( තිළිණි ද සිල්වා)
මෙරට තුළ ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන ලෙසට සමාලෝචනය කළයුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටී.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයන්ගේ කවයේ විශේෂ නියෝජිත මේරි ලෝලර් ඇතුලු ජගත් සංවිධානයේ ඉහළ පෙළේ නියෝජිතයන් 07 දෙනෙකු විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අවස්ථා ගණනාවකදී මෙරට රජයේ අවධානය යොමුකර තිබිණි. පසුගිය මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාව සඳහාද මෙය ඇතුළත් කර තිබිණි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයන්ගේ කවයේ විශේෂ නියෝජති පිරිස ඇතුළු පිරිස නිකුත් කර ඇති නිවේදනයෙන් දැනට අත්අඩංගුවේ පසුවන හිජාස් හිස්බුල්ලා මහතා දිගින් දිගටම රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් ද දැඩි කණස්සල්ල පළකර ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යොදා ගනිමින් හිස්බුල්ලා මහතාට වසරකට ආසන්න කාලයක් තිස්සේ සිය නීතිඥයින් සමග සම්බන්ධ වීම දැඩි ලෙස සීමා කර තිබීම සම්බන්ධයෙන් ලෝලර් ඇතුළු පිරිසගේ විශේෂ අවධානය යොමුව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රශ්නය තියෙන්නේ අපේ රටේ ත්රස්තවාදීන් ජාත්‍යන්තර ප්රමිතීන් අනුගමනය කරන්නේ නැතිබව එක්සත් ජාතීන්ගේ සංවිධානයට තේරෙන්නේ නැති එකනේ.
එක්සත් ජාතින්ගේ සංවිධානය එයාලගෙ නීති රීති යොදා ගෙන පරාජය කරපු එක ත්‍රස්තවාදී සංවිධානයක් නම් කරන්න පුළුවන්ද. එයාලගෙ නීති අපිත් අනුගමනය කලේ නම් අද ඇෆ්ගනිස්තානයට වෙච්ච දේ මීට කලින් ලංකාවටත් වෙලා. නවසීලන්තයටත් දැන් ඒක තේරිලා අලුත් නීති හදනවා.
අන්නේකයි. කොහොම හරි ත්‍රස්ථවාදී වැඩ කරන අපේම පුතාලගෙ අයිතිවාසිකම් රකින්න එපෑය. ඔය කොමිසමේ නම වෙනස් කර ගන්න්නඑක්සත් ජාතීන්ගේ ත්‍රස්ථ හිමිකම් සංවිධානේ කියලා.
ඕව ගිහින් කියපන් ඇෆ්ගනිස්ථානෙට.
අගරදගුරු තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. මහ මොලකරුවන්ට ලේ දෙන්නේ කවුදැයි මේ ලිපියෙන් අපිට පෙනේ.ඔබ වහන්සේ මේ කාලකන්නි සංවිධානෙට මනුශ්‍යයන් කවුද ත්රස්තයන් කවුද කියා කියල දීලම කටයුතු කරන්න.
හොඳ තීරණයක්
ඔච්චර වද වෙන්න ඕන නැහැ, එක්සත් ජාතීන්ගේ සංවිධානේ සාමාජිකත්වයෙන් ලංකාව අයින් වුනා නම් ඉවරනේ අර පලස්තිනේ වගේ.
මොන කෙරුවාවලින් හරි බැට කන්නෙ මේව කරපු අය නෙවෙයි. අහිංසක ජනතාව, මේ පවුලක් රකින්න ජනතාව පස් විතරයි නොකන්නෙ.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනතින් අත්අඩංගුවට ගන්නේ ත්‍රස්තවාදීන්ව.
අපේ රටේ නීති හැදෙන්න ඕනේ අපේ රටට ඕනේ විදිහට මිස කාටවත් ඕනේ විදිහට නොවෙයි.
බටහිර රටවල් වලට බින් ලාඩන් ලා ඇතුළු අල්කයිඩා ත්රස්තයන් පහර දෙනවිට, ඔවුන් ඒ අය සිටිනා තැන් සොය සොයා ජ්‍යාත්‍යන්තර නීතිය පවා උල්ලංඝනය කරමින් පහර දී ඒ අයව සමූල ඝාතනය කරනවා. ඒත්, අපේ පොඩි දේට අපට තහංචි දානවා. සුද්දන්ගේ මත වලට නිවැරදි සාක්ෂි සහිතව උත්තර දෙන්නට අපේ තානාපති හා විදේශ අමාත්‍යාංශ අංශ අසමත්වීම තමයි මේවා මෙසේ වීමට හේතුව වශයෙන් පෙනී යන්නේ. නිසි සුදුසුකම් නොමැතිව, දේශපාලන උවමනාවට, හිතවත් කමට, නෑදෑ හිතවතුන් විදේශ සේවා සඳහා පත්කිරීම තමයි රටක් මේ තත්වෙට පත්වීමට හේතුව. වරද අපේ පාලන ක්රමයේ හා රටේ ඉන්නා දේශපාලන අංශවල අවිධිමත් පාලන ක්‍රමය. ඒක සුද්දා තමන්ගෙ වාසියට හරවා ගන්නවා.
ශ්‍රීලංකාව ස්වාධීන රටක් .මොකටද ජාත්‍යන්තරයට ඕනේ විදිහට අපි නටන්නේ
මේ අදහස් දැක්කාම 69 ලක්ෂයක් හදා ගැනීම කොයිතරම් ලේසියිද කියලා තේරුම් ගන්න පුළුවන්. බොරු ජාතික ආරක්ෂාව... පුහු ජාතික අභිමානේ... කැරට් අල දෙක විතරයි ඕනේ...