IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගස පාරට වැටී දින තුනක් එය තවමත් එසේමයි

(චින්තක ක්‍රිෂාන්ත බාලසූරිය)

අනුරාධපුර, ගනේවල්පොල ගලෙන්බිදුනුවැව B133 මාර්ගගයට දින හතරකට පෙර කඩා වැටුණු විශාල ගසක් තවමත් ඉවත් නොකිරීම නිසා එහි ගමන් ගමනයට බාධා එල්ල වි තිබේ.

මාර්ගයේ එක් මංතීරුවක් වැසෙන ආකාරයට එම ගස වැටී ඇත. 

ගසේහි මුලට යම් පිරිසක් හො පුද්ගලයකු විසින් තැබු ගින්නක් හේතුවෙන් ⁣ගස මාර්ගයට වැටි ඇති අතර මාර්ගය ආසන්නයෙන් ගමන් කරන දුරකතන රැහැන් පද්ධතිය ද බිමට බරවී තිබේ.

මාර්ගයට වැටි ඇති ගස වටා රතු ඉටි කවර යොදා ඇති අතර ගස වැටි දින තුනක් ගතවී තිබුණ ද මේ දක්වා ගස ඉවත් කිරිමට කිසිවකු ක්‍රියාකර නැත.

 



අදහස් (5)

ගස පාරට වැටී දින තුනක් එය තවමත් එසේමයි

Saththaya Thursday, 07 September 2023 07:47 AM

හැමදේම එහෙමයි. ඉස්සල්ලාම සියලු බලධාරින් රට වෙනුවෙන් තමන්ගේ වගකීම් ඉටුකරන්න ඕනේ දිවා රෑ නොබලා... දුම්රිය හරස්පාර වල බෙල් දින තුනකට වැඩිය එක දිගටම වදිනවා. ඒවා බලන්න කව්රුත් නැහැ. ඕක තමයි රටේ තත්වය. මේ රට හැදෙයිද?

:       2       6

ගරු ඇමති උතුමාණන් වහන්සේ.Thursday, 07 September 2023 09:18 AM

හලෝ, අපි වගේ වැදගත් බලධාරීන්ට කියන්නේ කොච්චි පාර ලඟට වෙලා බෙල් එක වදිනවාද, නැතිද, වැඩියෙන් වදිනවාද.. වගේ අනවශ්‍ය දේවල් වලට අපේ වටිනා කාලය නාස්ති කරන්න කියලද? ඔයා වගේ රස්සාවක් නැති කෙනෙක්ට ඒ වැඩේ හොඳයි. මුලින්ම අපි අපේ ආරක්ෂාව තහවුරු කරගත යුතුයි. ඒ සඳහා අපිට ඉන්න පොලිස් බට්ටන්ට හොඳට සලකන්න අවශ්‍යයි. මොකද ඔවුන් අප්සට් ගැහුවොත් ගමේ රටේ මගේ තරහකාරයින් මාව මරනවා. ඔවුන් කියන්නේ මම හොරාලු. ඉතින් මම විතරද හොරකම් කරන අයට ඉන්නේ? ලොක්කාට පුලුවන් නම් මහා බැංකුව බිඳින්න, මට බැරිද ග්‍රාමීය බැංකුව බිඳින්න? රටේ මිනිස්සුන්ට ප්‍රශ්න නැහැ. මේ විරුද්ධ පක්ෂවල ඉන්න කම්මැලියෝ අපිට මඩ ගහනවා.

:       3       9

kotiya Thursday, 07 September 2023 10:01 AM

පාරේ යන එවුන් එකා එකා, එක අතු කෑල්ල ගානේ අරන් ගියත් මෙලහට ගහ අයින් වෙලා. නොදකින් මේ රටේ එවුන්. හැම එකටම දේශපාලකයින්ටයි නිළධාරින්ටයි බැන බැන ඉන්නවා.

:       1       6

ලසන්ත Thursday, 07 September 2023 11:22 AM

ගසේ අයිතිය ගැන ප්‍රශ්නයක් ඇති... ඒකට පිල් බෙදීමක් වෙන්න නැත්නම් ඒ ගහ නොවටිනා එකක් වෙන්න පුළුවන් ....

:       0       2

Bunny Preena Thursday, 07 September 2023 01:49 PM

ගහේ කොළ කිලෝවක මිල රුපියල් 500.මිනිස්සු ඒ ගැන දැනුවත් වෙලා නැතිද කොහෙද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 311 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site