IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඩුබායි හිදි ලාංකිකයකුට කෝටි 175ක් ඇදෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයකු ඩිරාම් මිලියන 20 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 175 ක් පමණ)ක ලොතරැයි ජයග්‍රහණයකට හිමිකම් කීමට වාසනාවන්ත වී ඇත .

තුරෙයිලිංගම් ප්‍රභාගර් නැමැති මෙම ශ්‍රී ලාංකිකයා අබුඩාබි බිග් ටිකට් ලොතරැයියේ පළමු ත්‍යාගයට හිමිකම් කියා ඇති අතර එම ටිකට් පතේ දෙවැනි ත්‍යාගයට ඉන්දියානු ජාතිකයකු වූ සෙල්වරාජ් තන්ගායාන් හිමිකම් කියා තිබේ.

තුරෙයිලිංගම් මහතා මීට වසර 16කට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සංක්‍රමණය වී ඇති අතර අබුඩාබි බිග් ටිකට් ලොතරැයිය ක්‍රියාත්මක කළ ප්‍රවර්ධන වැඩසටහනකදී තුරෙයිලිංගම් මහතා ජයග්‍රාහී ටිකට් පත මිලදී ගෙන ඇත.

තමන් ලද මෙම ලොතරැයි දිනුම හේතුවෙන් අනාගතයේ ගොඩක් වෙනස්කම් සිදුවෙනු ඇති බවත් සුබ පණිවිඩය ලැබූ අවස්ථාවේ ඇති වූ කම්පනය තවමත් තිබෙන බවත් තුරෙයිලිංගම් මහතා පවසා තිබේ. එසේම අවුරුදු 5 ක කාලයක සිට මිත්‍රයන් සමඟ එකතු වී බිග් ටිකට් ලොතරැයිය ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් මිලදී ගත් බවද තුරෙයිලිංගම් මහතා ප්‍රකාශ කර ඇත.

 



අදහස් (8)

ඩුබායි හිදි ලාංකිකයකුට කෝටි 175ක් ඇදෙයි

මැක්ස් Wednesday, 06 September 2023 09:31 PM

ඉතා සිතින් සුබ පැතුම්! දැන් ඉතින් එම මුදල්ද රැගෙන ඔබගේ මව් රටට එන්න. යහපත් ව්‍යාපාරයක් සඳහා එය ආයෝජනය කරන්න. ඔබේ ජනතාවටත්, අන් අයටත් වෙසෙසින්ම ඔබටත්, අවසානයේ රටටත් ඉන් ප්‍රතිලාභ අත්කර දෙන්න...!

:       49       40

sunilThursday, 07 September 2023 12:20 AM

ඔහු මේ රටේ සිංහලයින්ගෙන් ලැබුන රැවිලි, ගෙරවිලි, ප්‍රතික්ශේප කිරීම් නිසා මේ රට එපාවෙලා ගිය අහිංසක ද්‍රවිඩ ජාතිකයෙක්.ඔහු ආයෙත් මේ ජරා රටට එන්නේ නැහැ.

:       3       5

NimalThursday, 07 September 2023 08:56 AM

එන්න එපා මේ රටට නම්, දේශපාලුවොයි, කූට වෙළෙන්දොයි, ඔය සල්ලිටික වාෂ්ප කරන්න ක්‍රම සහ විධි ඕනෑතරම් හොයාගනියි. ඕනෑ නම් ආධාර, උපකාර කරන්න... අහිංසක මිනිස්සුන්ට..!

:       3       35

Bunny Preena Thursday, 07 September 2023 09:15 AM

සුබ පැතුම්... කප්පම්කරුවන්ගෙන් පරිස්සම් වෙන්න.

:       0       23

මාලිංග Thursday, 07 September 2023 09:34 AM

ඔබ මේ රටට ආවොත් ඔබව මරාගෙන කාවි මේ රටේ ඉන්න ලේ බොන දේශපාලු අසික්කිත නරුමයින් සහ ඔවුන්ගේ ඉඳුල් කන නිලධාරීන් යයි කියාගන්නා පට්ට මෝඩයින්. ගුවන් තොටුපොළේ ඉඳලාම ඔබව ෆලෝකරයි. විශේෂයෙන් ගම්පහ නෝණ්ඩි බඩා ඔබව දුටුවොත් අනිවාර්යයෙන් රුපියල් කෝටි 15ක් විතර උදුරලා ගන්නවා. එකාගේ රස්සාව කප්පම් ගැනීමනේ. ඒකා ගන්න කප්පම්වලින් කොටසක් රටේ ලොක්කාටත් යනවාලු. මේ ජරා රටට ඇවිත් නිකම් ලෙඩ දාගන්නේ නැතිව ඔබ ඉන්න ලස්සන රටේ සතුටින් ඉන්න. දුප්පතුන්ට සලකන්න.

:       2       24

don Thursday, 07 September 2023 09:50 AM

මුදල් ආයෝජනය කරන්න කියලා එක එකා හොයන් ඒවි .නොදන්නා දේවල් කරන්න මුදල් වැය නොකර සල්ලි ටික පරෙස්සමෙන් කරගත්තොත් හොඳයි

:       0       9

visnu Thursday, 07 September 2023 10:38 AM

ඔබට වඩා හොඳයි සාමකාමී රටකට ගොස් තමාගේ පවුලත් සමග ජීවත්වීම. ඔබ ලංකාවට පැමිණියහොත් වාහන දේපල, ව්‍යාපාර සඳහා බදු බදු බදු . මේක මොඩ , කම්මැලි, අනුන්ගෙන් ජීවත්වන හිගන්නො ඉන්නෙ.

:       3       14

BERNARD DHARMATILEKE Thursday, 07 September 2023 11:02 AM

ජයග්‍රහනෙ බොහොම සතුටු වෙනව.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 311 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site