කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකාවට දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ. 03 February 2023
සැකකරුවන් මාරු කළ පොලිසියේ හතරකට වැඩ වරදි වනජීවී දෙපාර්තමේන්තුවට අයත් කැබ් රථයකින් ප්‍රවාහනය කළ වියළි කංසා තොගයක් සමග එහි සිටි නිලධාරීන් වෙනුවනට වෙනත් හතර දෙනකු ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලිසියේ සිවු දෙනකුගේ වැඩ තහනම් කළ බව තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය කියයි. 03 February 2023
ඇඹිලිපිටිය අධිකරණයේ තිබූ යතුරු පැදි දෙකක් අතුරුදහන් නඩු භාණ්ඩ වශයෙන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ යතුරුපැදි දෙකක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය පවසයි 03 February 2023
පොලොන්නරුවට වැස්සෙන් හානි අධික වර්ෂාව සමඟ ඇතිවූ තද සුළං හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05ක පිහිටි නිවාස 52කට හානි සිදුවී ඇතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියයි. 02 February 2023
පාස්පෝට් හදා දෙනවැයි කියා සල්ලිවලට විද්ද 4 ක් මාට්ටු බත්තරමුල්ලේ ඉසුරුපාය කාර්යාලයේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනිමට පැමිණෙන පුද්ගලයින්ට ඒ සඳහා උපකාර කළ හැකි බව පවසමින් රුපියල් දහස් ගණනින් මුදල් බලහත්කාරයෙන්ලබා ගැනීමේ සහ ව්‍යාජ ලේඛන සකස් කිරීමේ නිරතව සිටි බව කියන තැරැව්කරුවන් යැයි පැවසෙන පුද්ගලයින් සිව්දෙනෙකු ඊයේ (1) සැකපිට අත්අඩංගුවට ගත්බව තලංගම පොලිසිය පවසයි 02 February 2023
එතෙර 17කට ජනපති අතින් අක්තපත්‍ර ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු 11 දෙනෙක් සහ මහකොමසාරිස්වරු 6 දෙනෙක් අද (02) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අක්ත පත්‍ර බාර දෙනු ලැබූහ. 02 February 2023
ජී. එල්. පීරිස් ඇතුළු පිරිස පොහොට්ටුවෙන් ඉවත් කරනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස් මහතා ඇතුළු පක්ෂය හැර ගිය සියලු දෙනා පක්ෂයෙන් ඉවත් කරන බවත් ඒ සඳහා නීතිමය කටයුතු කරමින් සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (2) පැවසීය. 02 February 2023
මාංචුත් එක්ක පැන ගිය සැකකරුවෝ අත්අඩංගුවට සුරාබදු ආරක්ෂක නිලධාරින්ගේ අත්අඩංගුවෙන් මිදි මාංචු කුට්ටමද සමග පලාගියා සැකකරැවන් දෙදෙනා ගෙන් එක් අයෙකු ඔහුගේ නිවසේදි අද (02)දින අත්අඩංගුවට ගත් බවත් අනෙකා පැමිණ භාරවු බවද සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුරාධපුර විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නිරෝෂ් ජයකොඩි මහතා පැවසිය. 02 February 2023
උතුරේ ඉඩම් අක්කර 109ක් හෙට මුල් පදිංචිකරුවන්ට උතුරේ යුද සමයේ ආරක්ෂක අංශ භාවිතයේ පැවති යාපනය වලිකාමම් උතුරු ප්‍රදේශයේ ඉඩම් අක්කර 109කට ආසන්න ප්‍රමාණයක් යළි මුල් පදිංචිකරුවන්ට ලබාදීම හෙට (03) සිදු කෙරේ. 02 February 2023
මා මරන්න හැදුවා අත්අඩංගුවට ගත් තමා ඝාතනය කිරීමේ සැලසුමක් පොලිසියට තිබූ බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඊයේ (02) පැවැසීය. 02 February 2023
මුදලිගේ නිදහස් කිරීමට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යන අය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම චෝදනාවලින් නිදහස් කිරීමේ තීන්දුවට එරෙහිව නිතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට ලබන සතියේදී අභියාචනයක් ඉදිරිපත් කරනු ලබන බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 02 February 2023
මුහුදුබත් වූ නෞකා 47 ක් ශ්‍රී ලංකා හුමුදු සීමාවේ ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ විවිධ අවස්ථාවන්හිදී ගිලී මුහුදුබත් වූ නෞකා 47 න් කෞතුක වටිනා කමක් නොමැති නෞකා ගොඩගෙන අබිලි ලෙස අළෙවි කර රජයට මුදල් ලබාගැනීමට කටයුතු කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 02 February 2023
නිදහස වෙනුවෙන් මුද්දර දැක්මක් 75 වන නිදහස් දිනය නිමිත්තෙන් මුද්දර දැක්මක් පැවැත්වීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 02 February 2023
සුසන්තිකාට ක්‍රිකට් උපදේශක තනතුරක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරියක ලෙස ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. 02 February 2023
අතුරුදන් වූ කෝටිපතියා නාන තටාකයෙන් මතු වේ දින කීපයක සිට අබිරහස් ලෙස අතුරුදන්ව සිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ මළසිරුර ඔහුට අයත් තලංගම පැලවත්ත එන් ඩි එච් පුර සුඛෝපභෝගී තෙමහල් නිවස පිහිටි භූමියේ නාන තටාකයේ තිබී හමුවූ බව තලංගම පොලිසිය කියයි. 02 February 2023
නිදහසේ පෙරහුරුව මෙරට 75 වන නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී පෙබරවාරි 4 වැනිදා උදෑසන ඉතා අභිමානවත් අයුරින් පැවැත්වෙන අතර එහි ආචාර පෙලපාලියේ පුහුණුවීම් කටයුතු මේ දිනවල සිදුකෙරේ. 02 February 2023
පාර්ලිමේන්තුව උත්සවයට ආචාර වෙඩිමුර නැහැ පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේදී ආචාර වෙඩිමුර සහ හමුදා උත්තමාචාර කිසිවක් නොපවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට උපදෙස් දී ඇත. 02 February 2023
අනියම් පෙමේ පැටලුණු පොලිස් ලොක්කාට ගුටි පූජාවක් යුද හමුදා සෙබළකුගේ බිරිඳක සමග හෙර රහසේ කතාබස් කරමින් සිටි අනුරාධපුර කොට්ඨාසයේ පොලිසිය ස්ථානාධිපතිවරයකු යුද හමුදා සෙබලාට මාට්ටු වී යතුරු පැදිය දමා පැණ ගොස් ඇතැයි පොලිසිය කියයි. 02 February 2023
ඒ.එස්.පී 26 කට එස්.පී වරම් හදිසි රාජකාරි අවශ්‍යතාව සැලකිල්ලට ගෙන සහකාර පොලිස් අධිකාරිවරු 26 දෙනෙක් විවිධ පොලිස් කොට්ඨාශයන්හි පොලිස් අධිකාරී නිලයේ රාජකාරි ඉටු කිරීම සඳහා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කරනු ලැබ සිටිති. 02 February 2023
75 වන නිදහස් සමරු මුද්දරය කාසිය ජනපතිට 75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂ සමරු කාසිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදු විය. 02 February 2023
ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ යන්නේ නෑ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් ඉහළ ගිය ද ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ දැමීමට යෝජනා නොකර බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසීය. 02 February 2023
පාර්ලිමේන්තු කටයුතු සභාව හෙට රැස්වේ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (3) පස්වරු 2.00 ට පැවැත්වීමට නියමිතය. 02 February 2023
ලිට්රෝ ගෑස් යළි ඉහළට? ලිට්රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 700 ත් 800 ත් අතර මුදලකින් ඉහළ යෑමට නියමිත බව ලිට්රෝ ගෑස් සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 02 February 2023
ලංවීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දුවක් මානව හිමිකම් කොමිසම ගොනු කර ඇති පෙත්සමේ කරුණු තහවුරු කරන තුරු විදුලිය විසින්ධි නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට අද පොරොන්දු විය. 02 February 2023
ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත බලාත්මක කරයි කොවිඩ් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ඉදිකිරීම් ක්ෂේත්රයේ නියුතු වුවන්ට සහන සැලසීම සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත බලාත්මක කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 02 February 2023
සුවසේවයට ගිය මෙරට කාන්තාවෝ දෙකක් ජපානයේදී ඇගැයෙති තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් ලෙස ජපානයේ සාත්තු සේවා ක්ෂේත්රයේ රැකියාවක නිරතව සිටින ශ්‍රී ලාංකික තරුණියන් දෙදෙනකු එරට ප්‍රධාන පෙළේ සඟරාවක් වන ‘විත් අයිඑම්’ සගරාවේ පිට කවරය සඳහා තෝරාගනිමින් ඔවුන්ගේ සේවය අගය කර ප්‍රශංසා සහිත ලිපියක් පළකර තිබේ. 02 February 2023
ජනපති මල්වතු-අස්ගිරි මහා නා හිමිවරු බැහැදකී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (2) පෙරවරුවේ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. 02 February 2023
විදුලිබල ලොක්කෝ වාහන තොග ගණනින් අරගෙන ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපෘති අධ්යක්ෂවරු වාහන තුනක් පමණ පාවිච්චි කරන්නේ යැයි පැමිණිළි ලැබී ඇති බවත් එම වාහන පරිහණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට කටයුතු කළ යුතු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම්දී තිබේ. 02 February 2023
13 කොහොමවත් එපා රටේ ස්වාධිපත්‍ය, භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ අත්සනින් යුතු ලිපියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (02) පෙරවරුවේ බාර දුන්හ. 02 February 2023
සුළං විදුලි කුළුණේ කොටසක් දොඹකරය මතට කඩාවැටෙයි මන්නාරම නානාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නරුවිලික්කුලම් වෙරල ආසන්නයේ ඉදිවෙමින් තිබූ සුළං විදුලි කුළුණක කොටසක් දොඹකරයක් මතට කඩාවැටීමෙන් රියදුරු සුලු තුවාල ලබා බේරී ඇතැයි වාර්ථාවෙයි. 02 February 2023
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026