පන්දහස දෙන්න ලේඛන සකසයි කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් පීඩාවට පත්වූ අඩුආදායම් පිරිස්වලට රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමට අදාළ ලේඛන සකස් කිරීමේ කටයුතු අද (31) සිට ආරම්භ කෙරිණි . 31 May 2021
ෆින්ලන්ත අගමැතිනිය ජනතා බදු මුදලින් උදේට කාලා ජනතා බදු මුදල් භාවිත කරමින්, පවුලේ සාමාජිකයන් සමඟ උදෑසන ආහාර ලබා ගත් බවට ෆින්ලන්ත අගමැතිනී සන්නා මරීන්ට චෝදනා එල්ල වී ඇත. එම චෝදනා සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. 31 May 2021
දැඩිසත්කාර ඒකකයේ ඇඳන් පාවිච්චිය ඉහළට දැඩිසත්කාර ඒකකවල ඇඳන් පාවිච්චිය පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ ඉහළ ගොස් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය . 31 May 2021
‘‘රැකියාව කරන්න දුන් සහන අවභාවිතා කළොත් ඒ ගැන සිතන්න වෙනවා‘‘ ජනතාවගේ සහ විවිධ රැකියා කරන්නන්ගේ පහසුව සඳහා ලබාදුන් යම් යම් සහන සහ විවිධ නීති ලිහිල් කිරීම් යළි සලකා බැලීමට හා සමාලෝචනය කිරීමට සිදුවන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය . 31 May 2021
වියට්නාමයේ සිට ලංකාවට පැමිණෙන්නන්ට තහනමක් වියට්නාමයේ පසුගිය සති දෙකක කාලය තුළ සංචාරයේ නිරත වූවන් හා වියට්නාමය සමග ගුවන් ගමන් හුවමාරු වූ පුද්ගලයන්ට තාවකාලිකව මෙරටට ඇතුලු වීමට අවසර නොලැබෙන බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පැවසීය. 31 May 2021
නීතිඥවරුන්ට බැන්න පොලිසියේ දෙකකට දඩ හා වන්දි අම්බලන්ගොඩ පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයකු හා උප පොලිස් පරීක්ෂයකු නීතීඥවරුන් දෙදෙනකුට තර්ජනය කර අවමානයට ලක් කිරීමෙන් ඔවුන් ගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වන්දි ලෙස ඔවුනට රුපියල් තිස්දහස බැගින් වන්දි සහ රුපියල් දස දහස බැගින් වූ නඩු ගාස්තු ගෙවන ලෙස වගඋත්තරකාර පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනට නියෝග කළේය. 31 May 2021
පොළොන්නරුව රෝහලේ ගැබිණි හෙදියෝ විරෝධතාවක කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වල සේවය කරන හෙද හෙදියන් මූණ දෙන ගැටළු සඳහා විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් සහ ගර්භණි හෙදියන් සේවයේ යෙදවිමට එරෙහිව අද (31) පොලොන්නරු මහ රෝහල ඉදිරිපිට ගර්භණි හෙදියෝ විරෝධතාවයක නිරත වූහ. 31 May 2021
අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ජංගම රථගැන සොයන්න මෙහෙයුමක් අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරන ජංගම රථ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පාරිභෝගික සේවා අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා ලංකාදීපයට පැවසීය. 31 May 2021
ඉස්සන් සොරා ගත්තැයි ධීවරයෝ දෙපිරිසක් ඇණ කොටා ගනිති මුලතිව් ඉරණපලෙයි මුහුදු සීමාවේදී ධීවරයන් දෙපිරිසක් අතර අද ඇති වූ ගැටුමකින් තියුණු ආයුධවලින් පහර කෑ සිව් දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය කියයි. 31 May 2021
සංචරණ නීති කඩා කුරුණෑගල පොලිසියේදී උපන්දින කේක් කැපීම ගැන පරික්ෂණයක් කුරුණෑගල පොලිසිය සංවිධානය කර තිබූ පිරිත් සජ්ජායනාවක් අතර තුර කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතරණ මහතාගේ උපන්දින සැමරුම සම්බන්ධයෙන් පොලිස් අධිකාරිවරයකුගෙන් ප්‍රධානත්වයෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 31 May 2021
නිරෝධායන නීති කැඩුවැයි චන්දිමාල් ජයසිංහ සහ පියුම් හංසමාලි අත්අඩංගුවට ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපන සහ රංගන ශිල්පිනියක වන පියුම් හංසමාලි නිරෝධායන නීති කඩකළ බවට කොටුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. 31 May 2021
ඇඟලුම් කම්හලක ප්‍රධාන සුපවේදියෙක් කොරෝනා වැළඳි මියයයි වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ ඇඟලුම් කම්හලක ප්‍රධාන සුපවේදියකු කොරෝනා වයිරසය ආසාදනය වී මියගොස් ඇතැයි සෞඛ්‍ය නිලධාරීහු පවසති. 31 May 2021
ජාතික රෝහලෙන් බෙහෙත් ගන්න වට්ස්ඇප් අංකයක් කොළඹ ජාතික රෝහලේ සායනවලින් බෙහෙත් ලබාගන්නා ජනතාවට තොරතුරු දැනගැනීම සඳහා එම රෝහල් පරිපාලනය දුරකථන අංක සහ වට්ස්ඇප් අංක ප්‍රසිද්ධ කර තිබේ. 31 May 2021
‘‘ජූනි හතෙන් පසුව රට වහන්න මෙතෙක් තීරණයක් ගෙන නෑ‘‘ පනවා ඇති සංචරණ සීමා ලබන ජුනි මස 07 වැනිදායින් පසුව දීර්ඝ කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 31 May 2021
කොළඹ බදුල්ල මාර්ගයට ගසක් කඩා වැටෙයි කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ ඕපනායක ප්‍රාදේශීය දි දැවන්ත ගසක් මාර්ගයට කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමනය පැයකට වැඩි කාලයක් බාධා ඇති විය. 31 May 2021
‘හිඟයක් නැතුව අතවශ්‍ය භාණ්ඩ සපයන්න පුලුවන්‘ කිසිදු හිඟයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව ලබා දීමට අවශ්‍ය බඩු තොග තිබෙන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඉලමනාදන් මහතා පැවසීය 31 May 2021
ගිනිගත් නෞකාවේ කපිතාන් ඇතුළු තිදෙනකුගෙන් ප්‍රකාශ ගනී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම නෞකාවේ කපිතාන්වරයාගෙන් සහ ප්‍රධාන ඉංජිනේරුවරයා, නියෝජ්‍ය ඉංජිනේරුවරයා ඇතුළු තිදෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කර ඇත . 31 May 2021
සහරාන්ට රැකවරණය දුන් විවාහ ලේකම්වරයකු අත්අඩංගුවට සහරාන් හෂීම්ගේ අන්තවාදයට ආධාර අනුබල ලබාදුන් සහ ඔහු ඇතුළු පස් දෙනකුට රැකවරණය ලබා දුන් ඔලුවිල් ප්‍රදෙශයේ විවාහ රෙජිස්ටාර්වරයකු අත් අඩංගුවට ගත් බව ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසය කියයි. 31 May 2021
අක්කරෙයිපත්තු සිට කොළඹ ආ බසයක් මගීන් 48ක් සමග අත්අඩංගුවට සංචරණ නියෝග ක්‍රියාත්මක වෙමින් තිබියදී අක්කරෙයිපත්තු ව සිට කොළඹ බලා පැමිණෙමින් සිටි බස් රථයක් ඉඟිනියාගල නාමල්ඔය ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රී රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කියයි. 31 May 2021
නීරෝධායන නීති කඩා 755 පොලිස් අත් අඩංගුවට නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 755 ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 31 May 2021
‘‘වසංගතය පාලනය වන තෙක් සංචරණ සිමා තිබිය යුතුයි‘‘ රජය මගින් පනවා තිබෙන සංචරණ හා අනෙකුත් සීමා කොරෝනා වසංගතය පාලනය කළ හැකි මට්ටමකට පැමිණෙන තෙක් තවදුරටත් පවත්වාගෙන යා යුතු යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයට යෝජනා කරයි. 31 May 2021
තැනින් තැන අදත් වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (31) දින විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 31 May 2021
කොරෝනා මරණ තව 36ක් වාර්තා වේ කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 36ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (30) තහවුරු කළේය. 31 May 2021
රට රටවලින් වාර්තා වූ කොරෝනා තත්ත්වය මෙම සතිය තුළ ලොවපුරා රට රටවලින් කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා සැකසූ වාර්තාව අප වෙත ලැබී ඇත. 31 May 2021
සංචරණයට හසු වූ විහාරස්ථානවලට පහසුකම් සංචරණ සීමා හේතුවෙන් පහසුකම් ලබාගැනීමට දුෂ්කර වී ඇති විහාරස්ථාන සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ වැඩපිළිවෙලක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ක්‍රියාත්මක කර ඇත. 30 May 2021
ඉතාලියට ඇතුළුවීමේ තහනම තවත් සති තුනකින් දික් කරයි ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට ඇතුලුවිමේ තහනම් තව දුරටත් ක්‍රියාත්මක කිරීමට එරට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව ඉතාලියට ඇතුලු විමට අවසර ඇත්තේ ඉතාලි පුරවැසියන්ට පමණයි 30 May 2021
රෝහල් වාර්තාවේ වරදින් මළ සිරුර මල් ශාලාවේ හිර වේ කොරෝනා ආසාධිත නොවන බවට ලැබුනු වාර්තා දෙකක් මත කොළඹ ජාතික රෝහලේදී මරණ පරීක්ෂණයක්ද පවත්වා භූමදානය සදහා සදහා බාරදුන් දේහයක් නිට්ටඹුව ප්‍රදේශයේ මල් ශාලාවක සිට නිවසට ගෙන ඒමට සූදානම් වෙද්දී ආසාධිත බවට වාර්තාවක් යළි ලබාදුන් සිද්ධියක් නිසා තමන් මහත් අපහසුතාවයට පත්වූ අතර ඒ පිලිබදව දැඩි සැකයක් පවතින බව එම පවුලේ සාමාජිකයෝ සදහන් කරති. 30 May 2021
සැමියා එල්ල කළ පිහිපහරින් ලක් කතක් රෝමයේදී මරුට පවුල් ආරවුලක් නිසා මගමගදී සිය සැමියා එල්ල කළ පිහි ඇනුමකට ලක්වීමන් ඉතාලියේ රෝමයේ වෙසෙන ශ්‍රී ලංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර , එම ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ලාංකික සැමියා ද රෝම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග කියයි. 30 May 2021
කොටුවේ තොග කඩ බාගෙට අරි දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වැනි දා තෙක් ක්‍රියාත්මක වීමත් සමග ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙත ගෙන ගොස් අලෙවි කිරීම සඳහා පිටකොටුවේ තොග කඩ අඩක් විවෘත කර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව ලබාදීමට අද කටයුතු කළේය. 30 May 2021
‘‘කොරෝනා පාලනයට පොදු ප්‍රතිපත්ති මාලාවක් සකසන්න‘‘ කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පොදු ප්‍රතිපත්ති මාලාවක් සහිත කෙටුම්පතක් ජනාධිපතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය මූලිකවී ඉතා ඉක්මනින් සැකසිය යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 30 May 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026