IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ආරක්ෂක ලේකම් සිංදුවක් ලියයි

(අංජුල මහික වීරරත්න)

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ලියූ “තාරා ගේ ආගමනය” හා “කඩොල් ඇත්තු” (පරිවර්තන) නව කතා ද්විත්වය සහ  "ඇහේ කඳුළැලි” ගීතය එළිදැක්වීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්විණි.

නවකතා ද්විත්වයෙහි පළමු පිටපත් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු කථානායක කරූ ජයසූරිය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් වෙත කෘති පිළිගැන්වීම සිදු විය.

 කමල් ගුණරත්න මහතා ලියූ “ඇහේ කඳුළැලි” ගීතය යසස් මැදගෙදර මහතා  සංගීතවත් කර ඇති අතර ප්‍රවීණ ගායිකා අභිෂේකා විමලවීර මහත්මිය ගායනා කරයි.



අදහස් (10)

ආරක්ෂක ලේකම් සිංදුවක් ලියයි

ලුම්බිණි Thursday, 07 September 2023 01:30 PM

ආරක්ෂක අමාත්‍යාංශය විසින් රටට අවශ්‍යම දෙයක් සිදුකරන කොට අපි කවුරුත් සතුටු වෙන්න ඕනෑ...

:       6       38

A poor Sri Lankan Thursday, 07 September 2023 01:49 PM

'ඇහේ කඳුලැලි 'ජෙනරල් කමල් ගුණරත්න දේශපාලන ශාස්තෘවරුන්ගේ දූෂණයට සහ අවපාලනයට ස්තූතිවන්ත වෙමින් දිනපතා හඬා වැටෙන මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් ගැන විය යුතුය.

:       4       22

dilshan Thursday, 07 September 2023 02:21 PM

ඔහු මේ සඳහා හොඳම කෙනා , හි හි ..........

:       1       12

sujeewar Thursday, 07 September 2023 02:45 PM

නැත.... බොහෝ දෙනෙකුට අමතකව ගිය 30 වසරක ත්‍රස්තවාදයට ගොදුරු වී දුක්විඳි මායිම් ගම්මානවල ජීවත් වූ සියළුම ජනවර්ගවල මිනිසුන් පිළිබඳව විය යුතුය.

:       2       9

කිරිපුතා Thursday, 07 September 2023 03:02 PM

ත්‍රස්තවාදීන් ට එරෙහි සටනේදී පෙරමුණේ සිටි වීරයන් අතින් රටට දැයට සමයට වචනයකින් හෝ හානියක් නොවන වග විශ්වාසයි. වර්ථමාන නායකයා නම් කොටි හුරතලේ පටන් අරන් ඉවරයි.

:       3       12

සෙනෙවිරත්න Thursday, 07 September 2023 04:11 PM

කමල්ලා යුද්ධ කරනකොට තොප්පිගල කැලයක් කිව්ව අයටම මේක පිළිගැන්වීම දෛවයේ සරදමක්ද, නැත්නම් කමල්ලාගේ ලැජ්ජා නැතිකමද මට නම් නොතේරේ...!

:       1       20

Lalla Friday, 08 September 2023 06:53 AM

ආරක්ෂක අමාත්‍යාංශය පුද්ගල ප්‍රතිරූප ගොඩනගන්න වැඩ කරන්න ඕනෑද? ගෝඨා උස්සලා තිබ්බේත් ඔය විදිහට තමයි.. අවසාන ඵලය...

:       1       0

Ruwan Friday, 08 September 2023 07:37 AM

කමල්ට සරමක්... රනිල්ට සායක්... අනේ මෙහෙමත් විලි ලැජ්ජා නැති අප්පුහාමිලා දෙන්නෙක්...

:       0       1

Rajakaruna Friday, 08 September 2023 08:43 AM

ඇහේ කඳුලැලි පිළිගන්වන්න තිබ්බේ ජනාධිපතිට නෙමෙයි රටේ ජනතාවට...

:       0       0

chandima Friday, 08 September 2023 12:54 PM

ජනාධිපති බයිලා කියනවා. ලේකම් සිංදු කියනවා. හෙංචයියලා අත්පුඩි ගහනවා. මිනිස්සු හුරේ දානවා.. මාරයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 311 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site