IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මාසයක් මුහුද යට ඉන්න නැවතුම්පොළක්

(විමුක්ති එස් රුද්‍රිගු)

මුහුද යට වරකට මාසයකට ආසන්න කාලයක් ජීවත් විය හැකි නැවතුම්පොළක් ඉදිකිරීමට ඩීප් පර්යේෂණාගාරයේ විද්‍යාඥයන් පිරිසක් සැලසුම් කර ඇත.වේල්සයේ මුහුදු වෙරළ ආසන්නයේ මුහුදු මට්ටමේ සිට අඩි 660 ක් පහළින් මෙම නැවතුම්පොළ ඉදිකිරිමට තීරණය කර තිබේ.
මුහුදේ ඉර එළිය වැටෙන කලාපයේ සිටින සියයට 90 ක් මුහුදු ජීවින් අධ්‍යනය කිරීම සඳහා පර්යේෂකයන්ට මෙම නවාතැන්පොළ  යොදා ගැනීමට හැකියාව තිබෙන බව විද්‍යාඥයන් පිරිස පෙන්වා දී ඇත.මතුපිටට පැමිණීමකින් තොරව පර්යේෂකයන්ට මෙම නවාතැන්පොළ තුළ වරකට දවස් 28 ක් ජීවත් විය හැකි බව ඩීප් සමාගම පවසා තිබේ.
ඩීප් යනු සාගරය තුළ භාවිත කළ හැකි තාක්ෂණය පිළිබඳ  පර්යේෂණයන් සහ ගවේෂණයන් සිදු කරන සමාගමකි.මුහුද මතුපිට සිට ජීවින් අධ්‍යනය කරනවාට වඩා එම මුහුදු ජීවින් සමඟ ජීවත් වෙමින් අධ්‍යනයන් සිදු කිරීම මගින් මෙතෙක් පර්යේෂණ සිදුකළ ආකාරයේ වෙනසක් සිදු වනු ඇතැයි ඩීප් සමාගම පෙන්වා දී ඇත.
මෙම නවාතැන්පොළ 2027 වසර වනවිට ඉදිකර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ඩීප් සමාගම පවසා තිබේ.

 



අදහස් (1)

මාසයක් මුහුද යට ඉන්න නැවතුම්පොළක්

Bunny Preena Saturday, 09 September 2023 10:23 AM

ලොකුකම පෙන්නන්නත් එක්ක සමහරු යයි. නමුත් හොඳ සුව නින්දක් ලැබෙයි කියන එකනම් බොරු. නිදා ගන්න ගිහින් ඇස්දෙක පියවෙන්න ඉස්සෙල්ලා කොහෙන් හරි වතුර කාන්දුවක් හදිසියේ ඇති වුණොත් මොනවා වෙයිද කියලා හිතුණොත්? 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 311 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site