බෙහෙත් නෑ:උදව් ඕ නෑ රටපුරා වෙනත් රෝහල්වල මෙන්ම මහරගම අපෙක්ෂා රෝහලේ ද ඖෂධ හිඟයක් තිබෙන හෙයින් ඖෂධ ලබා ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ සහාය අපේක්ෂා කරන බව මහරගම අපෙක්ෂා රෝහලේ ළමා පිළිකා විශේෂඥ වෛද්‍ය සංජීව කුලසේකර මහතා කීය. 15 February 2023
ඕ.ටී.කැපුවාට සුව සේවකයෝ උරණ වෙති සෞඛ්‍ය සේවකයන්ගේ අනුමත අතිකාල පැය ගණනින් සියයට 15ක ප්‍රමාණයක් කපා හැරීමට ගත් තිරණයට විරෝධය දක්වමින් කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවකයන් පිරිසක් අද දහවල් සෞඛ්‍ය ලේකම්වරයාගේ නිලකාමරය වටකර දැඩ විරෝධතාවක නිරත වූහ. 15 February 2023
පෙළ පොත් බෙදීම ඇරැඹේ රටපුරා සියලු පාසල් සිසුන්ට නොමිලයේ පෙළපොත් බෙදා හැරීම අද සිට ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. 15 February 2023
රට ගොඩ ගන්න ’’ද බ්ලු ප්‍රින්ට් 2.0’’ එළි දකියි ණය උගුලෙන් මිදීම සහ අන්තර්ග්‍රාහක තිරසාර සංවර්ධනය වෙනුවෙන් වන සැලැස්ම ’’ද බ්ලු ප්‍රින්ට් 2.0’’ ඊයේ(14) කොළඹදී සංවිධානය කර තිබූ සමගි ජන බලවේගයේ ආර්ථික සමුළුවේදී ඉදිරිපත් කරනු ලැබිණ.2022 අගෝස්තු 12 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කර සභාගත කරන ලද මුල් සැලැස්ම යාවත්කාලීන කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම සඳහා කරුණු 10 කින් යුත් දීර්ඝ ප්‍රකාශයක් ලෙස ’’ද බ්ලු ප්‍රින්ට් 2.0’’ එළි දක්වා ඇත. 15 February 2023
ඉන්දීය විසා මධ්‍යස්ථාන දින නියමයක් නැතිව වැසේ ආරක්ෂක හේතූන් මත ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ වීසා මධ්‍යස්ථානය නැවත දැනුම්දෙනතුරු වසා දමා තිබේ. 15 February 2023
මැකෝ ගිරවු සොරකමේ ඇවිත් පොලිසියට මාට්ටු වේ විකිණීම සඳහා ඇති කරන මැකෝ වර්ගයට අයත් ගිරවුන් හය දෙනකු කොල්ලකෑමට උත්සාහ කරද්දී එම ව්‍යාපාරිකයාගේ මව සොරුන් සමග පොර බදා කොල්ලය වළක්වාගෙන ඇතැයි බෝගමුව පොලීසිය පවසයි. 15 February 2023
හාරදාහකට කොරියා දොර ඇරේ නිශ්පාදන අංශයට අදාලව 2022 වර්ෂයේ පැවැත්වූ හය වන කොරියා භාෂා ප්‍රවීණතා විභාගයේ දෙවන අදියරෙන් අපේක්ෂකයින් 3950 දෙනෙකු සමත් වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 15 February 2023
ගංගානි - මහින්ද මැතිවරණ කොමිසමට කැඳවිය යුතුයි රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මැතිවරණ කොමිසමට කැඳවා ප්‍රශ්න කළ යුතු බවත් එම නිලධාරීන් ඉතාම පැහැදිළිව රටේ උත්තරීතර නීතිය කඩ කරමින් ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කිරීමට උත්සහ කරන බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (15) පැවසීය. 15 February 2023
මත්පෙති සමග ඇල්ලූ වෙදා රිමාන්ඩ් මත්පෙති තොගයක් සමඟ බදුල්ල විහාරගොඩ දී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයා ලබන 17 තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුජිත්ද සිල්වා මහතා නියෝග කළේය. 15 February 2023
ඡන්ද පත්‍රිකා මුද්‍රණයට පොලිස් ආරක්ෂාව නෑ පොලිස් ආරක්ෂාව ලබාදීම පොලිස් ප්‍රධානීන් මඟ හැරීම හේතුවෙන් ඡන්ද පත්‍රිකා ඇතුළු මැතිවරණ මුද්‍රණ කටයුතු ආරක්ෂක විධිවිධාන සහිතව ඉදිරියට කරගෙන යෑම ගැටළුකාරීවී ඇතැයි වාර්තා වේ. 15 February 2023
වැලන්ටයින් තොරණට ජ‘පුර සිසුහු ගහ ගනිති ආදරවන්තයින්ගේ දිනය නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල භූමියේ ඉදිකර තිබූ තොරණක් සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස් වීමක් මුල්කරගනිමින් පීඨ දෙකක සිසුන් අතර ඇතිවූ ගැටුමකින් නේවාසිකාගාරයේ දේපලවලට දැඩි අලාභානි සිදු ව ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි. 15 February 2023
ටොයෝටා සමාගමේ සභාපති දිවි ගමන නිම කරයි ටොයෝටා සමාගමේ නිර්මාතෘ කිචිරෝ ටොයොඩා මහතාගේ පුත් සොයිචිරෝ ටොයොඩා මහතා අභාවප්‍රාප්ත වූ බව ටොයොටා සමාගම ප්‍රකාශ කර ඇත. 15 February 2023
නවසීලන්තයට භූ කම්පනයක් නවසීලන්තයේ වෙලිංටන් නගරයේ ආසන්නයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 අගයක් ගත් භූ කම්පනයක් අද (15) හටගෙන තිබේ. 15 February 2023
හොරාට වෙඩි තැබූ ඕ.අයි.සී ඇතුළු 4ක් ගස් වසර 18කට පෙර තිස්සමහාරාම දෙබරවැව මාතරවත්තදී සොරකමකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු වූ හුංගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති වරයා ඇතුළු පොලිස් නිළධාරීන් සිව් දෙනකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (15) මරණීය දණ්ඩනය නියම කළේය. 15 February 2023
‘ඇප මුදල් මැතිවරණ කටයුතුවලට ගන්න පුලුවන් ‘ ඇපමුදල් ලෙස තැන්පත්කොට ඇති රුපියල් මිලියන 186ක මුදල මැතිවරණ කටයුතු සදහා මහා භාණ්ඩාගාරය හරහා මැතිවරණ කොමිසමට ලබාදිමට මැතිවරණයට ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම්වලට ඉඩකඩක් පවතින බැව් ෆැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා ගාල්ලේ දි පැවති මාධ්‍ය හමුවකදි සදහන් කළේය. 15 February 2023
රටේ ඉදිරිය ගැන සිරිකොත අදහස් විමසයි පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ මහජන දිනය පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 15 February 2023
මඩ පොහොර අඩුවට දෙන්න ගැසට්ටුවක් ඉදිරි යල කන්නයට අවශ්‍ය මඩ පොහොර, දැනට වෙළෙඳ පොළේ පවතින මිලට වඩා අඩු මිලකට ගොවීන්ට ලබා දීමට ගැසට් නිවේදනයක් මගින් කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 15 February 2023
මුදල් ලේකම් මැතිවරණ කොමිසමට කැඳවයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවන බව එම කොමිසම පවසයි. 15 February 2023
එක්දරුපියා ඝාතනයට තවත් සිසුන් 2 ක් මාට්ටු ආරක්ෂක හිස් වැසුම් වලින් පහර දීමෙන් එක්දරු පියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පාසල් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි . 15 February 2023
දිස්ත්‍රික්ක හතක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් මුදල් ලබාදීම සම්බන්ධයෙන් මහ භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් දැනුම්දී ඇතැයි රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය. 15 February 2023
මහජන බැංකුව තෙල් සංස්ථාවේ ගිණුම අත්හිටුවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්වල බෙදුම්කරුවන් ඉන්ධන තොග මිලදීගැනීමට මහජන බැංකුවේ තැන්පත් කරන මුදල් ඊයේ (14) මධ්‍යම රාත්‍රී සිට ගිණුම්ගත කිරීම අත්හිටුවීමෙන් ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. 15 February 2023
ගොවි ගිණුම් අංක වැරැද්දූ නිලධාරීන්ට විනය පියවර ආසියා සංවර්ධන බැංකුව විසින් මෙරට වී වගා කරන ගොවි ජනතාවට නැවත අයකිරීමකින් තොරව ලබා දීමට පියවර ගත් මූල්‍ය ප්‍රතිපාදන ගොවි ගිණුම්වලට බැර කිරීම සඳහා අවශ්‍ය තොරතුරු නිවැරදිව ලබා නොදුන් ප්‍රාදේශීය ගොවිජන සේවා නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 15 February 2023
පීටර් රැම්සෝර් ජනපති හමු වෙයි ජර්මන් පාර්ලිමේන්තු සාමාජික ආචාර්ය පීටර් රැම්සෝර් (Peter Ramsauer) මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය. 15 February 2023
ඡන්දය නොතියන්නේ ඡන්ද නැති නිසායි ආණ්ඩුව මැතිවරණ නොපවත්වන්නේ මුදල් නොමැති නිසා නොව ඡන්ද නොමැති නිසා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. 15 February 2023
මාවනැල්ල සභාපති ඉවතට මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ රංකොත් පේඩිගේ නොයෙල් දසන්ත ස්ටීවන් මහතාගේ ධූරය 2023 පෙබරවාරී මස 14 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් තාවකාලිකව අත් හිටුවනු ලැබීය. 15 February 2023
සිංහලෙන් ආ සිතාසිය ශ්‍රීධරන් බාර නොගනී යාපනය අධිකරණයේ පෙනී සිටින ලෙසට දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතාට දන්වා එවන ලද ලියවිල්ල සිංහල භාෂාවෙන් තිබීම හේතුවෙන් එය බාර ගැනීමට නොහැකි බවට මන්ත්‍රීවරයා විසින් පොලීසියට දැනුම් දී ඇත. 15 February 2023
රදැල්ල මාර්ගයේ අදත් අනතුරක් නුවරඑලිය හාවාඑලිය ප්‍රදේශයේ සිට තලවකැලේ ප්‍රදේශය දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් රදැල්ල කෙටි මාර්ගයේ මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් විමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා සහ මගින් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව නානුඔය පොලිසිය පැවසිය. 15 February 2023
චෙක් වංචා අවම කරන්න කමිටුවක් චෙක්පත් මගින් ගනුදෙනු කිරීමේදී සිදු වන වංචා, අක්‍රමිකතා සහ අතපසුවීම් හේතුවෙන් මෙරට ව්‍යාපාරික ප්‍රජාව හා සාමාන්‍ය ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් ඒ සම්බන්ධව පවතින නීති වර්තමානයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීම සදහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබේ. 15 February 2023
’’මැන්ඩෝස්’’ නිසා මියගිය සතුන්ට වන්දි 2022 දෙසැම්බර් මාසයේ බලපෑ මැන්ඩෝස් සුළි කුණාටුව නිසා ඇති වූ සීත කාළගුණික තත්ත්වයෙන් උතුරු නැගෙනහිර මිය ගිය සතුන් සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 30ක මුදලක් වෙන් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි. 15 February 2023
අධිවේගයේ අනතුරින් දෙකක් මරුට දක්ෂි අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 35.9 කණුව අසලදී ලොරි රථයක් සහ මොටර් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි. 15 February 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026