IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


’’එක්කෙනෙක් යන තුරු එක්කෙනෙක් කෙල හලනවා’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සෞඛ්‍ය ඇමති විශ්වාස භංගයෙන් පැරදුනොත් ඒ තනතුර ගන්න විපක්ෂයේ කෙනෙක් කෙළ හලාගෙන බලා ඉන්න බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම නිසා සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි  විශ්වාසභංගයේ යටි අරමුණු ක්‍රියාත්මක වන බවද හේරත් මහතා කීය.

ආණ්ඩුව සෞඛ්‍ය අර්බුදයක් නැතැයි කියන්න උත්සාහ කලත් ආණ්ඩුව රටේ සෞඛ්‍ය වට්ටමින් සිටින බව කී මන්ත්‍රීවරයා සෞඛ්‍ය ඇමතිවරයා ම ඊට  වගකිව යුතු යැයි තමා කියන්නේ නැතැයි ද මෙය ආණ්ඩුවේම සෞඛ්‍ය  ප්‍රතිපත්තිවලට එරෙහි විශ්වාසභංගයක් බව සඳහන් කළේය.

අද වන විට හිතාමතාම සෞඛ්‍ය පද්ධතිය කඩා වට්ටවනවාද යන බරපතල සැකය ජනතාවට ඇතිවී තිබෙන්නේ යැයි කී මන්ත්‍රීවරයා ජනතාව ආණ්ඩුවේ රෝහල්  වලට  යාම නතර කළොත්  අයි.එම්.එෆ් න්‍යාය පත්‍රයට අනුව පෞද්ගලීකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට ආණ්ඩුවට අවස්ථාව ලැබෙන බව ද කීය.

 



අදහස් (7)

’’එක්කෙනෙක් යන තුරු එක්කෙනෙක් කෙල හලනවා’’

සෙනෙවිරත්න Thursday, 07 September 2023 04:01 PM

ඔබගේ දැක්ම ඉහළයි. සමස්ථ ක්‍රියාවලියම කුණුවී ඕජස් ගලන කල එක අංශයක් ගැන කතාකිරීම විහිලුවකි. ඇමතිමාරුවූ පමණිින් විසඳුමක් නැත. ඒ හොරා වෙනුවට බී හොරා ඒම පමණි

:       5       22

Bunny Preena Thursday, 07 September 2023 04:17 PM

තනතුරින් කෙනෙක් ඉවත් වුණා නම් හෝ ඉවත් කළා නම් එතැන තියෙන පුරප්පාඩුවට වෙනත් කෙනෙක් පත්කළ යුතුමයි.

:       2       9

මැක්ස් Thursday, 07 September 2023 08:07 PM

පාර්ලිමේන්තුව ඇතුළත මීටර සියය දුවමින් රනිල් අගමැති රැක ගන්නට ක්‍රියා කළ ඔබත්, ඔබේ නායක අකුදීත් ඒ බෝට්ටුවේම තමයි. ලොක්කා ජනාධිපති කමටත්, ඔබ තවත් ඇමැති තනතුරකටත් කෙළ හලමින් තමයි දේශපාලනය කරන්නේ...!

:       1       0

Bamunuarachchi Thursday, 07 September 2023 10:52 PM

ඔවුන් එක්කෙනෙක් යනතුරු බලන් ඉන්නවා. ඔබලා ඉන්න කෙනාව එළියට දාලා එයාගේ තැන ගන්නවා. පාස්කු ප්‍රහාරකයාගේ තාත්තාට ලැයිස්තුවෙන් මන්ත්‍රී කමක් දෙන්න ගිය ගොයියොනේ මේ කථා කරන්නේ. පව් නේද?

:       1       2

pj Friday, 08 September 2023 01:58 AM

ඔයාල දන්නා දවසේ ඉඳලම බලය ගන්න කෙළහලනව. මෙතෙක් වෙලා තිබෙන්නෙ කෙළ හැලීම ම පමණයි.

:       1       2

සෙනෙවිරත්න Friday, 08 September 2023 12:09 PM

කෙල නම් හලන්නෙ නැහැ, මේ අය දැක්කම සමහරුන්ට බඩ යනව බයට, කවදහරි බලයට ආවොත් හිරේ ඉන්න වෙයි කියල, ඒකයි මෙතනත් අවලාද කියන්නෙ. තමුන්නැහැලා චන්දයක් දීල තියෙනවද මෙතෙක් හරි පැත්තකට? ඒකයි රට මේ තත්ත්වයට පත් උනේ

:       2       1

Bamunuarachchi Friday, 08 September 2023 06:32 PM

සෙනවිරත්න 1971, 1989, 2022 හිටියේ කොහේද? ඔය මිනිස්සු රටට කරපු නස්පැත්තිය නිසයි මේ රටට මෙහෙම වුණේ. රටට රැකියා සපයපු විදෙස් ව්‍යාපාරිකයෝ කර්මාන්තකරුවන් රටින් පැන්නුවේ ඔය කාලකන්නි... ලංකාවේ තිබුන බ්‍රිටිෂ්, ප්‍රංස, ඇමරිකන්, බෝරා සමාගම් අකුලා ගෙන ගියා. රටේ මිනිසුන්ගේ හිත්වලට වෛරය, ඊර්ෂාව, ක්‍රෝධය ඇතුල් කළේ මේ කාලකන්නි ටික... මොවුන්ට බයවෙන්න දෙයක් නැහැ... ප්‍රේමදාස ලස්සනට වැඩේ කළා. අපි ඝෝඨාභය පත්කළේ ප්‍රේමදාසගේ තැන ගන්නයි... නමුත් එයා ඒක කලේ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 311 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site