ජා.ජ.බ යූ.එන් යයි පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව කරමින් සිටින විවිධ ක්‍රියාකාරකම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කිරීමට ජාතික ජනබලවේගය අද (17) කටයුතු කළේය. 17 February 2023
සෝලා පෙට්ටි 2ක් ඇඟට වැටී දෙදරු පියෙක් මරුට පානදුර , මෝදරවිල කර්මාන්තශාලාවකදී සෝලා පැනල් ගබඩා කර තිබූ ටොන් තුනකට ආසන්න බරැති පෙට්ටි දෙකක් ශරීරය මත පතිත වීමෙන් දෙදරු පියකු අද (17) පස්වරුවේ මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි 17 February 2023
මුස්තාපාගේ ප්‍රජා අයිතිය වසර 7කට අහෝසියි 2010 ජනාධිපතිවරණය ආසන්නයේදී ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට සහාය දැක්වීමට පොළඹවා ගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාට රුපියල් ලක්ෂ ලක්ෂ 42 ක අල්ලසක් ලබා දීමේ චෝදනාවට වරදකරු කළ හිටපු නියෝජ්‍ය ඇමති මයෝන් මුස්තාපා මහතාගේ ප්‍රජා අයිතිය වසර හතකට අහෝසි කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඔහුට මාස 06ක බරපතල වැඩ සහිත සිරදඬුවම් අද (17) නියම කළේය. 17 February 2023
මිහින්තලේදී බඹරු ඇන්න 5කට අසාධ්‍යයි මිහින්තලේ පොලිසිය ආසන්නයේදි බඹරුන්ගේ ප්‍රහාරයකට ලක්විමෙන් දැඩි අසාධ්‍ය තත්වයට පත්ව මවක්, ඇයගේ දරුවන් දෙදෙනාත් සහ පොලිස් නිලධාරින් දෙනෙකු මිහින්තලය රෝහලට අද (17) පස්වරුවේ ඇතුලත් කළ බව මිහින්තලය පොලිසිය කියයි. 17 February 2023
ජපානයට ශ්‍රමිකයන් යවන්න ගිවිසුමක් ජපානයට පුහුණු ශ්‍රමිකයන් යොමු කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජපානය අතර අවබෝධතා ගිවිසුමක් අද (17) අස්සන් තැබීය. 17 February 2023
කෝටිපති මාමාගේ කාරයේ ගැටී කුඩා දැරියක් මරු දකියි කෝටිපති ව්‍යාපාරික මාමා පැද වූ සුඛෝපභෝගී මෝටර් රථයට යටවී වයස අවුරුදු එකහමාරක දැරියක් මිය ගොස් ඇති බව කොහුවල පොලිසිය කියයි 17 February 2023
සජබෙන් යුරෝපා කොමිසමට සංදේශයක් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව අත්තනෝමතික ක්‍රියාමාර්ග ගන්නා බව පවසමින් සමගි ජන බලවේගය යුරෝපා කොමිසමට අද (17) සංදේශයක් බාර දුන්නේය. 17 February 2023
අස්වනු නෙළන්න චීනයෙන් තෙල් බෙදයි මහ කන්නයේ අස්වැන්න නෙළීම සඳහා චීන රජයෙන් ශ්‍රී ලංකා ගොවීන්ට ප්රදානය කළ ඩීසල් ලීටර මිලියන 7 මේ වන විට දිවයින පුරා බෙදා දෙමින් තිබෙන බව චීන තානාපති කාර්යාලය පැවසුවේය. 17 February 2023
මුදල් අමාත්‍යාංශ ලේකම්ට හෙලිකොප්ටරයෙන් ලිපියක් ප්‍රමාණවත් පරිදි මුදල් නිකුත් නොකිරීම නිසා පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාද ඝෘජුව වගකිවයුතු අතර, එම වරද වහාම නිවැරදි කිරීමට කටයුතු නොකළොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, නිදහස් ජනතා සන්ධානය ඔහු වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී ඇත. 17 February 2023
මෝටර් රථ දෙපාර්තුමේන්තුවෙන් පණිවිඩයක් අධික ලෙස දුම් පිට කරන වාහන පිළිබඳව දැනුම් දෙන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. 17 February 2023
ජනපති මැදුරේ හානියේ වාර්තාව ජනපති ලේකම්ට අරගලකරුවන් අතින් විනාශවූ ජනපති මන්දිරයේ දේපළ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවැත්වූ විමර්ශනයට අදාළ වාර්තාව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා විසින් ජනාධිපති ලේකම්වරයාට බාර දෙනු ලැබීය. 17 February 2023
බලශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය දක්වමින් පිරිසක් අද (17) බලශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ. 17 February 2023
ශාෆ්ටර්ගේ මරණය ගැන තීණ්දුව දෙන්න පංච පුද්ගල කමිටුවක් ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයා ව සිටී දිනේශ් ශාෆ්ටර් මහතාගේ මරණය, සියදිවි හානිකර ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත් කර ගැනීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජිනද්‍රා ජයසූරිය මහත්මිය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාට අද (17) නියෝග කළාය. 17 February 2023
ලංකිකයන්ට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා 2000 ක් මේ වසරේදී ලබාදීමටත් එහිදී සාත්තු සේවිකාවන්ට ප්‍රමුඛතාව ලබාදීමටත් ඊශ්‍රායල බලධාරීන් එකඟවූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 17 February 2023
තැපැල් ඡන්දය කල් යයි පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීම දින නියමක් නොමැතිව කල් දමා තිබේ. 17 February 2023
පාසල් සිසුහු තිදෙනෙක් මුහුදේ සැඟවෙති මාතර වැල්ලමඩම මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් තිදෙනකු අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි. 17 February 2023
විදුලි පෙත්සම විසිවෙයි විදුලි ගාස්තු වැඩි කිරීම පිළිබඳ අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණයට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ ලංකා විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය ගොනුකර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද(17) තීන්දු කළේය. 17 February 2023
’’මා සූදානම්’’ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට යන වියදම පසුව දෙන බවට මැතිවරණ කොමිෂන් සභාව දුන් ලිඛිත පොරොන්දුව අනුව තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තමා සූදානම් බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය. 17 February 2023
විද්‍යාපීඨ අභියාචනා බාරගැනීම 28 දක්වා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ අභියාචනා මේ මස 28 වැනි දින දක්වා බාරගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 17 February 2023
බලාගාරයේ වැඩ පටන් ගන්නත් කලින් ලක්ෂ 111ක් වැය කරලා සිමාසහිත ත්‍රිකුණාමල විදුලිබල සමාගම විසින් සාම්පුර් හි සුර්ය බලාගාරයේ මෙහෙයුම් කටයුතු කිසිවක් සිදුකර නොතිබුණද පරිපාලන වියදම් සදහා රුපියල් එක්කෝටි, එකොළොස් ලක්ෂ, අසුහත්දහස් හාරසියපනස්පහක මුදලක් වැයකොට ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. 17 February 2023
ජල ගාස්තු ඉහළ දැමීමේ අදහසක් තවම නෑ විදුලි ගාස්තු ඉහළ දැමීමට සාපේක්ෂව ජල ගාස්තු ඉහළ දැමීම සඳහා මේ දක්වා අවධානය යොමුවී නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 17 February 2023
එජාප අපේක්ෂක හොරොයින් සමඟ අල්ලයි පුත්තලම නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින අපේක්ෂකයකු හෙරොයින් සමඟ පුත්තලම මුලස්ථාන පොලිසියෙ දුෂණ මර්ධන අංශය මගින් අද (17 ) අත් අඩංගුවට ගත් බව කියයි. 17 February 2023
බැංකු පොලිය අඩු කරන්න සලකා බලනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමය මාර්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 17 February 2023
ලංකාවට ඕනෙ කෘතිම වෙරළක්ද? කොළොඹ වාරය නගරය පසුගිය දා ලක්දිව මුහුදට මුහුණලා කෘතිම වෙරළක් නිරාවරණය කළ බවත් කිලෝමීටර 1340 වෙරළ තීරයකට උරුමකම් කියන ආර්ථික අර්බුදයෙන් බැට කමින් සිටින ශ්‍රී ලංකාවට මේ මොහොතේ අවශ්‍ය කෘතීම වෙරළ තීරයක්ද යන්න කොළඹ නගරයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ කණසල්ලට හේතුවක් වී ඇති බවත් අල්-ජසීරා පුවත් සේවය වාර්තා කර ඇත. 17 February 2023
රට බිත්තර බේකරි වලට විතරයි මෙරටට ආනයනය කරන බිත්තර බේකරි කර්මාන්තය සඳහා පමණක් යොදා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කරතිබේ. 17 February 2023
මාර්තු 1ක රටම නවතියි? ආණ්ඩුවට විරෝධය දක්වමින් ලබන මාර්තු මස 1 වැනිදා වෘත්තිය සමිති රැසක සහභාගිත්වයෙන් විශාල වැඩවර්ජනයක් පැවැත්වීමට තීරණය කර තිබේ. 17 February 2023
රැඳවියන්ට වීඩියෝ තාක්ෂණය බන්ධනාගාර රැදවියන්ගේ සුවදුක් විමසීමට පැමිණිමට නොහැකි ඥාතීන්ට ඔවුන් බැලීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට හැකි වන පරිදි ’’ඊ විසිට්’’ සංකල්පය හඳුන්වා දී තිබෙන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගරයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 17 February 2023
ගජමුතු විකුණන්න ගිය 5 ක් මාට්ටු ගජමුතු දෙකක් අලෙවි කිරීමට සූදානමින් සිටි බව කියන පුද්ගලයින් පස් දෙනෙකු සහ විකිණිමට සූදානම්කර තිබු ගජමුතු සිය බාරයට ගැනීමට ගම්පහ කොට්ඨාස දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් සමත්ව ඇත. 17 February 2023
ත්‍රිරෝදය මස් කර විකුණන්න ගිය පී.සී මාට්ටු පැහැරගත් තීරෝද රථයක් කොටස් කර විකිණීම සඳහා පයාගලට රැගෙන ආ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 17 February 2023
මහරෑ වෙඩි තැබීමෙන් තරුණයා මරුට මිනුවන්ගොඩ ,බොරගොඩවත්ත ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු නාඳුනන තුවක්කුකරුවකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි . 17 February 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026