(සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය සේවයේ ප්‍රධානීන් විසි පන්දහසක් පමණ තීරු බදු රහිත වාහන බලපත්‍ර වසර පහකට වැඩි කාලයක් තිස්සේ ළඟ තබාගෙන   වාහනයක් මිලදී ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව වාර්තාවේ.

තීරු බදු රහිත වාහන බලපත්‍ර වෙනුවෙන් තවමත් වාහන ගෙන්වීමට රජය තීරණය කර නැති හෙයින් මේ තත්වය උදා වී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගෙන්  කළ විමසුමකදී ඔහු පැවසුවේ එම ගැටලුව නුදුරු අනාගතයේදී විසඳෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බවයි.

මෙරටට වාහන ගෙන්වීම අත්හිටුවූ පසුව රාජ්‍ය සේවකයන් සඳහා තීරු බදු සහිත  නිදහස් වාහන බලපත් සංඛ්‍යාව 25,508 ක් නිකුත් කර ඇත.

රාජ්‍ය සේවකයන්ට 2020දී 5373ක්, 2021දී 2972ක්ද , 2022දී 3340ක්ද, 2023දී 5718ක්ද , 2024දී 6062ක්ද 2025දී  2043ක්ද   වශයෙන්  තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කර ඇතැයි  ආරංචි මාර්ග පවසයි.

මේ අතර ඇතැම් රාජ්‍ය සේවකයන් තමන්ගේ විවිධ හදිසි  අවශ්‍යතා සපුරා ගැනීම සඳහා එම තීරු බදු රහිත වාහන බලපත්‍ර පසුගිය කාලයේදී  වාහන අලෙවිකරුවන්ට  ඉතාම අඩු මුදලකට විකුණා ඇතැයි දැනගන්නට ඇත.