පී.සී කත දිය නාද්දී ආධුනික පී.සී වීඩියෝ කරලා ගල්කිස්ස කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් ස්ථානයක කාන්තා පොලිස් කොස්තාපල්වරියක් කාන්තා භට නිවසේ නාන කාමරේ ඇඟ සෝදද්දී ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කළ බව කියන ආධුනික පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 16 February 2023
ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද (16) සහභාගි වූ තුන්වැනි තරගයේදී ඕස්ටේ්රලියාව හමුවේ කඩුලු 10 කින් පරාජය විය. 16 February 2023
හෙල්මට් නැතිව ඇවිත් පී.සීටත් කනට ගහලා ආරක්ෂිත හිස් වැසුමක් නොමැතිව යතුරු පැදියක ගමන් ගත් කාන්තාවක නතර කළ ජාඇළ පොලිස් රථවාහන නිලධාරියාට එම කාන්තාව කනට පහරක් දී යතුරු පැදියද දමා පැනගොස් ඇතැයි ජාඇළ පොලිසිය කියයි. 16 February 2023
කතකට අතවර කළ නාවික සෙබළා අල්ලයි කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක ගමන් ගත් හතළිස් හැවිරිදි කාන්තාවකට බස් රථය තුළදී ලිංගික අතවරයක් සිදු කළේ යැයි කියන නාවික හමුදා සෙබලෙකු ඊයේ 15 වෙනිදා සැකපිට අත්අඩංගුවට ගත් බව පොතුහැර පොලිසිය පවසයි 16 February 2023
හොර පාරෙන් පාස්පෝට් දෙන්න ගිය ක.ක.ස රිමාන්ඩ් ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය මගින් මාර්ග ගත ක්‍රමය ඔස්සේ කලින් දිනයක් වෙන්කර නොගෙන එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දීම සදහා යැයි පවසමින් අල්ලස් වශයෙන් රුපියල් 20,000ක මුදලක් ඉල්ලා ලබාගත්තැයි කියන එම දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහයකවරියක සහ තරැව්කරුවන් තිදෙනකු ලබන 28 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (16) නියෝග කළේය. 16 February 2023
නීති විරෝධී විදුලි ගාස්තු ඉහළ දැමීමට නඩු දානවා මහජන උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයන් වැරදි ආකාරයට රැස්වී, තම අනුදැනුමක් නොමැතිව සහ නිසි ගණනය කිරීමකින් තොරව නීති විරෝධීව ඉහළ දැමූ විදුලි ගාස්තුව පිළිනොගන්නා බවත් එයට එරෙහිව සභාපතිවරයා ලෙස සියලුම නීතිමය පියවර ගන්නා බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (16) පස්වරුවේ පැවසීය. 16 February 2023
මැතිවරණ අර්බුදය ඔඩු දුවන්න පෙර විසඳා ගන්න පළාත් පාලන මැතිවරණය සඳහා වියදම් සපයා ගැනීම සම්බන්ධයෙන් ඇතිවිය හැකි ගැටළු සහගත තත්ත්වයන් අර්බුදයක් බවට පරිවර්තනය වීමට පෙර සාකච්ඡා මගින් විසඳා ගන්නා ලෙස ශ්‍රී ලංකා මැතිවරණ නිරික්ෂණ ජාතික මධ්‍යස්ථානය (NCEMS) මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටීයි. 16 February 2023
අ’පුරේ ප්‍රා.සභාපතිවරු - නගරාධිපතිවරු වරප්‍රසාද අවභාවිතයේ පළාත් පාලන මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ මහ නගර සභාවල නගරාධිපතිවරු රාජකාරි නිල වාහනය තවමත් භාවිතා කරමින් තම වරප්‍රසාද අවභාවිතා කරන බවට ජනතාව චෝදනා කරති. 16 February 2023
මණ්ඩලයේ පාඩුව ජනතාවට දෙන්න එපා විදුලිබල මණ්ඩලයේ පාඩුව ජනතාව මතම පැටවීම වෙනුවට, එහි විගණනයක් සිදුකර දූෂණය හා නාස්තිය නවැත්වීමට පියවර ගත යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය. 16 February 2023
විදුලිය අපේක්ෂාවෙන් 36,000ක් පෝලිමේ උපකරණ හිඟය හේතුවෙන් ගෘහස්ථ විදුලි නව සැපයුම් 36,000 ක් සහ බල්ක් සැපයුම් 1200 ක් දීමට නොහැකිව ගොඩගැසී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා අද (16) පැවසීය. 16 February 2023
මහඉලුප්පල්ලම මිරිස් ප්‍රභේද දෙක කප් ගහයි ලංකාවෙි පාරිභෝජනයට අවශ්‍ය සම්පූර්ණ වියළි මිරිස් ප්‍රමාණය 2025 වනවිට රටෙිම නිපදවා ගැනීමේ වැඩ පිළිවෙළ සාර්ථක වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 16 February 2023
මැ:කො ගැන හොයන්න මැතිසබයට යෝජනාවක් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට අපොහොසත් වීම පිළිබඳ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පිහිටුවීම පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ. 16 February 2023
නිකන් දෙන පෙත්තට 20,000ගත් ඖෂධවේදියා රිමාන්ඩ් මහරගම අපේක්ෂා රෝහලෙන් පිළිකා රෝගීන් සඳහා නොමිලේ නිකුත් කරන කාබොෆැටීන් නමැති ඖෂධය ලබාදීමට රුපියල් විසිදාහක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත්තැයි කියන එම රෝහලේ ඖෂධවේදියකු ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (16) නියෝග කළේය . 16 February 2023
ශ්‍රී ලංකාව-ඉන්දියාව බලශක්ති ගිවිසුමට අත්සන් කරන්න යයි බලශක්ති සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතියක් සඳහා අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එළඹෙන මාස දෙක තුළ අත්සන් තබනු ඇතැයි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරොගොඩ මහතා ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත. 16 February 2023
සබරගමු සරසවි සිසුහු උප කුලපති කාර්යාලය වට කරති සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වි තිබෙන ගැටුම හේතුවෙන් විශ්ව විද්‍යාලය හදිසියේ වසා දැමීමත් සමග සිසුන් පිරිසක් උපකුලපතිවරයාගේ කාර්යාලය වට කර ඇතැයි වාර්තා වේ. 16 February 2023
මැතිසබය කැඳවනු මැතිවරණය කල් දැමීම සමඟ රටේ උද්ගතවී ඇති තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව වහාම කැඳවන්නැයි ව්පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනෙක් සිය අත්සන් සහිත ලිපියක් යොමු කරමින් අගමැතිවරයාගෙන් සහ කතානායකවරයාගෙන් ඊයේ (15) ඉල්ලීමක් කළහ. 16 February 2023
ජනක රත්නායකගේ කාර්යාලයට සීල් තබයි කොල්ලුපිටිය මර්චන් ටවර් ගොඩනැගිල්ලේ 6 වැනි මහලේ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ කාර්යාලයේ ඇති එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ කාර්යාලයට මුද්‍රා තබා පොලිස් ආරක්ෂාව යෙදවීමට කොල්ලුපිටිය පොලිසිය අද (16) පස්වරුවේ පියවර ගත්තේය. 16 February 2023
ෆොටෝ කොපියත් ගණන් උස්සයි විදුලිබිල, කඩදාසි හා යන්ත්‍ර අලුත් වැඩියා වියදම ආදිය ඉහළයාම හේතුවෙන් ඡායා පිටපතක (ෆොටෝ කොපි) මිල රුපියල් 5කින් ඉහළ නැංවීමට සිදුවන බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය පවසයි. 16 February 2023
තහනම් පොලිතින් තොගයක් අල්ලයි මෙරට භාවිතය තහනම් කර ඇති නීතිවිරෝධී පොලිතීන් “ලන්ච් ෂීට්” කිලෝ ග්‍රෑම් 100ක පමණ තොගයක් ඉකුත් 13 වැනිදා ගාල්ල නගරයේ දී සිදුකළ වැටලීමකින් අත්අඩංගුවට ගත් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. 16 February 2023
වැරදි පාරෙන් පාස්පෝට් දෙන්න ගිය කාර්යාල සහයිකාව මාට්ටු නියමිත කාලයට පෙර විදෙස් ගමන් බලපත්‍රයක් ලබාදීමට තැත් කළ ආගම විගමන කාර්යාලයේ කාර්යාල කාර්ය සාහායිකාවක සහ තැරව් කරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසයි. 16 February 2023
වන නිලධාරියා අල්ලස් දැලේ අල්ලසක් ලබාගත් බව කියන කතරගම බීට්ටු වන කාර්යාලයේ නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කියයි. 16 February 2023
දිය යට දිගම හාදුව ලෝකයේ පෙම්වතුන් වැලන්ටයින් දිනය මල් සහ ආදරය ප්‍රකාශ කරමින් සමරද්දී බෙත් නීල් සහ මයිල්ස් ක්ලුටියර් පෙම් යුවළ ලොව දීර්ඝතම දිය යට හාදුවට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීමට සමත්ව ඇත. 16 February 2023
අර්තාපල් ඉඩම් වෙන වැඩවලට තහනම් අර්තාපල් වගාව සඳහා යොදා ගන්නා කිසිදු ඉඩමක් වෙනත් බෝග වගාවන් සඳහා යොදා ගැනීමට ඉඩ නොදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 16 February 2023
වැලිගම පොලීසිය ඉදිරිපිට උණුසුම් වෙයි වැලිගම ප්‍රදේශයේ අවුරුදු 10 දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළැයි වැලිගම පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ තරුණයන් දෙදෙනෙකු නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අද (16 ) දින පෙරවරුවේ වැලිගම පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ. 16 February 2023
මුජිබර්ගේ පෙත්සමට දින දෙයි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට වාහාම සියලු පියවර ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම සළකා බැලීම සඳහා මෙම මස 23 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද(16) නියෝග කළේය. 16 February 2023
සතොස භාණ්ඩ 5ක මිල අඩු කරයි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල අද (16) සිට තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. 16 February 2023
කුරුණෑගල ඒ.ටී.එම් යන්ත්‍ර හොරාත් මාට්ටු කුරුණෑගල ගැට්ටුවාන දුම්රිය පොළ ආසන්නයේ බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රය කඩා රුපියල් කෝටියකට ආසන්න මුදලක් කොල්ල කෑ පුද්ගලයා බිංගිරිය ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය කියයි. 16 February 2023
66යි කිවුවත් 251 කින් වැඩි කරලා විදුලිබල මණ්ඩලයේ නව ගාස්තු ඉහළ දැමීමට අනුව මාසික විදුලි ඒකක 30 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ පැවැති රුපියල් 214 ක මාසික විදුලි ගාස්තුව සියයට 251 කින් ඉහළ දමා ගාස්තුව රුපියල් 753 ක් බවට පත්කර තිබේ. 16 February 2023
ලක්ෂ 30ක මුද්‍රිත පෝරම බොතල් පත්තර කඩේට විකුණලා මරදාන ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික මුද්‍රණ ආයතනයකින් මුද්‍රණය කරන ලද රුපියල් ලක්ෂ තිහකට ආසන්න මුද්‍රිත පෝරම තොගයක් අදාල ආයතන වලට බාර නොදී බෝතල් පත්තර කඩවලට විකුණූ බව කියන එහි සේවකයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන අංශය කියයි. 16 February 2023
ක්ෂුද්‍ර මූල්‍ය රකුසා ගැන හෙළිදරව්වක් ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් ඇතුළු සාමාජිකයන් එකසිය විස්සකට ආසන්න පිරිසක් පසුගිය වසර දෙකේදී ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ පොලී වාරික ගෙවා ගැනීමට නොහැකිවීමෙන් ඇතිවූ මානසික ව්‍යාකූලත්වයන් හේතුවෙන් සියදිවි හානිකර ගෙන ඇතැයි තොරතුරු වාර්තාවන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. 16 February 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026