(තිසර සමල්)
දෝහා කටාර් රාජ්‍යයයේ විදේශ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ ගණනින් මුදල් වංචා කළ එප්පාවල, එළියදිවුල්වැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විදේශ සේවා නියුක්ති කාර්යංශය අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ දෝහා කටාර් රාජ්‍යයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ බවට පැමිණිලි 06ක් ලැබුණු බවත් එම පිරිසගෙන් රුපියල් ලක්ෂ 16 ක් පමණ මුදල් වංචා කර ඇතැයි ද පොලිසිය කියයි. මෙම පුද්ගලයාගේ වංචාවට හසුවූ පිරිස් මුදල් බැංකු ගත කළ රිසිට්පත් මගින් තහවුරු වී ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
මෙම පුද්ගලයා විසින් විශ්‍රාමික යුද, ගුවන් හා නාවික යන ත්‍රිවිද හමුදා නිළධාරීන් හා පොලිස් නිළධාරීන්ට මෙලෙස විශාල වශයෙන් වංචා සිදු කර ඇති බවත්, දෝහා කටාර් රාජ්‍යයේ පෞද්ගලික ආරක්ෂක අංශයක රැකියා සඳහා යොමු කරන බවට පවසා මෙලෙස වංචා කර ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශ නිළධාරීන් පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
හිටපු හමුදා සෙබළුන්ගේ රට රැකියා සිහින බොඳ කරලා
Bamunuarachchi Sunday, 10 September 2023 07:04 PM
ගැටේට අසුවෙලා තිබෙන්නේ පොලිස්, හමුදා නිලධාරීන්. අනිත් මිනිස්සු ගැන කියනුම කවරේද? කවදා හරි අනුරවත් ඔහොම මාංචු දාලා අරන් යාවි මිනිස්සු රැවැට්ටුවාට..