නිධන් හාරන්න පී.සී ගෙන් ආරක්ෂාව පූඩළුඔය පුසුල්පිටිය විහාරස්ථානයේ පිටුපස නිදන් හාරමින් සිටි පොලිස් සැරයන්වරයකු ඇතුලු සිව් දෙනකු අත්තඩංගුවට ගත් බව පූඩළුඔය පොලිස් ස්තානාධිපති සුගත් විජේසුන්දර මහතා පවසයි . 31 January 2023
ඇන්තූරියම් - අන්නාසි නව ප්‍රභේද කුලියාපිටිය මාකඳුර කෘෂිකර්ම පර්යේෂණ ආයතනය විසින් නව දෙමුහුන් ඇන්තූරියම් විශේෂ 44ක් හා අන්නාසි ප්‍රභේද දෙකක් හඳුන්වා දී තිබේ. 31 January 2023
සජබ ප්රචාරක රැස්වීමක් මතුගමදී සමගි ජන බලවේගයේ මැතිවරණ ප්රචාරක රැස්වීමක් විපක්ෂ නායක සහ සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වෙයන් මතුගම ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. 30 January 2023
අයියා මලෝ තිදෙනාට කසිප්පු පොවලා හම්බන්තොට බැල්ලගස්වැව ප්‍රදේශයේ පුද්ගලයකු බාල වයස්කාර සහෝදරයන් තිදෙනකුට කසිප්පු පොවා ඇතැයි හම්බන්තොට වරාය පොලීසිය කියයි. 30 January 2023
ගොඩ ආ මිනිමුතු මෝරා මාදැලකට හසුවි නාවක්කාඩු වෙරළකට ආ දැවැන්ත මීනිමුතු මෝරකු නාවික හමුදා වෝටර් ජේට් යාත්‍රාවකින් ධීවරයන්ගේ සහයෝගයෙන් නැවත මුහුදට යැවිමට කටයුතු කළ බව නොරෝච්චෝල පොලිසිය 30 කියයි. 30 January 2023
මානව හිමිකම් කොමිසම උසාවි යයි උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අඛණ්ඩව විදුලිය ලබාදීමට මානව හිමිකම් කොමිසම කළ විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අධිකාරි බලයට අපහාස කළැයි චෝදනා කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු පිරිසකට එරෙහිව මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට ඇති පැමිණීල්ල ඉදිරි කටයුතු සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත යොමු අද යොමු කළේය. 30 January 2023
බොලිවුඩ් තරු හරීන් හමුවට බොලිවුඩයේ සිනමාවෙිදීන් වන සංජය කපූර්, චුන්කි පාන්ඩේ සහ සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් කොළඹදී සිදුවිය. 30 January 2023
ජාජබ රැලියට මහ සෙනඟක් ජාතික ජනබලවේගය සංවිධානය කළ ජනතා රැලියක් අද සවස අම්බලන්තොට ජනතා ජනතා අම්බලන්තොට නගරයේ දී පැවැත්විණි. 30 January 2023
කැළණි වැලි මාර්ගයේ රියදුරුට හෝල්ට් අමතක වෙයි කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (30) පස්වරු 04.00 ට කොස්ගම බලා ධාවනය වූ දුම්රිය රියදුරුට කිරුලපන දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කිරීමට අමතක වීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත් වූහ. 30 January 2023
උසස් පෙළ සිසුන්ට එළිය දෙන්න සැලසුමක් උසස් පෙල විභාගය පැවත්වෙන පෙබරවාරි 17 වැනිදා දක්වා අඛන්ඩව විදුලි සැපයුමට ජල බලාගාර ක්‍රියාත්මක කිරීම සදහා ප්‍රමාණවත් ජලය සැපයීම සම්බන්ධයෙන් ජල කළමනාකරණ කාර්යාලය පෙබරවාරි 1 වැනිදින නැවත රැස්වී තීරණය කර ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 30 January 2023
සංස්කෘතිය රකින්න ජනාධිපති අණින් පියවරක් සිංහල සංස්කෘතික ආයතනය පවත්වාගෙන යාම සහ එහි ඉදිරි කටයුතු වෙනුවෙන් සුදුසු අමාත්‍ය මණ්ඩල සංදේශයක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාට උපදෙස් දුන්නේය. 30 January 2023
අධිකරණ දෙකකට විනිසුරුවරුන් තිදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් තිදෙනෙකු පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය අද (30) හිමිවී ඇත. 30 January 2023
කැමරා අධ්යක්ෂ දැරියට අමුතු පින්තූරයක් පෙන්නලා හෝමාගම මූලික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ සිටි දස හැවිරිදි බාලවයස්කාර දැරියකට රහස් ප්‍රදේශය පෙන්වූ බව කියන කැමරා අධ්‍යක්ෂකවරයකු අල්ලා පොලීසියට බාර දුන් බව හෝමාගම රෝහල් ආරංචි මාර්ග පවසයි. 30 January 2023
‘මක්කල්’ ප්‍රජාව ගැන ලංකා සභාවෙන් නිවේදනයක් ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුවට මූලික පදනම දැමූ තේ කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා කටයුතු කරන ‘මලයාග මක්කල්’ ප්‍රජාව හෙවත් ‘ඉන්දියානු දෙමළ’ එසේත් නැත්නම් ‘උඩරට දමිල’ ප්‍රජාව විවිධාකාරයෙන් වෙනස් කර සැළකීම තුරන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයට සහ ජනතාවට ආරාධනා කරන බවත් එමගින් ඔවුන්ට සත්‍ය වශයෙන්ම බහු ආගමික සහ බහු වාර්ගික ශ්‍රී ලංකාවක සමාන පුරවැසියන් බවට පත්විය හැකි බවත් ‘ලංකා සභාව’ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 30 January 2023
විදුලි බල මණ්ඩලය ඔන්ලයින් ගෙවීම් යළි අරඹයි ලංකා විදුලිබල මණ්ඩලයේ අන්තර්ජාල ගෙවීම් පද්ධතිය (ඔන්ලයින් ගෙවීම්) නැවත ආරම්භ කළ බව එම මණ්ඩලය පවසයි. 30 January 2023
අදයි - හෙටයි ලයිට් කපන්නෑ විදුලි කප්පාදුව අද සහ හෙට (30 සහ 31) දෙදින අත්හිටුවීමට විදුලිබල මණ්ඩලය තීරණය කළ බව එහි උසස් නිලධාරියෙක් පැවසීය. 30 January 2023
පාකිස්තාන පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් පාකිස්තානයේ පෙෂාවොර් නුවර, පොලිස් මූලස්ථානය තුළ පිහිටි මුස්ලිම් පල්ලියට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 30 January 2023
‘‘රටට අවශ්‍ය ටින්මාළු මෙරටදී නිෂ්පාදනය කරනවා‘‘ රටට අවශ්‍ය ටින්මාළු මෙරට නිෂ්පාදනය කරන බව ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ටෙස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ශිරාන් ප්‍රනාන්දු මහතා පවසයි. 30 January 2023
පාර්ලිමේන්තුව අවසන් කිරීම ජී.එල් හෙළා දකියි පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමේ යටි අරමුණ පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවට ආණ්ඩුවේ මන්ත්‍රීවරු පත්කරගෙන විශාල දූෂණ වංචා ඔස්සේ සාක්කු පුරවා ගැනීම බවත් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ තීරණය දැඩි ලෙස හෙළා දකින බවත් ‘නිදහස් ජනතා සන්ධානයේ’ ප්‍රධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (30) පැවසීය. 30 January 2023
දෑතේ හයියෙන් මගි දිවි බේරෙයි බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ බසයක තිරිංග ක්‍රියාවිරහිත වී ප්‍රපාතයට ඇදී යද්දී බස් රථය පස් කන්දකට අල්ලා නතර කරගැනීමට එහි රියැදුර සමනත්වීම නිසා මගීහු පනහකට අධික මගින් පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකි වී ඇතැයි පොලීසිය කියයි. 30 January 2023
මුදලිගේ වෙනුවෙන් අත්සන් ලේඛන 12,000ක් නීතිපතිට අරගලයේ සාමාජිකයකු වූ වසන්ත මුදලිගෙට නිදහස ඉල්ලා අත්සන් ලේඛන 12,000ක් නීතිපති දෙපාර්තමේන්තුවට බාරදීම අද පෙරවරුවේ සිදු විණි. 30 January 2023
ධනුෂ්කට ක්‍රිකට් පිටිය අහිමි වෙයි? ඕස්ටේ්රලියාවේදී පසුගිය වසර අග පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටියදී කාන්තාවකට අතවර කළේ යැයි අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම දේවල්වලට සම්බන්ධ වීම තහනම් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී තිබේ. 30 January 2023
බදුවලට එරෙහිව වරාය දොරටුව වහයි රජයේ නව බදුවලට එරෙහිව වරාය සොවකයෝ අදත් වරාය ප්‍රධාන පිවිසුම අදලදී විරෝධතාවක නිතර වූහ. 30 January 2023
නිදහස දා කළු කොඩි එල්ලන්න යයි දෙමළ ජාතික සන්ධානය හා උතුරු නැගෙනහිර පළාත්වල සිවිල් සංවිධාන 75 වන ජාතික නිදහස් උළෙල දිනය කලූ කොඩි දිනයක් වශයෙන් සැමරීමටත් තීරණය කර ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පවසයි. 30 January 2023
කොළඹ වැඩ ඉක්මනට කරන්න කොළඹ අග නගර නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි වැඩ කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දුන්නේය. 30 January 2023
ඉන්දීය සෞඛ්‍ය ඇමැතිට පොලිසිය වෙඩි තියලා ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැති නබා කිසෝර් දාස්, පොලිස් නිලධාරියකු කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය. 30 January 2023
යකඩ දෑතින් පෝර හදන කම්හලක් ඇරෙයි ශ්‍රී ලංකාවේ කාබනික කැට පොහොර නිෂ්පාදනය කෙරෙන විශාලතම කර්මාන්ත ශාලාවක් පන්නල, එලිබ්ච්චියේ දී අද (30)ප්‍රදේශයේ දී විවෘත කෙරිණි. 30 January 2023
විදුලියට ජලය දෙන්න ජල ලේකම් කාර්යාලය සූදානම් ඉදිරි දින දෙක සඳහා ජල විදුලිය උත්පාදනයට ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් ජලාශවලින් නිකුත් කිරීමට ජල කළමණාකරණ ලේකම් කාර්යාලය එකඟ වූ බව මහජන උපයෝගිතා කොමිසම පැවසීය. 30 January 2023
රටේ බංකොලොත් ස්ටිකරය තව ටික දවසයි තව ටික කලකින් ලංකාවේ බංකොලොත් ස්ටිකරය ගැලවී යනු ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 30 January 2023
ඔරුගොඩවත්තේ විභාග වංචාවක් විගණනයන් හෙළිවේ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය යටතේ පවතින ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ 2020 වර්ෂයේ පූර්ණ කාලීන පාඨමාලාවන් සඳහා ආධුනිකයන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය වංචනික අයුරින් කර සුදුසුකම් සහිත ආධුනිකයන් තිස් දෙනකු සිටිය දී සුදුසුකම් නොලැබූ ආධුනිකයන් විසි දෙනකු තෝරාගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 30 January 2023
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026