IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොළඹ ඇළ වේලි සුද්ද කිරීම අරඹයි

 

 (අංජුල මහික වීරරත්න)

කොළඹ නගරය සහ අවට ප්‍රදේශ වල ගංවතුර පාලනය සඳහා ඇල වේලි ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන ඇරඹූ බව නගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය පවසයි.

මෙම ව්‍යාපෘතිය සඳහා මහා භාණ්ඩාගාරය විසින් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට රුපියල් මිලියන 595 ක භණ්ඩාගාර ප්‍රතිපාදන වෙන්කර තිබේ.

කොළඹ නගරයේ ප්‍රධාන ඇල මාර්ග පද්ධතිය කිලෝමීටර 44කින් සමන්විත වන අතර මෙම බොහෝ වැව් හා ඇළ මාර්ගවල ජපන් ජබර වැනි ආක්‍රමණශීලි වල් පැළැටි සහ දුගඳ හමන, රොන් මඩ, ප්ලාස්ටික් බෝතල්, බියර් කෑන්, සෙරෙප්පු, සනීපාරක්ෂක ද්‍රව්‍ය, අප ජලය හා තෙල් වර්ග ආදියෙන් පිරී පවතින බවත්  මේ හේතුවෙන් ඉතා සුළු වර්ෂා තත්ත්වයකදී වුවද කොළඹ නගරයේ ප්‍රධාන මං මාවත් වතුරෙන් යටවන බවත් අමාත්‍යාංශය කියයි.

එබැවින් කොළඹ නගරය හා ඒ අව‍ට පිහිටි ප්‍රධාන ඇල මාර්ග පද්ධතිය, ජල රැඳවුම් හා ඒ ආශ්‍රිත ව්‍යායාම මංතීරු පොකුණු හා උද්‍යාන නඩත්තු කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට උපදෙස් දී තිබේ.



අදහස් (2)

කොළඹ ඇළ වේලි සුද්ද කිරීම අරඹයි

Nimal Thursday, 07 September 2023 12:44 PM

අශ්වයා ගියාට පසු ස්ථාලය වැසීම බොහෝම හොඳයි. ඔය ඇලවේලි කළින් සුද්ද කරලා තිබුණේ නැතිනම් සමහර නිවාස ජලයෙන් යටවෙන්නේ නැහැනේ..

:       1       19

Nihal Thursday, 07 September 2023 02:49 PM

නගර වල කාණු තියෙන්වනේ වතුර ගලා බසින්න මිස කුණු දමන්න නොවෙයිනේ කාණුවක් දෙස බලන්න ප්ලාස්ටික් බෝතල්,පොලිතින් නොයෙක් අපද්‍රව්‍ය පිරිලා වතුර හිරවෙලා මදුරු කීට පොල් කුඩු ගානට මේ ලස්සන රට අපිරිසිදු කරලා ,කනවා බොනවා විසිකරනවා මේවා කරන්නේ ආත්මාර්ථකාමී කූහකයින් පමණයි,වතුර එක බොන බෝතලය හොද මිනිස්සුන් ඒක ගෙදරට අරං යනවා,පරිසරය වනසන්නා සදාකාලික දිලින්දෙකි, ලෝකේ ඕනෑම අපිරීසිදු රටක් ඉතා දිළිදුය,ගෙදරක් උනත් එසේය

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 311 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site