IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘චැනල් 4 නාලිකාව’ට කෘත්‍යඥාතාව පළ කරනවා

(යොහාන් භාසුර)

පාස්කු ඉරුදින ප්‍රහාර පසුපස තිබූ කුමන්ත්‍රණය සහ එයට සම්බන්ධව සිටියා යැයි කියන පුද්ගලයන් පිළිබඳව බි්‍රතාන්‍ය ‘චැනල් 4 නාලිකාව’ කළ වාර්තාව වැඩසටහන සම්බන්ධයෙන් සහ ඒ සඳහා වෙහෙසුණු සැමට කෘත්‍යඥාතාව පළකරන බවත් එම වාර්තාව විමර්ශනයින් පසුව පිළිගැනීමට සූදානම් බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (6) පැවසූහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ බොරැල්ල අගරදගුරු මැදුරේදී අද (6) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසූහ.

‘චැනල් 4 නාලිකාව’ වාර්තා වැඩසටහනෙන් හෙළි කළ ‘පාස්කු ඉරිදා ප්‍රහාරය’ පසු පස තිබුණා යැයි කියන කුමන්ත්‍රණය හා බැදුණ සියලු වැඳගත් කරුණු මෙන්ම පුද්ගලයන් පිළිබඳව, පාස්කු ප්‍රහාර පිළිබඳව මේ දක්වා කර ඇති විමර්ශන සහ කොමිසන් සභා වාර්තාවලින් හෙළි වුණද නිසි විමර්ශනයකට ලක්නොවූ කරුණු පිළිබඳව ද අපක්‍ෂපාතී සාධාරණ පුළුල් විමර්ශනයක් ආරම්භ යුතු බවත් එම විමර්ශනය ස්වාධීනව කිරීම සඳහා එම විමර්ශනයට ලක්වන පොලිසියේ උසස් තනතුරු දරන සියලුම නිලධාරීන්ගේ සේවය විමර්ශන නිමාවන තෙක් අත්හිටුවිය යුතු බවත් අගරදගුරුතුමා කීහ.

එම ප්‍රහාරයේ වින්දිතයන් සාධාරණය ඉල්ලා සිටිය ද නොදෙන පසුබිම තුළ මෙරට සියලුම දෙනාට එම වැඩසටහනේදී ඉදිරිපත් වූ කරුණු පිළිබඳව අවවදානය යොමු කළ යුතු බව ද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා වැඩි දුරටත් කීහ.

 



අදහස් (5)

‘චැනල් 4 නාලිකාව’ට කෘත්‍යඥාතාව පළ කරනවා

sam Wednesday, 06 September 2023 09:20 PM

පාස්කු ප්‍රහාරය සම්බන්දව Channel 4 නාලිකාව මගින් පුද්ගලයකු රාජපක්ෂලා පිළිබද කරන්නා වූ හෙළි කිරීම් තුල බලය අහිමිවී ගිය රාජපක්ෂවරුන් නැවත බලයට ගෙන ඒමට මෙම කණ්ඩායම විසින් ප්‍රහාරය සිදුකලා මිස, නැවත රාජපක්ෂවරුන් බලයට පැමිණීමට රාජපක්ෂලා විසින්ම, ඔවුන්ගේ උපදෙස් සහ ඍජු මැදිහත්වීම මත මෙම ප්‍රහාරය සිදු කර නොමැති බව පැහැදිලිවේ. එසේ උවත් රාජපක්ෂලා වෙනුවෙන් ප්‍රහාරයක් දියවූ බව පැහැදිලිය. ලසන්ත ඝාතනය පිළිබඳවද අසාද් මවුලානා මවුලානා නැමති පුද්ගලයා නිහඬව සිට තිබේ. ඔහුගේ මරණයට පෙර ලසන්තව මුණ ගැසී මේ පිළිබඳව ඔහු හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන් හෝ පොලිසිය දැනුවත් කිරීම වෙනුවට ඔහු මරණයට පත්ව වසර ගණනාවකට පසු මේ පිළිබඳව හෙළි කිරිම කණගාටුවට කරුණකි.

:       38       22

Bamunuarachchi Thursday, 07 September 2023 09:43 AM

කාදිනල් උන්නැහේ රාජපක්ෂ ලට බලය දුන්නේ සිංහල බෞද්ධයෝ. ලෝකේ හැම තැනම මුස්ලිම් කාරයෝ අන්‍යආගමිකයෝ මරන්නේ රාජපක්ෂලා කියලා නොවෙයි. 2018 මුස්ලිම් කාරයෝ ඉන්දියාවේ මුම්බායි හෝටලේ අහිංසක මිනිස්සු මැරුවේ රාජපක්ෂලා කියලා නොවෙයි කොරානයේ කියන නිසා. හැබැයි පල්ලි වලට විතරක් නොවෙයි පන්සල් වලටත් ඔය මුස්ලිම් සෙට් එක නුදුරු අනාගතේ ගහනවා ෂුවර්. යහපාලන කාලේ පොලිස්සියෙන් අල්ලපු හම්බ ත්‍රස්තයෝ ටික අසාද්සාලි බේරාගෙන ගියේ රාජපක්ෂලා කියලා නොවෙයි රනිල් ගේ අනුදැනුම ඇතුව.

:       7       14

Bamunuarachchi Thursday, 07 September 2023 09:51 AM

චැනල් 4 කාරයෝ හිනා වෙනවා ඇති අපි ඔන්න තවත් ගින්නක් දුන්න අපිට ගානක් ලැබුනා කියලා. මුස්ලිම් කාරයෝ ක්‍රිස්තියානි කාරයෝ ඕන මගුලක් කර ගත්තාවේ කියලා අපි අහක බලාගත්තාම ඉවරයි. සිරිසේන කලේ ඒකයි. උඹලා මරාගනිල්ල අපට මොකෝ ප්‍රතිපත්තියෙන් අපි ඉමු. ලෝකේ කුරුස යුද්ද කියන්නේ මුන් ගේ අරගල වලට.

:       4       12

Bamunuarachchi Friday, 08 September 2023 10:13 AM

හැබැයි කාදිනල් උන්නැහේ ඔහෙගේත් අනුදැනුම ඇතුව පාස්කු ප්‍රහාරය සිද්ද උනාකියලයි අපි හිතන්නේ. 1. අර ඇඳේ හිටපු ක්‍රිස්තියානි ලෙඩා එයාගේ පුතාට කිව්වානම් අද අහවල් පල්ලි වලට බෝම්බ ගහනවා පල්ලි යන්න එපා කියලා ඒ ක්‍රිස්තියානි කාරයා පල්ලියට නොකියා ඉඳීද? 2. රටේ නායකයෝ ඇඳේ හිටිය ක්‍රිස්තියානි ලෙඩ්ඩු, ඒ ලෙඩ්ඩුන්ට කියයපු මිනිස්සු, ඔක්කොම පාස්කු ප්‍රහාරය වෙන දිනය, පල්ලි, වෙලාව දන්නවානම් කාදිනල් නොදැන සිටීම ලෝක විහිළුවක්. ඔබ රටේ සිදුවන සියළුම ජරමර දන්නවා බෝම්බ ගහන එක දැනගෙන සිටියේ නැහැ කියන එක අපිට පිළිගන්න පුලුවන්ද?

:       1       0

Bamunuarachchi Friday, 08 September 2023 10:19 AM

කාදිනල් උන්නැහේ කියනවා පාස්කු කොමිෂන් වාර්තාව පිටු 70000 ලු. එය සම්පුර්ණයෙන් තවම කියෙව්වේ නැතිලු. කියෙව්වේ නැතිනම් ඔබ කොහොමද චැනල් 4 එකට කටඋත්තර දුන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 311 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site