ස.ජ.බ ට කුණු බිත්තර ප්‍රහාරයක් ඇතුළුකෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට මීට මොහොතකට පෙර කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබේ. 07 March 2022
යුක්රේන තරුණියක් කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක යුක්රේන ජාතික නරුණියක් කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතා පුවරුවක් ප්‍රදර්ශනය කරමින් සාමකාමී ආකාරයට රුසියානු රජයට මේ මොහොතේදී විරෝධය පළ කරමින් සිටින්නීය. 07 March 2022
මිය ගිය යාචකයාගේ මුදල් ගැන තීරණයක් ගන්න නීතිපතිගේ උපදෙස් ඉල්ලයි හක්මන කෝංගල ප්‍රදේශයේදී පසුගියදා හදිසියේ මිය ගිය යාචකයා සන්තකයේ තිබු රුපියල් තුන්ලක්ෂඅසූ හතර දහස් අටසිය හැට හතක (384,867.00) පමණ මුදල පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනිම සදහා නිතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇතැයි හක්මන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පවසයි. 07 March 2022
බෝට්ටු පලහිලව්වට මල්ලී අයියා මරලා කොග්ගල මෝදරගොඩදි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවු ආරවුලක් දුර දිග යාම හේතුවෙන් මල්ලි විසින් අයියාට පහරදි කොග්ගල ඔයට දමා ඝාතනය කර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 07 March 2022
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක් මිල වසර 14කට පසු ඇමරිකානු ඩොලර් 130ක් ලෙස ඉහළම අගයක් වාර්තා කර තිබේ. 07 March 2022
කෝටියක අයිස් සමඟ පුද්ගලයෙක් මාට්ටු රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් මන්නාරම තාරපුරම්, ඉන්ධන පිරවුම්හල අසල දී අත්අඩංගුවට ගනු ලැබීය. 07 March 2022
අඩු පීඩනය දුර්වල වෙයි නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල වෙමින් ඇති අතර කාලගුණය කෙරෙහි වූ එහි බලපෑමද අඩුවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 March 2022
තෙල් සංස්ථාව සී.සී.ටී.වීවලට ලක්ෂ 500ක් වැය කරලා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෝටි පහක මුදලක් වැයකර ආරක්ෂක කැමරා සවිකර ඇති බව එම සංස්ථා ආරංචි මාර්ග කියයි. 07 March 2022
යුක්රේන ජනපති ඇමෙරිකන් ජනපති අමතයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර දුරකතන සංවාදයක් පැවැත්විණි. එහිදී රුසියාවට තව තවත් සම්බාධක පැනැවිය යුතු යැයි යුක්රේන ජනාධිපතිවරයා ඇමෙරිකන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. 07 March 2022
ආර්ථික වර්ධනය වේගවත් කරන්න සභාවක් ආර්ථික කළමනාකරණය හරහා මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ආර්ථික සභාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබ ඇත . 06 March 2022
මතුගම තිදරු මව ඝාතනයේ සැකකරුවෙක් මාට්ටු මතුගම තිදරු මවක වෙඩිතබා ඝාතනය කිරීම සැලසුම් කළ බව කියන පුද්ගලයකු අද (06) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි . 06 March 2022
වාහන ගෙන්වීම නතර කළත් ගිය වසරේ විසිහත්දාහක් ගෙන්නලා මෝටර් වාහන ආනයනය සීමා කිරීමෙන් ආනයන මත නිෂ්පාදන බදු ආදායම රුපියල් බිලියන 49.1කින් අඩුවී ඇතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කරයි. 06 March 2022
මන්ත්‍රී ශාන්ත ඩොලර් අර්බුදයට විසැඳුම් කියයි රට තුළ පවතින ඩොලර් අර්බුදයට ක්ෂණික විසඳුම් ලබාගත හැකි යෝජනා තුනක් තමන් විසින් ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු බලධාරීන්ට යොමු කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 06 March 2022
කොරෝනා මරණවල අඩුවක් පෙන්වයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 10 දෙනකු ඊයේ (5) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (6) තහවුරු කළේය. 06 March 2022
විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත ඉල්ලා අස්කර ගනී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගැනීමට රජය තීරණය කර ඇත. 06 March 2022
පාසල් දරුවන්ට සෞඛ්‍ය අංශයෙන් පණිවිඩයක් පාසල් අද ආරම්භ වුවද සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස සහ උණ පවතින දරුවන් පාසල් යැවීමෙන් වළකින්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි. 06 March 2022
ඇමැති වාසුගෙන් ජනපතිට ලිපියක් කැබිනට් මණ්ඩල රැස්වීම්වලට සහභාගි නොවුණ බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක, ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියකින් දැනුම්දී ඇතැයි වාර්තා වේ . 06 March 2022
පෞද්ගලික බස්වලට ලංගමෙන් ඉන්ධන ඩීසල් හිඟය මධ්‍යයේ පොදු ප්‍රවාහන සේවය අඩාලවීම වැලැක්වීම සඳහා ප්‍රවාහන අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) ඩීපෝවලින් පෞද්ගලික බස් රථවලට ඩීසල් නිකුත් කිරීම ආරම්භ කළේය. 06 March 2022
විමල්ට - උදයට ඇමැති ආරක්ෂාව දිගටම විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ගම්මන්පිල යන මහත්වරුන් ඇමැති තනතුරුවලින් ඉවත් කළද ඔවුන්ට ඇමැතිවරුන් ලෙස ලබාදුන් ආරක්ෂාව දිගටම ලබාදෙන බව රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ. 06 March 2022
වැටලීමට ගිය වන නිලධාරීන්ට කට ගැස්මට මුව මස් වනජීවි නිළධාරින්ට කටගැස්මට මුව මස් ලබා දුන් පුත්තලම නගරයේ හොටල් හිමිකරුවකු හා කළමණාකරු සමග මුව මස් කිලෝ 10 ක් වනජිවි නිළධාරින් විසින් අත් අඩංගුවට ගන්නා ලදි. 06 March 2022
කෝටි 78 හොර දේපොළ තහනම් කරයි නීති විරෝධී වත්කම් සහ දේපල කොට්ඨාසය මගින් රුපියල් කෝටි 78 ක නීති විරෝධී වත්කම් හා දේපල තහනම් කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝහණ මහතා පැවසීය. 06 March 2022
වෙරිමරගාතේ වතුර බටේ කපා තෙල් දාලා අවිස්සාවේල්ල උතුරු කරඳන නෙළුවකන්ද ජල ව්‍යාපෘතියෙන් ජලය බෙදා හරින බට කපා තෙල් මිශ්‍ර කළ සැකකරු ’’රෙක්ස්’’ සුනකයාගේ ඉව ඔස්සේ ගොස් අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය කියයි 06 March 2022
බර්ටි සමුගනී ප්‍රවීණ හා ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතා අභාවප්‍රාප්ත විය. 06 March 2022
විමල් - උදය පස්සට විසි වෙති විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇමැති තනතුරුවලින් ඉවත් කිරීම සහ ඇමැති මණ්ඩලයේ කිහිපදෙනකුගේ ඇමැති තනතුරු වෙනස්වීම සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේද වෙනසක් කළ බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය. 06 March 2022
ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හමුවෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා අතර විශේෂ සාකච්ඡාවක් 08 සවස 4.00 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ . 06 March 2022
එතෙර රැකියාවලට පුහුණු කරන්න ජපානයෙන් එයි මෙරට තරුණයන්ට ජපානයේ ජපන් රැකියා සඳහා පුහුණු කිරීමට ජපානයේ විශේෂ දූත පරිසක් ලංකාවට පැමිණියහ. 06 March 2022
‘‘ජනතාවගේ ආශාව ඇත්ත දැන ගැනිමයි‘‘ ’’අද රටේ ජනතාව බලන්නෙ මඩ ගැසීමේ දේශපාලනයක් නොව, ජනතාව බලාපොරොත්තු වෙන්නෙ ඇත්තෙන්ම හරි තොරතුරක් දැන ගැනීමටයි. මේ නිසා සමාජ මාධ්‍ය කරනවා නම් රජයට මඩ ගැසීම නොව අද වනවිට පවතින සැබෑ තත්ත්වය ජනතාවට පැහැදිලි කරදීමක් සිදු කරමින් රට යන්නේ කුමන පැත්තකටදැයි යන්න දැනුවත් කිරීමක් කළ යුතුයි ’’ යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ගම්පහදී පැවසීය. 06 March 2022
‘‘දේශපාලන අත්දැකීම් නැත්නම් ගැටළු ඇති වෙනවා‘‘ ’’වරායට නැවක් ඇවිත් තිබුණේ. තෙල් ටික එළියට ගන්න විතරයි තිබුණේ. එවැනි අවස්ථාවල යම් යම් ප්‍රකාශ කිරීම මම හිතන්නේ දේශපාලන වශයෙන අවබෝධයක් නැතිකම හෝ පළපුරුද්දක් නොමැතිකම නිසා තමයි ජනතාව කලබල වෙලා අනවශ්‍ය විදිහට පෝලිම් ඇතිවුනේ’’ යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාරම්මල දී පැවසීය. 06 March 2022
සාමකතා තෙවැනි වටයට සූදානම් යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින්, රුසියාවත් යුක්රේනයත් අතර තෙවැනි වටයේ සාම සාකච්ඡා හෙට (7) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. 06 March 2022
ගුවන් තහංචි දැම්මොත් බලාගෙනයි යුක්රේන ජනාධිපතිවරයාගේ කීමට හිස නමා, යුක්රේනයට ඉහළ අහස රුසියන් ගුවන් යානාවලට තහනම් කළොත්, බටහිර රටවලට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා තිබේ. 06 March 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026