පළාත් කීපයකට වැසි වාර කීපයක් බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (2) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 June 2021
චීනයේ සිනොවැක් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය චීනයේ සිනොවැක් සමාගම නිපදවා ඇති කොරොනා වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත, හදිසි භාවිතයට සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වී තිබේ. 02 June 2021
පොහොර සඟවා තිබූ ගබඩාව කඩා ගොවින්ට පොහොර බෙදයි රුපියල් 1500 පොහොර මිටි රුපියල් 4000 අලෙවි කළ පොහොර ගබඩාවක් වටලා එම ගබඩාවේ තිබූ පොහොර කල්මුණේ ප්‍රදේශයේ ගොවීනට බෙදා දිමට අම්පාර පාරිභෝගික සේවා අධිකාරිය අද පියවර ගත්තේය. 02 June 2021
එංගලන්ත තරග සංචාරයට යන ප්‍රබල ක්‍රීඩකයන් 5ක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය සඳහා නම් කර තිබෙන පළමු සංචිතයට ඇතුළත් ප්‍රබල ක්‍රීඩකයන් වන ධනුෂ්ක ගුණතිලක සහ ධනංජය ද සිල්වා ඇතුළු ක්‍රීඩකයන් පස්දෙනකු ලබන 4 වැනිදා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට පෙනී සිටීමට නියමිත යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි. 02 June 2021
දන්ත රෝහලේ සාමාන්‍ය ප්‍රතිකාර නවත්වයි ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය රෝහලේ සාමාන්‍ය සායනික ප්‍රතිකාර කොවිඩ් අවදානම හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා ඇතැයි එහි නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පවසයි. 02 June 2021
මුහුණු පොතේ බොරු සටහනක් තැබූ කළමනාකරුවකු අල්ලයි කලවාන තපස්සරකන්ද එන්නත් කිරීමේ මධ්‍යස්ථානයට ගොස් ග්‍රාම නිලධාරිවරියට බැනවැදි නිවෙසට පැමිණ එම එන්නත් රුපියල් 5000 කට අළෙවි කල බවට මුහුණු පොතේ සටහන් තැබු තේ දළු කර්මාන්ත ශාලාවක කළමනාකරුවකු අත් අඩංගුවට ගත් බව කලවාන පොලිසිය කියයි. 02 June 2021
කොරෝනා මරණ 1500 සිමාව පසු කරයි කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 43ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (1) තහවුරු කළේය. 01 June 2021
තෙවැනි කොරෝනා රැල්ලෙන් පාඩු වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට සහන ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ තෙවැනි රැල්ලෙන් බලපෑමට පත්වූ ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා සහන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. 01 June 2021
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යන්නයි නියෝගයක් කොළඹ වරාය ආසන්න මුහුදේ ගිනි ගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති විශේෂ රැස්වීමකදී තීරණය කර ඇත. 01 June 2021
ලක්ෂ 50ක කහ රේගුවේ හිර වේ රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමින් යුත් වියලි කහ කිලෝ 15,251 ක් ශ්‍රී ලංකා රේගුවේ නිවාරණ අංශය අද සිය බාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පවසයි. 01 June 2021
කොවිඩ් ආසාදිතයින් තවත් 1,989ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,989 දෙනකු අද (1) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,88,353 කි. 01 June 2021
මාළු අල්ලන්න ගිය තරුණයෝ දෙදෙනා වැවේ ගිලි මරුට හොරොම්බාව අගාර වැවේ මසුන් ඇල්ලීමට ගිය තරුණයන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි නාරම්මල පොලිසිය කියයි. 01 June 2021
‘‘ගිනිගත් නැවෙන් තෙල් කාන්දුවක් නෑ‘‘ කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් තෙල් කාන්දුවක් වී නොමැති යැයි ගුවනින් නෞකාව නිරීක්ෂණය කළ ඉන්දීය විශේෂඥයන් තහවුරු කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. 01 June 2021
කොරෝන එන්නත් නිපදවීම සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය සොයා බැලේ ශ්‍රී ලංකාවේ දී කොවිඩ් මර්ධන එන්නත් නිපදවීම සම්බන්ධයෙන් නීතිමය තත්වය, අවශ්‍ය නීතිමය ගිවිසුම් සකස් විය යුතු ආකාරය පිළිබදව විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශයේදි අද පැවැත්විණි. 01 June 2021
”එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්වරයා ඇතුළු තිදෙනාට රටින් පිටවීම තහනම් මෙරට මුහුදු සීමාවේ දි ගිනි ගැනීමට ලක්වු ”එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්වරයා ඇතුළු නිලධාරීන් තිදෙනාට මෙරටින් පිටවීම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා අද තහනම් නියෝගයක් නිකුත් කළේය. 01 June 2021
කොරෝනා ආසාදිතයෝ 8000ක් තවම නිවෙස්වල කොරෝනා වයිරස ආසාදිතයන් 8000ක් පමණ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු නොවී නිවෙස්වලට කොටුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි. 01 June 2021
සුපිරි හෝටලයේ උපන්දින සාදයට එක් වූ තවත් හයක් අල්ලයි නිරෝධායන නිති උල්ලංඝණය කර කොළඹ සුපිරි හෝටලයකදී උපන්දින සාදයට එක් වූ බව කියන තවත් හය දෙනකු අත් අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි. 01 June 2021
ඇතුල්කෝට්ටේ ඖෂධ හලකට මුද්‍රා තබයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඖෂධ හලකට මුද්‍රා තැබූ බව එම අධිකාරිය පවසයි. 01 June 2021
සබරගමුව ආදායම් බලපත්‍ර කාර්යාල මාසයක් වසයි සබරගමුව පළාත වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම ස්ථාන මෙේ මස 30 වැනි දින දක්වා තාවකාලිකව වසා තැබෙන බව සබරගමු පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය පැවසුවාය. 01 June 2021
මහවැවෙන් සූදු පොකුරක් නිරෝධායන නීති කඩා මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ නිරත වූ බව කියන පුද්ගලයන් 12 දෙනකු කොවිඩ් වයිරසයට ගොදුරු වී ඇතැයි මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 01 June 2021
බොරු ලේඛන පෙන්වා කොළඹ ආවොත් වසර පහක් හිරගෙට ව්‍යාජ කැදවීමේ ලිපි පෙන්වමින් කොළඹ නගරය ඇතුළු නගරවලට පැමිණෙන පුද්ගලයන්ට නිරෝධායන නීති කඩකිරීමේ චෝදනාව යටතේ වසර පහක් දක්වා සිර දඬුවම් ලබාදීමේ නීති ප්‍රතිපාදන පවතින බව පොලිස් ප්‍රධානීහු පවසති . 01 June 2021
හොර ප්‍රාඩෝ රථයක් සමග නාගරික මන්ත්‍රී අල්ලයි ව්‍යාජ අංක තහඩු සවි කළ ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් සමග කඩුවෙළ නගර සභා ශ්‍රිලනිප මන්ත්‍රීවරයකු කඩුවෙල වැලිවිට ප්‍රදේශයෙ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. 01 June 2021
අඩු ආදායම් ලාභින්ට 5000 හෙට සිටි සමෘද්ධිලාභීන්ට සහ අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000 දීමනාව ගෙවීම හෙට සිටි සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. 01 June 2021
ස්පුට්නික් එක් මාත්‍රාවක් දෙන්නේ විශේෂඥ කමිටුවක උපදෙස් මතයි කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ‘ස්පුට්නික් වී’ එන්නත ලබාදෙන අයට එහි එක් මාත්‍රාවක් පමණක් ලබාදීමට තීරණය කර ඇත්තේ විශේෂඥ කමිටුවක උපදෙස් මත බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. 01 June 2021
කළුබෝවිල රෝහලේ සේවකයෝ විරෝධතාවයක දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ සුළු සේවකයෝ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද දහවල් පැයක කාලයක් රෝහල ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වූහ. 01 June 2021
රට පුරා සුරාසැල් මුද්‍රා තබයි දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිහල් (සුරාබදු බලපත්‍ර සහිත ස්ථාන) අද (1) සිට මුද්‍රා තැබීමට පියවර ගන්නා ලදැයි සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පැවැසීය. 01 June 2021
පමුණුගම මුහුදේ තෙල් පැල්ලමක් ජාඇළ, පමුණුගම මුහුදු තීරයේ විශාල තෙල් පැල්ලමක් නිරීක්ෂණය වී ඇතැයි සමුද්‍රීය පිරිසර ආරක්ෂණ අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවැසීය. 01 June 2021
”එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්ගෙන් පැය 14ක ප්‍රකාශයක් මෙරට මුහුදු සීමාවේ දි ගිනි ගැනීමට ලක්වු ”එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්වරයා ඇතුළු නිලධාරීන් තිදෙනාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැය 14කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 01 June 2021
රොටි පිටි කිලෝවක් රුපියල් හතරකින් වැඩි කරයි ප්‍රිමා සමාගම විසින් නිෂ්පාදනය කරන රොටි පිටි මිල අද සිට රු 4 කින් ඉහල නංවා ඇති බව ප්‍රිමා තිරිගු පිටි සමාගමේ ඒජන්තවරු පවසති. 01 June 2021
කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ ආනයනයට පියවර ජාත්‍යන්තර තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 01 June 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026