ඒත්තුකාල මූහුදේ තිදෙනක් සැඟ වෙති ඒත්තුකාල වෙරළ තීරයේ අනාරක්ෂිත ස්ථානයක දියනෑමට ගිය තරුණයන් පිරිසකගෙන් තිදෙනකු අද 23 දහවල් අතුරුදන්ව ඇතැයි මීගමුව පොලිසිය කියයි. 23 July 2023
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ප්‍රධාන මාර්ගයේ දුම්රිය රැසක් අද (23) දිනයේ අවලංගු කිරීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇතැයි දුම්රිය වෘත්තිය සමිති පවසයි. 23 July 2023
පානදුර මුහුදේ සිසුවෙක් සැඟ වෙයි පානදුර නල්ලුරුව මුහුදු වෙරලේ අද පස්වරුවේ දියනැමට ගිය සිව්දෙනකු අතරින් පාසල් සිසුවකු දියේ ගිලී අතුරුදන්ව, තිදෙනකු දිවිගලවාගෙන ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි . 23 July 2023
උඩවලව සිඳීමෙන් සීනී කර්මාන්තයට බාධා උඩවලව ජලාශයෙන් පරිභෝජනය සදහා සහ වගා කටයුුතු සදහා ජලය ලබා දිය නොහැකි තත්වයට ජලාශයේ ජල මට්ටම පහත වැටීම හේතුවෙන් සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ කටයුතු සදහා දිනකට අවශ්‍ය ජල ප්‍රමාණය ලබා ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇතැයි කියති. 23 July 2023
පොහොට්ටුවෙන් අස්වැසුම ගැන ජනපතිට ලිපියක් රජයේ ප්රමුඛ වැඩසටහනක් වන අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ තාවකාලිකව අත්හිටුවා,අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය ඉටුකරන්නැයි ඉල්ලා මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බාර දීමට ආණ්ඩුවේම මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර ඇත. 23 July 2023
එප්පාවල ගොවීන්ට දුන් උපකරණ වසර ගණනක් තිස්සේ ගබඩාවල රජයේ ආධාර යටතේ එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියට ලබාදුන් නවීන තාක්ෂණයෙන් යුතු බිත්තර වී සැකසුම් යන්ත්‍රයක් ඇතුළු උපකරණ රැසක් වසර ගණනක් තිස්සේ දිරාපත්වන්නට ඉඩ හැර තිබියදී සොයාගත් බව නව නිලධාරී මණ්ඩලය කියයි. 23 July 2023
‘‘කෝටි 4100 රක්ෂණය නවතන්න හදනවා‘‘ බ්‍රිතාන්‍යයේ ලෝක ප්‍රසිද්ධ රක්ෂණ සමාගමකින් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත රුපියල් කෝටි 4100ක සහන මුදල වැළැක්වීමට මහා පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන් පිරිසක් උත්සහ දරන බවට ශ්‍රී ලංකා සුළු සහ මාධ්‍යපරිමාණ සංචාරක ව්‍යවසාය සංගම චෝදනා කරයි. 23 July 2023
අඟුරුවාතොට මවයි දියණියයි මිහිදන් කරද්දී දෙපිරිසක් ගැටේ අඟුරුවාතොටදී ඝාතනයට ලක් වූ මව සහ දියණියගේ අවසන් කටයුතු සිදු වෙද්දී සුසාන භූමියේදී දෙපිරිසක් අතර ගැටුමක් ඇති වූ බව පොලිසිය කියයි 23 July 2023
ජනමාධ්‍ය වාරණයට එරෙහිව සෞඛ්‍ය වෘත්තිය සමිති සටනට සෞඛ්‍ය සේවකයන්ට ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීමට වාරණයක් පනවමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයට එරෙහිව කටයුතු කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයක් පිහිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි. 23 July 2023
මනිපූර් හිංසනය ලොව කලඹයි ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ කලහකාරීන් පිරිසක් කාන්තාවන් දෙදෙනකු දූෂණය කර නිරුවතින්, පාරේ ඇවිදීමට සැලැස්වීමේ සිද්ධිය සහ ඉන්පසු හටගත් වාර්ගික ප්රචණ්ඩ ක්‍රියා ලොව කැලැඹීමට සමත් වී ඇත. 23 July 2023
රජයේ පාසල් දෙවැනි වාරය හෙට ඇරඹේ රජයේ පාසල්වල මෙම වසරේ දෙවැනි පාසල් වාරයේ 1 වැනිදා අදියර හෙට (24) ආරම්භ වී අගෝස්තු මස 17 වැනිදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 23 July 2023
එක්දරු මව වන අලියාට බිලි වල් අලියකුගේ ප්‍රහාරයකට ලක්ව පරංගියාවාඩිය නබඩවැව 39 හැවිරිදි කාන්තාවක් අද (23) මියගොස් ඇතැයි හොරොව්පතාන පොලිසිය පැවැසීය . 23 July 2023
ආරුක්කු නවය පාලම දෙසට ගින්නක් පැතිරෙයි ඇල්ල දුම්රිය ස්ථානය දෙස සිට ආරුක්කු 9 පාලම දෙසට ව්‍යාපත්වන ගින්නක් පාලනය කිරීමසදහා යුදහමුදාව පොලිසිය හා ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කරමින් සිටිති . 23 July 2023
රෝහල්වල ඖෂධ බාල දැයි හොයන්න විමර්ශනයක් රජයේ රෝහල්වල ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ භාවිතා කෙරෙන්නේ දැයි සෙවීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 23 July 2023
එජාපය වත්තල බලකොටුව හදයි එක්සත් ජාතික පක්ෂ වත්තල ආසන බල මණ්ඩල පිහිටුවීම ’’2048 ජයගමු’’ තේමාවෙන් පැවැත්විණි. 23 July 2023
රුසියන් යුවළ බේරන්න ගිය ජීවිත ආරක්ෂක නිළධාරීයා මරුට කළුතර උතුර වස්කඩුව මුහුදේ අද (23) දවල් දියනාමින් සිටියදී මුහුදේ ගහගෙන ගිය රුසියන් යුවලක් බේරාගැනීමට මුහුදට පැන්න හෝටල් ජීවිත ආරක්ෂක නිළධාරියෙකු මුහුදේ ගිලී මියගොස් ඇති බවත් මුහුදේ ගහගෙන ගිය රුසියන් යුවලක් ඇතුළු සිව්දෙනෙකු බේරාගැනීමට ප්‍රදේශයේ තරුණ පිරිසක් සමත්ව ඇති බවත් කළුතර උතුර පොලිසිය පවසයි . 23 July 2023
උතුරු නැගෙනහිර ගැටලුවට සර්ව පාක්ෂික සමුළුවක් උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීම සම්බන්ධයෙන් පොදු සම්මුතියක් ඇති කර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට අදහස් කරගෙන සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. 23 July 2023
‘රාජ්‍ය ව්‍යාපාරවලට මින්පසු රජයෙන් සල්ලි නෑ’ රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යෑම සඳහා මුදල් තවදුරටත් නොදීමට මහා භාණ්ඩාගාරය තීරණය කර ඇත 23 July 2023
ඔි.අයි.සී.ට අල්ලස් දෙන්න ගිහින් වැඩ වරදී පැමිණිල්ලක් තමන්ට වාසි සහගත වන ලෙස ඉල්ලා ගලේවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල බණ්ඩාර මහතාට රුපියල් 5000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා දීමට උත්සාහ කළේ යැයි කියන පුද්ගලයකුපොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශය විසින් ඒ මොහොතේම සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 23 July 2023
දී ඇල් ඔයේ මළ සිරුරක් හීන්දෙනිය-පට්ටිගොඩ ප්‍රදේශයේ දී ඇල් ඔයේ තිබී තරුණ මළසිරුරක් අද( 23) සොයාගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි. 23 July 2023
හග්ගල රක්ෂිතයේ ගින්නක් නුවරඑළිය, හග්ගල අති සංවේදී දැඩි ස්වාභාවික රක්ෂිත වනාන්තරය තුළ අද (23) ගින්නක් හට ගෙන ඇතැයි හග්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි. 23 July 2023
සොරකමේ ගිය හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනාට වැඩ වරදී අතුරුගිරිය ප්‍රදේශයේ උත්සව ශාලාවක කාමරයකට සොරෙන් ඇතුලු වී එහි තිබූ ජංගම දුරකතන තුනක් සොරාගත් පනාගොඩ යුධ හමුදා කදවුරට අනුයුක්ත හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි 23 July 2023
එළවළු බීජ ආනයනය නවත්වන්න යයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 2030 වනවිට එළවළු බීජ ආනයනය සියයට 100කින් නතර කිරීම සඳහා අවශ්‍ය බීජ නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙළක් අරැඹු බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 23 July 2023
බංකොළොත් බව සොයන කමිටුවට උපදෙස් ගන්න විශේෂඥ මණ්ඩලයක් රටේ ආර්ථික බංකොළොත්භාවය පිළිබඳ කරුණු සෙවීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු සඳහා විශේෂඥ උපදෙස් ලබා ගැනීමට විශේෂිත විද්වත් මණ්ඩලයක් පත්කර ගැනීමට තීරණය කර ඇතැයි එම කාරක සභාවේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය. 23 July 2023
ලාෆ් ගෑස්වලට ඇමැති මාසයක් කල්දෙයි ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල ද මාසයක් තුළ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිලට සමාන කළ යුතු බව ලාෆ් සමාගමට දැනුම් දුන් බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. 23 July 2023
මහබැංකු බෝම්බයේ ප්‍රධාන චූදිතයාට නිදහස ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් දීර්ඝ කාලීන සිරදඬුවම් විඳිමින් සිටී එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයින් යැයි කියන දෙමළ ජාතික සිරකරුවන් දෙදෙනකු ජනාධිපති පොදු සමාව යටතේ පසුගියදා නිදහස් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. 23 July 2023
ඇල්පිටියේ තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් ඇල්පිටිය නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරිමේ ව්‍යාපාරික තෙමහල් ගොඩනැගිල්ලක අද (23) පෙරවරුවේ හදිසි ගින්නක් ඇතිවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි. 23 July 2023
සැකකරුගෙන් ගත් හෙරොයින් පොලීසියට නොදුන් පීසී අත්අඩංගුවට මොරටුව අඟුලාන දෙවට පාරේ දී සැකකටයුතු පුද්ගලයකු පරීක්ෂාකර බැලීමේදී ඔහු ළඟ තිබිය දී තිබියදී සොයාගත් හෙරොයින් පැකට් හැට හයක් පොලිස් ස්ථානයට ඉදිරිපත් නොකර නිවසේ සඟවාගෙන සිටි බව කියන අඟුලාන පොලිසියේ රාජකාරිය කරන පොලිස් කොස්තාපල්වරයෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 23 July 2023
තෙල් ලොරිය අධිවෙිගියේ පෙරැළෙයි ලිහිසි තෙල් සහ ග්‍රීස් පටවාගෙන පැමිණෙමින් තිබූ ලොරියක් කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝ මිටර් 5 දශම 9 අතුරුගිරිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වූ බව අධිවේගී රථවාහන පොලිසිය කියයි. 23 July 2023
මීළඟ ජනපති ගැන අනාවැකියක් මීලග ජනාධිපතිවරණයේදී රටේ ජනාධිපතිවරයා බවට පත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය ලබා දෙන අපේක්ෂකයා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 23 July 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026