මොරටුව නගරාධිපතිගේ ඇප ඉල්ලීමේ මෝසම විසි කරයි මොරටුව මෝල්පේ ප්‍රාදේශයේ එන්නත් කරන වැඩසටහනකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට බැණ තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාට ඇප ලබා දෙන්නැයි කළ ඉල්ලීමක් මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ මහතා අද ප්‍රතික්ෂේප කළේය. 01 June 2021
ප්‍රථම භික්ෂු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කරයි මෙරට ප්‍රථම භික්ෂු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය මල්වතු - අස්ගිරි උභය මහා විහාරීය අනුනායක ස්වාමින් වහන්සේ ප්රමුඛ මහ සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් අද (01) විවෘත කර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත නිල වශයෙන් බාර දුන්නේය. 01 June 2021
පාර්ලිමේන්තුවේ සියලු කටයුතු 07 වැනිදා තෙක් නවතී පාර්ලිමේන්තු සංකීර්ණයේ සියලුම කාර්යාල ලබන (7)වැනිදා දක්වා වසා දමා ඇතැයි එහි නිලධාරීහු පවසති . 01 June 2021
කේරළ ගංජා කිලෝ 130 කොලොන්නාවෙන් අල්ලයි රුපියල් කෝටි 1 1/2 ට අධික වටිනා කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙක් මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ නිවසකින් අද (1) අලුයම විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ භට කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 01 June 2021
සරසවිගම දෙපිරිසක් ගැටී තුනක් රෝහලට:36ක් පොලිස් කූඩුවට පේරාදෙණිය මහකන්ද සරසවිගම ගම්වැසියන් දෙපිරිසක් අතර ඇති බූ බව කියන ගැටුමකින් බරපතල කැපුම් තුවාල සහිත තිදෙනකු පේරාදෙණිය ශික්ෂණ රෝහල ඇතුළත් කළ බව පොලිසිය කියයි. 01 June 2021
චීවරයත් අවභාවිතා කරයි භික්ෂුවක් ලෙස වෙස් මාරු කර පිණ්ඩපාතයේ යන මුවාවෙන් මුදල් රැස් කළ පුද්ගලයකු මිරිහාන ප්‍රදේශයේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. 01 June 2021
පෙර පාසල් ගුරුවරියන්ට 2,500ක මාසික දීමනාවක් පෙර පාසල් ගුරුවරියන් සදහා රුපියල් 2,500ක මාසික දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත . 01 June 2021
ඕස්ට්‍රේලියා වෛද්‍ය උපකරණ 03 වැනි දා මෙරටට කොවිඩ් ප්‍රතිකාර කටයුතු සඳහා ඕස්ට්‍රේලියා රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ ලබන 03 වැනි දා මෙරටට ළගා වීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා පවසයි. 01 June 2021
‘‘මේ ආණ්ඩුව විශේෂඥයන්ගේ උපදෙස් කණකට ගන්නා බවක් පෙනෙන්නේ නැහැ‘‘ ගමෙි මරණාධාර සමිතිය පවා විපතකදී වත්මන් ආණ්ඩුවට වඩා වගකීම් සහගත අයුරින් ක්‍රියා කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. 01 June 2021
අද දවසේ කාලගුණය බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (1) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 June 2021
නිරෝධායන නීති කැඩූ 1074ක් අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 1074 ඊයේ දින අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 01 June 2021
කොරෝනා මරණ අද 43ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 43ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (31) තහවුරු කළේය. 01 June 2021
කොරෝනා ආසාදිතයන් 2882ක් අද වාර්තා වෙයි කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,351 දෙනකු අද (31) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 31 May 2021
කුරුණෑගල රෝහලට මුඛ ආවරණ ලක්ෂයක් මල්වතු විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික ඓතිහාසික රිදී විහාරයේ භාරකාර තිබ්බොටුවාවේ බුද්ධරක්ඛිත හිමියන්ගේ ඉල්ලීමකට අනුව උන්වහන්සේගේ දීර්ඝ කාලීන මිතුරෙකු වන චීන ජාතික බෞද්ධ ව්‍යාපාරිකයෙක් විසින් රුපියල් ලක්ෂ 120 ක් පමණ වටිනා මුඛ ආවරණ තොගයක් පරිත්‍යාග කළේය. 31 May 2021
ගාලු මුවදොරටත් නැවේ අපද්‍රව්‍ය ගොඩ ගසයි කොළඹ වරායට නුදුරින් ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට ඇද වැටුණු විෂ අපද්‍රව්‍ය බොහෝ වෙරළ තීරවලට ගොඩ ගසා තිබූ අතර ගාලු මුවදොර වෙරළට ද අද දවමල් අප ද්‍රව්‍ය ගොඩ ගසා තිබුණි. 31 May 2021
හොරොව්පොතාන ප්‍රා සභාවේ ගැටුමක්:සභාපතිත් විපක්ෂ මන්ත්‍රීවරයකුත් රෝහල් ගත වෙලා එක්සත් ජාතික පක්ෂයට පාලන බලය හිමි හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද පෙරවරුවේ පැවැති අවස්ථාවේ එහි විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනකු තමන්ට පහරදුන් බවට පැමිණිල්ලක් කරමින් එම ප්‍රාදේශීය සභාවේ සභාපති චාරුක උදයංග විජේරත්න මහතා ප්‍රතිකාර සඳහා රෝහල් ගතවී ඇතැයි හොරොව්පොතාන පොලිසිය පවසයි. 31 May 2021
ආසාදිතයන් තවත් 1531ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,531 දෙනකු අද (31) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 31 May 2021
ලුනු ගැන අනිසි බියක් එපා ගිනි ගත් නැවෙන් මුහුදු ජලයට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු වුවත් මෙරට ලුනු නිෂ්පාදනයට එය කිසිම බාධාවක් නොවන බව හම්බන්තොට ලංකා ලුනු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහතා පවසයි. 31 May 2021
සැර කොරෝනා හොයන්න හෙට සිට නැවත පරීක්ෂණ සැර කොරෝනා වයිරස ප්‍රභේද සෙවීමේ පරීක්ෂණ හෙට (1) අරඹන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. 31 May 2021
පොලිසියේ නිවාඩු අවලංගුව දික් කරයි පොලිස්පතිවරයාගේ නියෝග පරිදි ලබන ජුනි මස 15 වැනිදා තෙක් පොලිස් නිලධාරින්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 31 May 2021
ෂැංග්‍රිලා හෝටලයට එරෙහිව පරික්ෂණයක් නිරෝධායන නීති උල්ලංඝණය කරමින් උපන්දින සාදයක් පැවැත්වීම සඳහා පහසුකම් ලබාදුන් කොළඹ ෂැංගිලා හෝටලයේ කළමනාකාරීත්වයට සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ට ද ඉදිරියේ දී නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 31 May 2021
පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට එරෙහිව කඩිනමින් නඩු පවරනවා පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරයේ චූදිතයන් සම්බන්ධ විමර්ශන කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඔවුයන්ට එරෙහිව කඩිනමින් නඩු පැවරීමට පියවර ගන්නා බව මෙරට 48 වැනි නීතිපතිවරයා ලෙස වැඩ භාරගත් ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවේ පැවසීය. 31 May 2021
එජාප මන්ත්‍රි අසුනට රනිල් යා යුතුයි ජාතික පක්ෂයේ පුරප්පාඩුව පවතින මන්ත්‍රී අසුන සඳහා පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වහාම යා යුතු යැයි එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද( 31 )යෝජනා කළේය . 31 May 2021
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට සාමාජිකයෝ පත් කෙරෙති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සඳහා ජනාධිපති ගෝඨාභය මහතා විසින් සාමාජිකයෝ හත් දෙනෙක් අද (31) පත්කරනු ලැබූහ. 31 May 2021
දයා ගමගේ ගේ ‘ඔලිම්පස්’ සමාගමේ අධිවේගී කොන්ත්‍රාත්තුව අවලංගු කරයි මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ප්‍රමාද කළ බවට චෝදනා එල්ල වූ හිටපු අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් යැයි කියන ‘ඔලිම්පස්’ ඉදිකිරීම සමාගමේ කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. 31 May 2021
මනෝ වෛද්‍ය රූමි රූබන් ගෙන් අධ්‍යාපන බලධාරීන්ට යෝජනාවක් වසංගත සමයේදී සම්පූර්ණ විෂය නිර්දේශයම මාර්ග ගත (online) ක්‍රමය ඔස්සේ ලබාදීම නිසා පාසල් දරුවන් විශාල වශයෙන් විවිධ මානසික පීඩාවන්ට හා පීඩනයන්ට ගොදුරුව ඇති හෙයින් විෂය නිර්දේශ කෙටි කර ලබා දීමට වැඩපිළිවෙළක් යොදන්නැයි තමා අධ්‍යාපන බලධාරීන්ට යෝජනා කරන බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා ලංකාදීපයට පැවැසීය. 31 May 2021
නිරෝධායන නීති අල්ලසට යට වේ පුද්ගලයකුට ‘නිරෝධායන නීති’ කඩ කරමින් ගමන්කිරීමට අවස්ථාව ලබාදීමට අල්ලස් මුදල් ලබාගත්තේ යැයි කියන නොරොච්චෝලේ පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 31 May 2021
පන්දහස දෙන්න ලේඛන සකසයි කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් පීඩාවට පත්වූ අඩුආදායම් පිරිස්වලට රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමට අදාළ ලේඛන සකස් කිරීමේ කටයුතු අද (31) සිට ආරම්භ කෙරිණි . 31 May 2021
ෆින්ලන්ත අගමැතිනිය ජනතා බදු මුදලින් උදේට කාලා ජනතා බදු මුදල් භාවිත කරමින්, පවුලේ සාමාජිකයන් සමඟ උදෑසන ආහාර ලබා ගත් බවට ෆින්ලන්ත අගමැතිනී සන්නා මරීන්ට චෝදනා එල්ල වී ඇත. එම චෝදනා සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. 31 May 2021
දැඩිසත්කාර ඒකකයේ ඇඳන් පාවිච්චිය ඉහළට දැඩිසත්කාර ඒකකවල ඇඳන් පාවිච්චිය පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ ඉහළ ගොස් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය . 31 May 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026