගම්වලට දීලා පරිසරය විනාශ කරනවාද කියලා හිතෙනවා. අපි දැක්කනෙ මාධ්‍යයෙන් අලුත් සමාගම් වැදි ජනයා ජීවත්වන කලාපයේ තිරිඟු වගා කරන්න ගිහින් ජල මුලාශ්‍රත් විනාශ කරලා තියෙන විදිහ.
එතකොට අර කට්ටිය ගෙනාපු ඒවා
ඒ කාලේ ඉඳන්ම අනවශ්‍ය දේවල් අවශ්‍ය පමණට ගෙනවානම් අද බංග්ලාදේශෙන් ණය ගන්න ඕනේ නෑනේ. මිනිහෙක් දුප්පත් නම් ඒ පවුලට අවශ්‍ය දේවල් පමණක් අරගෙන අනවශ්‍ය දේවල් අඩු කරන්න ඕන.
මේ රටේ තියෙන පළතුරු තියෙන්නේ, කිසිදිනක ගේන්න එපා.
ආනයනය නිසා පමණක් රට ආපස්සට ගියා කියල කෙනෙක් කියනවානම් එයාට නින්ද ගිහින් තියෙන්න ඇති. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ඡන්දෙකදි තරඟෙට වියදම් කරන්නෙ දිනන්න හිතාගෙන. ඉඩ කඩම් උකස් කරල ඡන්දෙට සෙනග දක්කගෙන ඇවිත් කන්න බොන්න දීල දිනන දේශපාලකයා, බලයට පැමිණි දා සිට ඒ මුදල අත යට ගණුදෙනුවලින් උපයන්න බලනවා. මේකට ඔහුට හිතවත් ව්‍යාපාරිකයින්, වෘත්තිකයින් සහ දාමරිකයින් පවා උදව් කරනවා. බලය ලැබෙන්නෙ අවුරුදු පහක් නිසා කල දුටු කල වල ඉහ ගන්නවා වාගේ පුළුවන් තරම් හම්බ කරගන්නවා. ආනයනය නිසා යන මුදල් වගේද මේ අය කල බංකොලොත් රටවල මුදල් ආයෝජනය, හෙජින් ගණුදෙනු, කොමිස්, මහ බැංකු බැදුම්කරය වගේම නව සමාගම් පිහිටවා ආණ්ඩුවේ කොන්ත්‍රාත් ගැනීම. ප්‍රධාන පක්ෂ දෙක කවදාවත් අනිත් පැත්තෙ හොරු ඇත්තට අල්ලන්නෙ නෑ. මේ විෂම ක්‍රමයෙන් ගැලවීමක් දැන් නැති ගාණයි. තම වැඩේ හීන්සැරේ කොහොමහරි කරගන්න මානසිකත්වය ඇති නූතන නාගරික ජනතාවත් මේ ක්‍රමයට හවුල් නොකියා බැහැ. ඒත් මෙයින් හුගක් පීඩා විදින්නෙ දුප්පත්ම අය. ඒ අයගෙ පීඩනය යලි සමාජය වෙත දැනෙන්න ගන්නෙ අපරාධ වැඩිවන ප්රවනතාවයක් ලෙසයි.