සත්වෝද්‍යාන නැරඹුම් ගාස්තු ඉහළට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ ඇති සත්වෝද්‍යාන හා සෆාරි උද්‍යාන නැරඹීම සඳහා සංචාරකයන්ගෙන් අය කරන ගාස්තු ඉහළ නැංවීමට මහා භාණ්ඩාගාරය තීරණය කර ඇත. 07 March 2022
ජනපතිගේ ’’පුංචි ගෙදර’’ළඟ විරෝධතා කිරීම දුකයි අධික මුදලක් වැයකර ජනාධිපති මන්දිරය පාවිච්චි නොකරන ජනාධිපතිගේ පුංචි නිවස ඉදිරිපිටට ගොස් විරෝධතා පැවැත්වීම කණගාටුවක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 07 March 2022
බර්ටි ගුණතිලක දැයෙන් සමුගනී මෙරට ප්‍රවීණ හා ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පියකු වූ බර්ටි ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී අද (7) පස්වරුවේ සිදුකෙරිණි. 07 March 2022
අද ආසාදිතයන් 662 ක් කොවිඩ් ආසාදිතයින් තව 639 ක් අද (7) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 07 March 2022
එච්.එන්.ඩී.ඊ - ශිඇට් කඹ ඇදිල්ලෙන් සිසුන් අමාරුවේ මට්ටක්කුලිය උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනයේ දෛනික පිරිසිදු කටයුතු සති කීපයකට සිට නොවීම හේතුවෙන් එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් දැඩි අපහසුතාවට පවත්ව සිටිති. 07 March 2022
යතුරු පැදි ඉස්සූ හිටපු ගුවන් සෙබලා මාට්ටු කුරුණෑගල සහ මහනුවර නගරවල නවතා තිබියදී සොරාගත් රුපියල් ලක්ෂ විස්සකට අධික වටිනාකමින් යුත් යතුරුපැදි හතක් සමඟ ඒවා සොරකම් කළ බව කියන හිටපු ගුවන් හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලිසිය කියයි. 07 March 2022
ගාලු කොටුව ’’පොලිෂ්’’ වෙයි ලෝක උරුමයක් වන ගාල්ල කොටුවෙහි ස්ථාන කිහිපයක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පුළුල් ආකාරයට ප්‍රතිසංස්කරණය කෙරුණු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි. 07 March 2022
හෙටත් පැය හතහමාරක් විදුලිය නෑ විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (8) ඊ සහ එෆ් කාණ්ඩවලට පැය හතහමාරක් සහ සෙසු කලාප අටට පැය තුනක් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි. 07 March 2022
සෞඛ්‍ය අධ්‍යක්ෂගේ ගැසට්ටුවට එරෙහි පෙත්සමක් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තුනම ලබාගත් පුද්ගලයන්ට හැර අනෙකුත් අයට අප්‍රේල් 30 වන දිනෙන් පසු ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින් දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රම තුළින් ප්රතිශක්තීකරණය ලබා ගත් අයගේ මූලික අයිතිවාසිකම් කඩවන බව සදහන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මීගමුව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත. 07 March 2022
ඉන්ධන ගන්න ඇවිත් ගුටි ඇන ගනිති පුත්තල, ආණමඩුව හා සාලියවැව ඉන්ධනහල්වලට ඉන්ධන ලබා ගැනීමට පැමිණි පිරිස් අතර දැඩි උණුසුම්කාරි තත්ත්වයක් ඇත් වූ බව ඉන්ධනහල් හිමියෝ පවසති. 07 March 2022
ජාජබට බිත්තර ගැසූ දෙදෙනා රිමාන්ඩ් ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළු භූමියට කඩා වැදී බිත්තර ප්‍රහාරයක් එල්ල කළ බව කියන සැකකරුවන් දෙදෙනකු මේ මස 21 වනදා දක්වා රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය අද නියෝග කළාය. 07 March 2022
දෛනික කොවිඩ් මරණවල අඩුවක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 8 දෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය. 07 March 2022
කාදිනල්තුමෝ යූ.එන් අමතති පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය පිළිබඳ අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්වීම සඳහා මැදිහත්වන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අද (7) ඉල්ලීමක් කළහ. 07 March 2022
ෆොටෝ කොපි කඩදාසි හිඟයක් ඩොලර් හිඟය හේතුවෙන් ඡායා පිටපත් ලබාගැනීම සඳහා යොදාගන්නා කඩදාසි ආනයනය කිරීමට නොහැකි වීමෙන් දඩි හිඟයක් ඇතිවීමෙන් එම කඩදාසි බණ්ඩලයක් සියයට 150 කින් පමණ ඉහළ ගොස් තිබේ. 07 March 2022
පාන් පිටි නැතිව බේකරි කෑම ඉහළ යයි ද පාන් පිටි සහ ගෑස් හිඟය හේතුවෙන් බේකරි විශාල සංඛයාවක් වැසී ගොස් ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසීය. 07 March 2022
සී.අයි.ඩි. හිටපු ලොක්කාගෙන් අයිතිවාසිකම් පෙත්සමක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශ වාර්තා අනුව පියවර නොගැනීම ඇතුළු චෝදනා ගණනාවක් ඉදිරිපත් කරමින් රහස් පොලීසිය කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කොට ඇති බී වාර්තාව මත පදනම්ව තමන්ව අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් සහ රුපියල් කෝටි දහයක 10 ක වන්දි මුදලක් ලබා දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්ස 07 March 2022
විදේශීය ශ්‍රමිකයන්ට සේවා සැලසීම සඳහා නව ජංගම යෙදවුමක් විදේශ රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදෙන සේවාවන් තවදුරටත් පුළුල් කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින්ය slbfe e connect යනුවෙන් නව ජංගම යෙදවුමක් හඳුන්වා දී ඇත. 07 March 2022
‘පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සමක් විභාගයට අවසර‘ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රි ලංකා මුහුදු තීරය ආසන්නයේ ගිනිබත් වීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති කොමිසමක් පත්කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනුකරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) අවසර ලබා දුන්නේය. 07 March 2022
‘බාහාලුම් ප්‍රවාහන රථ 4000 ක් ධාවනයෙන් ඉවතට‘ ඩීසල් නොමැති වීමෙන් බහාලුම් ප්‍රවාහන රථ 4000 ක් පමණ තවදුරටත් ධාවනය නොවන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කළේය. 07 March 2022
කටුවෙල රජමහා විහාරයක ඓතිහාසික සිරිපතුල උස්සං ගිහින් කටුවෙල, මෙත්තජී පුරාණ රජමහ විහාරස්ථානයේ තිබු වසර 1200 ක් පැරණි ඓතිහාසික වටිනා කමකින් යුක්ත කිරිගරැඩ ගලෙන් නිමවු කිලෝ 300ක් පමණ බරැති සිරිපතුල කිසිවෙකු විසින් ඊයේ (06)දින සොරා ගෙන ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය කියයි. 07 March 2022
ඉන්ධන හිඟය නැතිකර පෙන්නන්න ඉන්ධන හිඟයක් ඇති වුණේ ඉන්ධන දින දෙක තුනකින් නැති වන්නේ යැයි හිටපු බලශක්ති අමාත්‍යවරයා කළ ප්‍රකාශ නිසා යැයි ආණ්ඩුවේ ඇතමුන් කරන ප්‍රකාශ පිළිබඳව කණගාටු වන බවත් එය එසේ නම් ඉදිරියේදී ඉන්ධන හිඟය සියයට 100 ක් නැති කර පෙන්න ලෙස අභියෝග කරන බවත් හිටපු කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය. 07 March 2022
තවත් ආයතන දෙකක් මේ සතියේ කෝප් කමිටුව ඉදිරියට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සහ සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරියේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව ) හමුවට මේ සතියේදී කැඳවීමට එම කමිටුව තීරණය කර ඇත. 07 March 2022
රන්ජන්ට නිදහස ඉල්ලා උද්ඝෝෂණයක් වසර එකහමාරකට පෙර සිරගත කොට සිටින ගම්පහ තිස්සේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරික සංගමය ඇතුළු සිවිල් සංවිධාන එක්ව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (07) කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට ඉදිරිපිට පැවැත්විණි. 07 March 2022
බැසිල් පාරේ ලයිට් නිවයි විදුලිය පිරිමැසීම සඳහා මාර්තු 31 වැනිදා දක්වා සියලුම පළාත් පාලන ආයතනවල වීදි ලාම්පු අක්‍රීය කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. 07 March 2022
මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව විවෘත කරයි හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ ඉදිකෙරුණු මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පෙරවරුවේ සුබ මොහොතින් විවෘත කරනු ලැබීය. 07 March 2022
විමල්ට එරෙහි නඩුව මැයි 20ට කල් යයි එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කරමින් මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනකුට එරෙහි නඩුව ලබන මැයි මස 20 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (07) නියෝග කළේය. 07 March 2022
හෝටල්-ආපන ශාලා-බේකරි සියයට 60 ක් වැහිලා රටපුරා පවතින ගෑස්, පාන් පිටි හිඟය සහ විදුලිය කප්පාදුව හේතුවෙන් හෝටල්, ආපන ශාලා සහ බේකරිවලින් සීයට 60 ක පමණ ප්‍රමාණයක් වසා දමා ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමය සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කරයි. 07 March 2022
’’රාජා’’ ජාතික වස්තුවක් ලෙස නම් කරයි නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බුද්ධ ශාසන හා ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට ඊයේ උපදෙස් දුන්නේය. 07 March 2022
’’රාජාට’’ ගෞරව දක්වන්න මහසෙනගක් මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කළ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7) අලුයම 5.30 පමණ මියගොස් ඇත. 07 March 2022
‘මොළ හතේ ඇමති ෆේල්‘ මොළ හතේ මුදල් ඇමති කිසිදු ආර්ථික දැනීමක් නැති ඉතිහාසයේ අසාර්ථකම මුදල් ඇමති ලෙස ඉතිහාස පොතට එක් වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 07 March 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026