(අජන්ත කුමාර අගලකඩ)
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිවුදින නිල සංචාරයක් සඳහා හෙට (10) පෙරවරුවේ ඉතාලිය බලා පිටත්ව යයි .
ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට සහභාගී සඳහා අගමැතිවරයා ඉතාලියේ සංචාරය කරන අතර, විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී එල් පීරිස් මහතා ද ඊට සහභාගී වෙයි.
යුරෝපයේ පැරණිම අධ්‍යයන ආයතනයක් වන බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ද අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසිනි .
අගමැතිවරයා මෙම සංචාරයේදී ඉතාලි අගමැතිවරයා ඇතුළු නායකයින් කිහිප දෙනෙකුද හමුවීමට නියමිතය .
මෙම සමුළුවට සහභාගී වන විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සමුළුවෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න එනවා ඉතාලියට. ඡන්දෙ දීපු අය යන්න පිළිගන්න
ගියපාරවගේ මේ පාරත් සියයක් පිරිවර සමග නවාතැන් ගන්නේ ඉතාලියේ මිල අධිකම හෝටලය වන මිලානෝ සැවොයියා හෝටලයෙද? ගියපාර ඒකේ වැඩකරන කෙනෙක් මගෙන් ඇහුවා ලංකාව මෙතරම් පොහොසත් රටක්ද කියා...
මොන බොරු ගමන්ද මේවා? ගිහින් මොනවා කතා කරන්නද?
ඉතාලි කට්ටිය බැහැලා වැඩ ඇති. රජතුමා පිළිගන්න
යුද්ධ කාලේ මෙයා තරම් කෙනෙක් නෑ. දැන් මිනිස්සු බනිනවා.
ණයක් ඉල්ලන්න වගේ...
පිංවත පිංවතිය හෙට දින වෙන්න සමා කියනවා
මිනිස්සුන්ට නොකා නොබී පටි තද කර ගන්න කියලා, මේ අය යනවා විදේශ සංචාර!!!
කීයක් සහපිරිවර අරන් යනවද දන්නේ නෑ. වෙනම ගුවන් යානයකුත් යනවා ඇති නේද?
මෙන්න පාප්වහන්සේට බොරු කියන්න යනවා.
ඔන්න අප්පොච්චි විදෙශ් සංචාර පටන් අරන්
රට වැසියන්ට පටි තදකරගන්න කියලා මේ ගොල්ලන් කරන විනාශයක්... ඇත්තටම ඔබලා ඔක්කොම රටට පිළිකාවක්. මේ වෙලාවේදිවත් තමන්ගේ පුද්ගලික මුදලින් පලයල්ලකෝ...
කවුරු හරි පට්ට සාත්තරකාරයෙක් කියන්න ඇති නරක ග්‍රහ අපලේ නැතිවෙන්න රටින් පිට යන්න කියලා... ඒකයි...
ලිච්ටෙන්ස්ටයින් කියලා රටක් තියෙනවා යුරෝපයේ... එහේ මොනවටද ප්‍රසිද්ධ කියලා අන්තර්ජාලය හොයලා බලන්න. යූටියුබ් එකේත් වීඩියෝ තියෙනවා සිංහලෙන් දාලා. "ලෝකේ වටේ සුදන්තක " කියලා හොයන්න...