ලංගම බසයට යට වූ මව සහ පුතා මරුට දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ ගොකරැල්ල රෝහලට ආසන්නයේ පිහිටි පිරිවෙන ආසන්නයේදී ඊයෙ 1 වෙනිදා දහවල් එකට පමණ මාර්ගයේ පෙරලී ගිය යතුරුපැදියක් ලංගම බස් රථයක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ මව සහ පුතා එම ස්ථානයේදීම මිය ගිය බව ගොකරැල්ල පොලිසිය පවසයි. 01 February 2023
ගාල්ල - මාකුඹුර අතර යන්න මාරු කාසි එපා ගාල්ල - මාකුඹුර අතර ධාවනය කරන අධිවේගී මාර්ග බස්රථවල ගමන් කිරීමට හෙට (2) සිට පෙරගෙවුම් කාඩිපත් නිකුත් කරන බවත් මහජන බැංකුවෙන් සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් එම කාඩ්පත් මිලදී ගත හැකි බවත් ජාතික ගමනා ගමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය. 01 February 2023
ක්‍රීඩා ඇමතිගෙන් අභියාචනාධිකරණයට පොරොන්දුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ පූර්ණ විගණනයක් කර විගනකාධිපති වාර්ථාව ලැබෙන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ කිසිඳු පියවරක් නොගන්නා බවට ක්‍රීඩා ඇමතිවරයා අභියාචණාධිකරනය පොරොන්දු විය. 01 February 2023
හලාවත ප්‍රා. සභා ලේකම්වරියගේ මාරුවට අධිකරණයෙන් තහංචියක් මැතිවරණයක් කැඳවා තිබෙන අවස්ථාවක මැතිවරණ නීති රීති උල්ලංඝනය වන ආකාරයට වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගේ නියෝගයක් මත මැතිවරණ රාජකාරි කටයුතු භාර නිලධාරිනියක වන හලාවත ප්‍රාදේශීය සභාවේ ලේකම් ශ්‍රියානී ජයසිංහ මහත්මියට ලබාදී තිබෙන ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවමින් කුරුණෑගල මහාධිකරණ විනිසුරු නිශාන්ත පීරිස් මහතා තහනම් නියෝගයක් කළේය. 01 February 2023
නිදහසක් නැති නිසා කතෝලික සභාව නිදහස් උළෙලට නෑ මෙවර ජාතික නිදහස් දින සැමරුම් උළෙලට කතෝලික සභාව නියෝජනය කරන කිසිවකු සහභාගී වන්නේ නැතැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක, සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවසීය. 01 February 2023
වල්ගා තරුව පෘථිවිය අසලට පැමිණෙයි තාරකා විද්‍යාඥයන්, ‘සී/2022ඊ3’ යනුවෙන් නම් කළ වල්ගා තරුව අද (1) සහ හෙට (2) පෘථිවිය අසලට පැමිණියේය. රාත්‍රී අහස පැහැදිලි නම්, කොළ පැහැති ආලෝකයක් විහිදුවන මෙම වල්ගාතරුව පහසුවෙන් දැක ගැනීමට හැකි බව නාසා විද්‍යාඥයන් කල් කියා පැවැසීමත් සමඟ වල්ගා තරුව දැක ගැනීමමට ලොකු කුඩා කවුරුත් උනන්දු විය. 01 February 2023
මුදලිගේ ගෙදර යයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ තවත් නඩු තුනකට ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය. 01 February 2023
ඡන්දෙ තිව්වොත් රට නැවතත් අගාධයකට ජනතාවගේ බලාපොරොත්තු නැවත ඉහලට යන අවස්ථාවේදී පළාත් පාලන ආයතන සභිකයන් 8000කට වැටුප් ගෙවන තත්ත්වයක් විපක්ෂය අපේක්ෂා කරන්නේ නම්, එයින් රට නැවතත් ආර්ථික අගාධයකට ඇද වැටී සංචාරක කර්මාන්තයට ද හානියක් විය හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 01 February 2023
රටවල් 3ක තානාපති ගොඩනැගිලි පාලුවට ඇරලා විදේශ දූත මණ්ඩල ක්‍රියාත්මක වන ඕස්ට්‍රේලියාව,ස්වීඩනය හා කෙන්යාව යන රටවල ශ්‍රී ලංකා රජයට අයත් ගොඩනැගිලි ප්රශස්ත අන්දමින් පාවිච්චි කර නොතිබූ බව විගණන වාර්තාවක සඳහන් වේ. 01 February 2023
මහගෙදර ලිපියට ජී.එල්ගෙන් පිළිතුරු නිදහසට කරුණු ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එවූ ලිපියට පිලිතුරු ලිපියක් යැවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 01 February 2023
මෙහෙම විකාර ආණ්ඩුවක් තුන් ලෝකෙම නැහැ පාර්ලිමේන්තු කල් දමා විකාර වැඩ කරන ආණ්ඩු තුන් ලෝකෙම නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය. 01 February 2023
මා බාල කාලේ අම්මාගෙ උකුලේ ගීත රචිකාවිය ගීතයට සමු දෙයි ගේයපද රචිකාවියක් මෙන්ම සම්මානනීය ලේඛිකාවක වන මාලිනි විජිතා විජයවීර මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. 01 February 2023
අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් දිවයිනට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය දෙදින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට ඊයේ (31) පැමිණ තිබේ. 01 February 2023
කොමිෂන් සභාවලට අයදුම්පත් කැඳවීම ඇරඹේ මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් පත්කිරීමට අයදුම්පත් කැඳවීම අද(1) සිට ආරම්භ කෙරෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. 01 February 2023
යූරියා ගන්න බිලියන 10ක් වෙන් කරයි 2023 ඉදිරි යල කන්නයේ වී වගාව හා බඩඉරිගු වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීමට රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 01 February 2023
ඊ.ටී.එෆ් සභාපති නිල කාමරයේ සිර කරති නාරාහේන්පිට පිහිටි කම්කරු මෙහෙවර පියස කාර්යාලයේ පවත්වාගෙන යන සේවා නියුක්ති භාරකාර අරමුදල් මණ්ඩලයේ සභාපති ආර්.ඒ.දේශපිය මහතා එහි සේවකයන් පිරිසක් නිවාස අඩස්සියේ තබා ඇතැයි එම කාර්යාල ආරංචි මාර්ග කියයි. 01 February 2023
මව රැගෙන ඒමට ගිය දරුවන් දෙදෙනාගේ අනූ නවයෙන් දිවි බේරේ කොට්ටුකච්චිය හල්මිල්ලෑවේ දී යතුරු පැදියකින් ගමන්ගත් පාසල් සිසුන් දෙදෙනකු ඉදිරියට ආ දළ ඇතකුගෙන් බේරීමට යතුරු පැදිය දමා අසල නිවසකට දිව ගිය අවස්ථාවේ ඇතා යතුරු පැදිය පාගා විනාශ කර ඇතැයි පුත්තලම වනජිවි පාලන ඒකකය පැවසිය. 01 February 2023
මැතිවරණ ගැසට්ටුවට චාල්ස් අත්සන් කරලා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් පී.එස්.එම්.චාල්ස් මහත්මිය ඉවත් වී නැතැයි මැතිවරණ කොමිෂන් සභාව ආරංචි මාර්ග කියයි. 01 February 2023
ගමනාන්තය හොඳදැයි බලන්න ජර්මනියෙන් එයි ජර්මන් ජාතික සංචාරක නියෝජිතයෝ 30 දෙනෙක්ගෙන් සමන්විත පිරිසක් දින 07 ක අධ්‍යයන චාරිකාවක් සදහා අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ . 01 February 2023
පීඩන අවපාතය අද නැගෙනහිරට නිරිතදිග බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය අද (1) දිනයේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයට පැමිණෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 01 February 2023
පුංචි ඡන්දයේ ගැසට්ටුව එළියට 2023 මාර්තු 9 වැනි දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ. 01 February 2023
රාගම රෝහල පැයක් නවතී රාගම ශික්ෂණ රෝහලේ විදුලි ජනන යන්ත්‍රවල දෝෂයක් හේතුවෙන් රෝහලේ විදුලිය විසන්ධි වීමෙන් වෛද්‍යවරු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය සහ රෝගීහු අද (31) රාත්‍රී දැඩි අපහසුතාවට පත්වූහ. 31 January 2023
නිදහසේ වේදිකාව නිදහසේ රූගත කළ දෙකක් මාට්ටු 75 පස්වැනි නිදහස් උත්සවය වෙනුවෙන් ගාලුමුවදොර ඉදිකරමින් පවතින වේදිකාව ඇතුලු ස්ථාන ඡායාරූප ගතකරමින් සිටි අරගල ක්‍රියාකාරි සමාජිකයකු හා සමාජිකාවක අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැරිය බව පොලිසිය පවසයි. 31 January 2023
පුංචි ඇඟළුම්හල ගින්නට බිලි මොරටුව රාවතාවත්ත හයවැනි පටුමගේ ඇගලුම් කම්හලක් පවත්වාගෙන ගිය දෙමහල් නිවෙසක ඇති වු විශාල ගින්නෙන් දේපලවලට දැඩිලෙස හානි සිදු වී ඇති බව මොරටු මහනගරසභා ගිනි නිවන ඒකකයේ ස්ථාන භාර ප්‍රධාන නිලධාරි දුල්සිරි කුමාර මහතා පැවසීය. 31 January 2023
උද්ධමනය පහළට කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මස උද්ධමනය සියයට 54.2 දක්වා පහත වැටී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දී ඇත. 31 January 2023
විදුලිය කපනවාද නැද්ද තීරණය හෙට පෙරවරුවේ විදුලි කප්පාදුව හෙට (1) දිනයේ ක්‍රියාත්මක කරනවාද නැද්ද යන තීරණය හෙට පෙරවරුවේ ගැනීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් අද (31) රාත්‍රී පැවසීය. 31 January 2023
අතුරු විදුලි ගාස්තු සංශෝධනයට කොමිසමේ සාමාජිකයෝ විරුද්ධයි කැබිනට් මණ්ඩලය යෝජනා කළ අතීතයට බලපාන පරිදි අතුරු විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොකිරීමට මහජන උපයෝගිතා කොමිසමේ සියලුම සාමාජිකයන් ඒකමතිකව තීරණය කළ බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (31) පස්වරුවේ පැවසීය. 31 January 2023
දෙමස්සිනාලා එකට සූර්වී මස්සිනා මරාදාලා ගල්කිස්ස පිටත සේරම් පාර දෙමහල් නිවසකදී පෞද්ගලික ආරවුලක් මත මස්සිනා විසින් මස්සිනා ඝාතනය කර පලාගොස් ඇතැයි ගල්කිස්ස පොලීසිය කියයි. 31 January 2023
අනුරුද්ධ බණ්ඩාරගේ පෙත්සම විභාගයට ගන්න අවසර තමන් නීතියට පටහැනිව අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටි 10 ක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය. 31 January 2023
නරක්වූ කිරිපිටි විකුණා මිල්කෝ ප්‍රධානියෙක් මිලියන 100 කට විදලා මිල්කෝ සමාගමෙි කල් ඉකුත් වූ කිරිපිටි සත්ව ආහාර සඳහා විකිණීමේ ටෙන්ඩරයකින් රුපියල් මිලියන සීයක් ගසා කෑ බව කියන මිල්කෝ ප්‍රධානියකු ගැන අමාත්‍යාංශය මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ වී තිබෙි. 31 January 2023
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026